පරිච්ඡේදය 5
මූලික සත්‍යතා • නව ක්‍රිස්තියානීන්

පසුතැවිල්ල පිළිබඳ සැබෑ සත්‍යය

සැප්තැම්බර් 15, 2026මිනිත්තු 7ක කියවීමක්

පසුතැවිල්ල පිළිබ ඳ සැබෑ සත්‍යය පාපයට ඇති දඩුවම නම් ආත්මික මරණයයි. මෙය දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් සදහටම වෙන්වීමකි. මෙම වෙන්වීම ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය මතු පිටදී අත්දැක්ක සේක . ඒ අවස්ථාවේදී පියාණන්වහන්සේ උන්වහන්සේව අත්හැරිය සේක .

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ වූ නිසා උන්වහන්සේගේ අභ්‍යන්තර තැනැන්වහන්සේ සදාකාලික වූ සේක . උන්වහන්සේට කෙටි කාලයකට පියාණන්ගෙන් වෙන්වීමේ මහත් වේදනාව අත්දැකීමට සිදුවුනි. කුරුසිය මතුපිට පැය තුනක පූර්ණ අන්ධකාරය තුල උන්වහන්සේ සදාකාලික නිරයේ වේදනාවන් වින්ඳ සේක . මෙම වේදනාවන් සදාකාලිකව දැරිය යුතුව තිබුනේ අප විසින්‍ය.

අපගේ පාපයට තිබූ දඬුවම උන්වහන්සේ දැරූ සේක . නමුත් අප දෙවියන්වහන්සේ ලබාදෙන මෙම පව්කමාව පිළිගෙන සමාව ලබාගන්නාතුරු මෙම දඩුවමින් අප නිදහස් වන්නේ නැත . ක්‍රිස්තුස්වහන්සේ සියලූ දෙනා උදෙසා මැරුණත්, ලෝකයේ බොහෝ දෙනා පව් කමාව ලබා නොසිටින්නේ මේ නිසාය. ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ ක්‍රිස්තියානි අයගේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේ සියලූ ආගම් වලට අයත් ලෝකයේ සියලූ දෙනාගේ පාප උදෙසාය.

දෙවියන්වහන්සේ අප උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වැගිරීම සහ මරණය තුලින් ගෙවීමක් කර සතු කරගත් දේ අප ලබාගැනීම පිණිස පළමුකොට සියලූ පාප ගැන පසුතැවිලි විය යුතුය. මෙයින් අදහස් කරන්නේ අපගේ පාපි වූ මාර්ග ගැන කණගාටු වන බවත්, අප දන්නාවූ සෑම පාපයකින් හැරී ඒවා අත්හැරීමට අවංක උවමනාවක් ඇති බවත්‍ය. දෙවියන්වහන්සේ ප්‍රසන්න කාරණ සහ නොකරණ දේ ගැන අපගේ හෘද සාක්‍ෂියට මුලදී එතරම් හැඟුමක් නොතිබුනි. එබැවින් දෙවියන්වහන්සේ ප්‍රිය නොකරණ කාරණාවල් වලින් හැරීමට පුළුවන් කමක් නොතිබුනි. දෙවියන්වහන්සේ මෙය තදින් ඉල්ලා සිටින කාරණයක්ද නොවේ.

උන්වහන්සේ හරි ලෙස ක්‍රියා කරණ සේක . උන්වහන්සේට අවශ්‍ය කරන්නේ උන්වහන්සේ ප්‍රිය නොකරණ දේ අත්හැරීමට ඔබ කැමති වන එකය. ඔබගේ හෘද සාක‍ෂිය දොස් කියන සෑම දෙයකින් හැරීමෙන් ඔබට හොඳ ආරම්භයක් කල හැකිය.

ඔබගේ නරක පුරුදු අත්හැරීමට ඔබ තුල ශක්තියක් නොමැති වන්නට පුළුවන .

මෙහිදී ඔබගේ දුර්වලකම දෙවියන්වහන්සේ සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නා සේක . ඔබගේ ශක්තිය දෙවියන්වහන්සේ බලාපොරොත්තු නොවන සේක .

