“ඔහුට දොරටු පාලයා දොර හරියි; බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි.”
උන්වහන්සේ මාව දන්නවද?
මම කනගාටුදායක ලෙස උන්වහන්සේව වැරදියට තේරුම් අරන් ඉන්නකොටද? (යොහන් 20:11-18 බලන්න). දේවධර්මය ගැන හැමදේම දැනගෙනත්, යේසුස්වහන්සේව අඳුනන්නේ නැතුව ඉන්න පුළුවන්. දේවධර්මය ගැන තියෙන දැනුම යේසුස්වහන්සේට වඩා ඉස්සරහට ගිහින්, උන්වහන්සේ සමඟ සමීප සම්බන්ධයක් නැතිවෙලා යනකොට, කෙනෙකුගේ ආත්මය ලොකු අනතුරක තියෙනවා. මරියා ඇඬුවේ ඇයි? ඇයට දේවධර්මය කියන්නේ ඇගේ කකුල් යට තියෙන තණකොළ වගේ දෙයක් විතරයි. ඇත්තටම, දේවධර්මය පැත්තෙන් ඕනෑම පරිසිවරයෙකුට මරියාව මෝඩයෙක් කරන්න තිබුණා. ඒත් යේසුස්වහන්සේ ඇගෙන් යක්ෂයන් හතක් දුරු කළා කියන එකට (ලූක් 8:2 බලන්න) කවදාවත් කාටවත් විහිළුවක් කරන්න බැරි වුණා. හැබැයි උන්වහන්සේගෙන් ලැබුණු ආශීර්වාද, යේසුස්වහන්සේවම දැනගැනීම එක්ක බලද්දී ඇයට කිසිම දෙයක් වගේ වුණේ නැහැ. “…ඈ හැරී බලද්දී යේසුස්වහන්සේ එතැන සිටගෙන ඉන්නවා දැක්කා. නමුත් ඒ යේසුස්වහන්සේ බව ඇය දැනගත්තේ නැහැ…. යේසුස්වහන්සේ ඇයට, ‘මරියා!’ කියලා කතා කළා” (යොහන් 20:14, 16). උන්වහන්සේ ඇගේ නමෙන් කතා කළ ගමන්ම, කතා කළ තැනැත්තා එක්ක තමන්ට පෞද්ගලික ඉතිහාසයක් තියෙනවා කියලා ඇයට එකපාරටම තේරුණා. “ඇය හැරී උන්වහන්සේට, ‘රබ්බෝනි!’ කියලා කිව්වා” (යොහන් 20:16).
මම මුරණ්ඩු විදිහට සැක කරද්දීද? (යොහන් 20:24-29 බලන්න). මම යේසුස්වහන්සේ ගැන මොනවා හරි දෙයක් සැක කරනවද— සමහරවිට අනිත් අය සාක්ෂි දෙන අත්දැකීමක්, හැබැයි මම තවම අත්දැකලා නැති එකක්? අනිත් ගෝලයන් තෝමස්ට කිව්වා, “අපි ස්වාමීන්වහන්සේව දැක්කා” කියලා (යොහන් 20:25). හැබැයි තෝමස් සැක කරලා, “මම දකිනකල්… මම විශ්වාස කරන්නේ නැහැ” කියලා කිව්වා (යොහන් 20:25). තෝමස්ට යේසුස්වහන්සේගේ පෞද්ගලික ස්පර්ශය ඕනේ වුණා. ඒ ස්පර්ශය කවදා ලැබේද කියලා අපි කවදාවත් දන්නේ නැහැ. හැබැයි ඒවා ලැබුණම, ඒවා වචනෙන් විස්තර කරන්න බැරි තරම් වටිනවා. “තෝමස්… උන්වහන්සේට, ‘මගේ ස්වාමීනි, මගේ දෙවියන්වහන්සෙ!’ කියලා කිව්වා” (යොහන් 20:28).
මම ආත්මාර්ථකාමී විදිහට උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා තිබුණු වෙලාවකද? (යොහන් 21:15-17 බලන්න). පේතෘස් දිවුරුම් දීලා, සාප කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කළා (මතෙව් 26:69-75 බලන්න). ඒත් උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ යේසුස්වහන්සේ පේතෘස්ට විතරක් පෙනී සිටියා. යේසුස්වහන්සේ මුලින් පේතෘස්ව පෞද්ගලිකව යථා තත්ත්වයට පත් කළා. ඊට පස්සේ උන්වහන්සේ ඔහුව අනිත් අය ඉදිරියේදීත් යළි පිළිගත්තා. එතකොට පේතෘස් උන්වහන්සේට කිව්වා, “ස්වාමීනි… මම ඔබවහන්සේට ආදරෙයි කියලා ඔබවහන්සේ දන්නවා” (යොහන් 21:17).
මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එක්ක පෞද්ගලික ඉතිහාසයක් තියෙනවාද? සත්‍ය ගෝලත්වයේ එකම ලකුණ තමයි උන්වහන්සේ සමඟ තියෙන සමීප එකමුතුකම— කිසිම දෙයකින් සොලවන්න බැරි යේසුස්වහන්සේ පිළිබඳ දැනුමක්.
ගීතාවලිය 94-96; රෝම 15:14-33
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
මනුෂ්‍යයෙක් කරන දේ නෙමෙයි අවසානයේ වැදගත් වෙන්නේ, ඔහු කරන දේ තුළ ඔහු කෙබඳු කෙනෙක්ද කියන එකයි. මනුෂ්‍යයෙක්ගෙන් ඇති වෙන වාතාවරණය, ඔහුගේ ක්‍රියාකාරකම්වලට වඩා, දිගටම තියෙන බලපෑමක් කරයි. වඩා හොඳින් සටන් කිරීමට මුහුණ දුන් ව්‍යාකූලත්වය, 51 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.