උන්වහන්සේ අසන්නේ ..ඔබ මෙම පුරුදු අත්හැරීමට කැමතිද.. යනුයි ඔබ අවංක බවත්, ඔබ සැබවින්ම සියලූ පාපිවූ දේ අත්හැරීමට උවමනාවකින් සිටින බවත්, උන්වහන්සේ දකින විට, ඔබ නොයෙකුත් ආකාරයේ නරක පුරුදු වලින් පරාජයට පත්ව සිටියත් ඔබ සිටින ආකාරයෙන් උන්වහන්සේ ඔබව පිළිගන්නා සේක . මෙය මොන තරම් යහපත් ආරංචියක්ද.

ඔබගේ පාපී වූ මාර්ග අත්හැරීමට කැමති බව පෙන්වන එක් සාක්‍ෂියක් නම් ඔබ අතීතයේ කලාවූ වැරදි හරිගස්වා ගැනීමට ඇති කැමැත්තය. මෙහිදී දෙවියන්වහන්සේ ඔබගේ සීමාවන් තේරුම් ගන්නා සේක . මොන තරම් උත්සහ කලත්, ඔබට හරිගස්වා ගැනීමට කිසිසේත් නොහැකි ඔබ අතීතයේ සිදු කලා වූ පාප දහස් ගණනක් තිඛෙන්නට පුළුවන . නමුත් සමහර ඒවා ඔබට හරිගස්වා ගැනීමට හැකියාව තිබේ. දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අපට හැකි උපරිමයෙන් වරදවල් හරිගස්වා ගැනීමය. උදාහරණයක් වශයෙන් ඔබ කෙනෙකුගෙන් මුදල් සොරකම් කර තිබුණේ නම් ඒ හා සමාන මුදලක් ඔබ ලඟ එකතු වුනු වහාම එය නැවත භාරදීමට කැමති විය යුතුය. ඔබගේ වචන වලින් තව කෙනෙකුගේ හදවත රිදවා තිබුනේ නම් ඒ තැනැත්තා වෙත ගොස් හෝ ලිපියකින් දන්වා, ඒ කාරණය ගැන සමාව ඉල්ලා සිටීමට කැමති විය යුතුය. මෙවැනි ක්‍රියා තුලින්, දෙවියන්වහන්සේ, ඔබගේ අවංකභාවය සහ යටහත්කම පරික‍ෂා කර බලන සේක . උන්වහන්සේගේ උපකාරය ලැඛෙන්නේ යටහතුන්ටය.

දෙවියන්වහන්සේගේ උපකාරය නැතිව අපට ගැලවීම ලබන්ට නොහැකිය. සැබෑ පසුතැවිල්ල බයිබලයේ විස්තර කරන්නේ ..රූප වලින් දෙවියන්වහන්සේ වෙත හැරීමක්.. ලෙසය (1 තෙසලෝනික 1:9) සියලූ ආකාර රූප වන්දනාව දෙවියන්වහන්සේ පිළිකුල් කරණ සේක . රූප වන්දනාව යනු කිමෙක්ද? එය මැවුම්කාරයාණන්ට ඉදිරියෙන් මැවිල්ල තැබීමය. එම මැවිල්ලට අයත් වූ දේ, මුදල්, ලක‍ෂණ ස්ත්‍රියක් හෝ අපගේ නම්බුව වීමට හැක . මවනු ලැබූ දෙයක් මුල්කොට තෝරා ගැනීම රූප වන්දනාව වේ. මන්ද එය මැවුම්කාරයාණන්ට වඩා මැල්ලට නමස්කාර කිරීමකි. සියලූ පාපයට මූලික වන්නේ මෙයයි.

පිළිම සාදා තිඛෙන්නේ ලී. ගල් හෝ යඩක වලින්‍ය. මිනිසුන් විසින් සදා තිඛෙන මේවා ඔවුන් නමස්කාර කරණ දෙවියන් පිළිඹිබු කරයි. නමුත් විශ්වයේ මැවුම්කාරයාණන්ව දුරින්ව හෝ සමාන වූ චිත්‍රයක් හෝ රූපයක් තනන්ට කිසිවෙකුටත් නොහැකිය. සමහර අය පවසනවා සේ ..දෙවියන් සිහිපත් කරවන ..

රූප හෝ චිත්‍ර අපි පාවිච්චි නොකල යුතුය. මැවිල්ලේ කොටසක් වූ පුරුෂයකුගේ, ස්ත්‍රියකුගේ හෝ සත්වයෙකුගේ හැඩරුව අනුව, සර්වබලධාරී දෙවියන්වහන්සේගේ ස්වරූපය මෙය යයි දැක්වීමේ චිත්‍රයක් හෝ පිලිමයක් සෑදීම පහත් ක්‍රියාවකි.

පියවි ඇසට දෙවියන්වහන්සේ අදෘශ්‍යමානය. ඉතා හොඳින් සාදන ලද රූපයකට සංකේතවත් කිරීමට නොහැකි ලෙස උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨකම අති මහත්‍ය.

කෙසේ වෙතත් දෙවියන්වහන්සේ ගැන සිහිපත් කිරීමට අපට මෙවැනි පෙනෙන සංඛේත අවශ්‍ය නැත . මක්නිසාද මැවුම්කාරයාණන් ගැන දිවා රෑ නිරන්තරයෙන්ම සිහිපත් කරණ හෘද සාක‍ෂියක් අප තුල ඇත . රූප නමස්කාරය, ආගමික ක්‍රියාවලියන් සහ වන්දනා මාන කිරීම්, හෘද සාක‍ෂියේ හඩට සවන්දිම වෙනුවට තිඛෙන අනුප්‍රාප්තික කාරණාවන්‍ය.

මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කර අනාගතයේදී ද ඒවා කඩ කිරීමට සැලසුම් කිරීමෙන් ඔවුන් ඔවුන්ගේම හෘද සාක‍ෂියේ හඬ නිවා දැමීමට නොයෙකුත් ආගමික වත් පිළිවෙත් සහ ක්‍රියාවල් වල යෙදෙති. ඔවුන්ගේ පූජාවන් සහ වන්දනා ගමන් හේතුකොටගෙන ඔවුන්ගේ නොයෙකුත් පාපවලට දෙවියන්වහන්සේගෙන් සමාව ලබාගත හැකිබව ඔවුන් කල්පනා කරති. මෙය රැවටීමට හසුවීමකි. දෙවියන්වහන්සේ බලන්නේ අප කරන ආගමික වතාවත් හෝ ක්‍රියාවල් දෙස නොවේ. අපගේ හෘද සාක‍ෂියට සවන් දෙනවාද නැද්ද යනු නිශ්චිත කර ගැනීමට උන්වහන්සේ අපේ හදවත දෙස බලන සේක .

මෙලෙස පසුතැවීලිවීම යනු සියලූ ආකාර රූපවන්දනාවෙන් හැරීමය. සැබෑ පසුතැවීම තුල අප සියලූ මවනු ලැබූ දේ වලින් හැරී මැවුම්කාරයාණන් වෙතට විත් මෙලෙස යාච්ඤාවේ යෙදිය යුතුවේ. ..සියලූ බල ඇති දෙවියන්වහන්ස , ඔබවහන්සේ පමණක් නමස්කාර කිරීමට සහ සේවය කිරීමට වටිනාකම ඇතුව සිටින සේක . මෙතෙක් මවනු ලැබූ දේවලට නමස්කාර කිරීම ගැන සමාවුව මැනව.

දැන් සිට ඔබවහන්සේ පමණක් මගේ ජීවිතයේ අති උතුම්ව සිටින සේක ..

පසුතැවිලිවීම යනු අපගේ රැකියා සහ පවුල් අත්හැර වනාන්තරයකට ගොස් තාපසයන් සේ සිටීම නොවේ. අප සියලූ දෙනා පවුල් ජීවිතයක් තුල සිටීම දෙවියන්වහන්සේගේ කැමැත්තය. එලෙසම රැකියාවක යෙදී හරි හම්බ කිරීමද උන්වහන්සේ අනුමත කරන දෙයකි. මුදල් ඉපයීම පාපයක් නොවේ. නමුත් දෙවියන්වහන්සේට වඩා මුදල් වලට ප්‍රේම කිරීම පාපයකි. නවීන ලෝකය විසින් අපට ලබාදෙන පහසුකම් පරිභෝජනය කිරීමද පාපයක් නොවේ. නමුත් දෙවියන්වහන්සේට වඩා මෙම පහසුකම් වලට ප්‍රේම කිරීම පාපයකි.

දෙවියන්වහන්සේ අපගේ ශරීර මවා තිඛෙන්නේ ආහාර වලින්, නින්දෙන්, ලිංගික ආශ්වාදයෙන් ඇතිවන ප්‍රීතිය භූක්ති විඳීන පිණිසය. මේ එක දෙයක්වත් වැරදි නොවේ. අප බඩගිනි වූ සහ වෙහෙස වූ අවස්ථා සඹ්න්ධයෙන් ලැජ්ජාවෙන් ක්‍රියා නොකරන අන්දමින් ලිංගික අවශ්‍යතාවන් ගැනද ලැජ්ජා විය යුතු නොවේ. නමුත් අප බඩගිනි වූ විට කෑම සොරකම් නොකල යුතු අතර අප රැකියාවේ නියුතු අවස්ථාවේදී නිදා නොසිටිය යුතුය. ඒ ආකාරයෙන්ම ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සම්බන්ධයෙන් තව කෙනෙකු වරදට හසුකර ගැනීමට බැරිය.

දෙවියන්වහන්සේ විවාහය නියම කර තිබේ. උන්වහන්සේ නියම කර ඇත්තේ එක් පුරුෂයෙකුට එක භාර්‍යාවක් ලෙසය. මෙලෙස විවාහය තුල ලිංගික අවශ්‍යතාවන් සම්පූර්ණ වේ. විවාහයෙන් පිටත සිදුවෙන්නාවූ සෑම ලිංගික සම්බන්ධතාවයක්ම පාපයයි. ලිංගික පාපයන් ගැන අප පසුතැවිලි වී ඒවා අත්හැර, අවංකව දෙවියන්වහන්සේ වෙතට හැරී ආ යුතුය.

අප පසුතැවිලි වී අත්හැරිය යුතු තවත් පාපයක් නම්, අන්‍යයන් වෙත සමාව නොදීමේ ස්වභාවයයි. ඔබට දෙවියන්වහන්සේගේ සමාව ලබාගැනීට අවශ්‍ය නම් ඔබට විරුද්ධව කොයි ආකාරයකින් හෝ හිංසා කලාවූ අයට සමාව දීමට ඔබ කැමති විය යුතුය. දෙවියන්වහන්සේ ඔබ හට ක්‍රියා කල පරිදි ඔබ අන්‍යයන්ට ක්‍රියා කල යුතුය. මෙලෙස කිරිමට ඔබ අකමැති නම්, දෙවියන්වහන්සේද ඔබට සමාව නොදෙන සේක . යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ ..නුඹලා අන්‍යයන්ට සමාව නොදෙන්නේ නම් ස්වර්ගයේ සිටින නුඹගේ පියාණන් වහන්සේ නුඹලාට සමාව නොදෙන්නේය.. යන බවය. (මතෙව් 6:15) ඔබට බොහෝ පීඩා කල කෙනෙකුට සමාව දීමට ඉතා අපහසු දෙයකි. නමුත් ඔබ යාච්ඤා කර එම තැනැත්තාට සමාව දීමට උපකාර කරණ පිණිස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැක . මෙය කිරීමට හැකි වන පරිදි ඔබට උපකාර කිරීමට සර්වබලධාරී දෙවියන්වහන්සේ සූදානම්ව සිටින සේක . උන්වහන්සේගේ මහත් බලයෙන් දෙවියන්වහන්සේ ඔබට උපකාර කරන සේක් නම් කිසි දෙයක් ඔබට කල නොහැකි නොවන්නේය.

අපගේ පාපය කොයිතරම් දුෂ්ඨ වුවත් දෙවියන්වහන්සේ අපට සමාව දෙනු ලබන්නේ අප පාපය ගැන පසුතැවිලි වුවොත් පමණි. ඒ නම් අපගේ පාප ගැන සැබෑ ලෙස කණගාටු වී අවංකව අපගේ පාපීවූ මාර්ග අත්හැරීමට කැමති වීමයි.