සමාව පිළිබඳ සැබෑ සත්‍යය
දෙවියන්වහන්සේට සමාව දිය හැකි වන්නේ කෙසේද?
දෙවියන්වහන්සේ සාධාරණ වූ ධර්මිෂ්ඨ වූ තැනැන්වහන්සේ නිසා උන්වහන්සේට පාපය ගැන නොබලා සිටීමෙන් කෙනෙකුට සමාව දීමට නොහැකිය. මන්ද එය සාධාරණත්වයෙන් තොරවූ දෙයක් නිසාය. උන්වහන්සේ ශුද්ධ වූ සාධාරණ වූ තැනැන්වහන්සේය. එම නිසා උන්වහන්සේට පාපයට දඩුවම් කිරීමට සිදුවන්නේය.
නමුත් උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන්වහන්සේ නිසා අපගේ පාපයට සමාව දෙන මාර්ගයක් සාදා ඇත .
සියළු ආගම් උගන්වන්නේ අපට යහපත්ව කැරණාවන්තව සහ සත්‍යවාදීව සිටීමටයි. නමුත් මේවා පාපයට සමාව ලැබුණු පසු ජීවිතයක ඇතිවන ගුණාංග වේ.
යහපත්කම, කරුණාව සහ සත්‍යවාදීකම ගොඩනැගිල්ලක ඉදිකිරීමට සමාන වන අතර, කමාව ලබාගැනීම ගොඩනැගිල්ලේ අත්තිවාරමට සමානය.
ගොඩනැගිල්ලක ප්‍රධාන කොටස වන්නේ අත්තිවාරමය.
දෙවියන්වහන්සේට, අපට පව් කමාව ලබාදීම පිණිස , උන්වහන්සේට මැවිල්ලේදී වූ තත්වයට වඩා අමාරු වේදනාකාරී වූ අවස්ථාවක් ඇතිවූයේය. මැවිල්ලේදී, දෙවියන්වහන්සේ වචනයක් ප්‍රකාශ කල විට ක්ෂණිකව ලෝකය උදාවිය.
නමුත් වචනයක් ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේට පාපයට කමාව දීමට නොහැකිය.
මනුෂ්‍යයාගේ පාපයට කමාව දීමට ඇත්තේ එකම මාර්ගයකි. එය නම් දෙවියන්වහන්සේ අප හා සමාන මනුෂ්‍යයෙක් බවට පත්වීමය. මනුෂ්‍යයන් වශයෙන් අප මුහුණ දෙන පරීකෂා සහ අරගල තුලින් උන්වහන්සේ ගමන් කල යුතු විය. පාපය නිසා ඇතිවන ද දඬුවම උන්වහන්සේ උසුලා, පාපයට පූජාවක් වශයෙන් අප වෙනුවෙන් මරණයට පත්වීමට ද උන්වහන්සේට සිදුවිය.
පාපයට දඩුවම යනු වේදනාව විඳීමවත්, රෝගයවත්, දිළිඳුකමවත් සමාජ මට්ටමේ පහත් තත්වයකට නැවත නැවතත් මේ ලෝකයට ඉපදීමවත් යන මේ කිසිවක් නොව, එය සදාකාලික මරණයයි. එය සදාකාලිකවම දෙවියන්වහන්සේගෙන් වෙන්වීමකි. ශාරීරික මරණය යනු ශරීරයෙන් වෙන්වීමකි. එලෙසම ආත්මික මරණය යනු ජීවනයේ උල්පත වූ දෙවියන්වහන්සේගෙන් වෙන්වීමකි.
ඔබ අනාගතයේ කරණු ලබන යහපත් දේ වලට ඔබ අතීතයේ කලාවූ නපුරු දේවල් පහ කිරීමට නොහැකිය. පාපය යනු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාලව ගෙවිය යුතු ණයකි. අප බදු ගෙවීමේදී වංචාකාරී ලෙස රටේ නීතිය උල්ලංඝනය කලහොත්, අනාගතයේදී නියමාකාරව බදු ගෙවීම් කරණ පොරොන්දුව මත නිදහසක් ලැඛෙන්නේ නැත . අනාගයේදී බදු ගෙවීම් කලත් අතීතයේ හිඟ බදු ගෙවිය යුතු වන්නේය. පාපයත් එලෙසමය.
අප අනාගතයේදී කොයිතරම් හොඳ වැඩ කලත්, අප අතීතයේ කලාවූ පාපවලට වන්දිය ගෙවිය යුතුවේ. තවද, අපගේ ධර්මිෂ්ඨකම කිලිටු වැරහැලි බව බයිබලය පවසයි. (යෙසායා 64: 6) දෙවියන්වහන්සේ යහපත් ක්‍රියා අගය කරන සේක . නමුත් උන්වහන්සේගේ මහත් ශුද්ධකම නිසා අපගේ හොඳම ක්‍රියා උන්වහන්සේගේ ශුද්ධකමේ මට්ටමට පැමිණෙන්නේ නැත . එම නිසා අප බලාපොරොත්තුවක් නැති තත්වයක සිටිමු.
මන්ද අපගේ හොඳම වැඩ සෑහෙන්නේ නැත . දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඇතුල්වීමට අපට කිසිම මගක් නැත . අප බලාපොරොත්තු රහිත අතරමංවූ තත්වයක සිටිමු. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මහත් ප්‍රේමය නිසා පාපයට කමාව ලබාගැනීම පිණිස මාර්ගයක් සාදා ඇත . දෙවියන්වහන්සේගේ සංකීර්ණත්වය නිසා මනුෂ්‍ය මනසට උන්වහන්සේව සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීමට නොහැකිය. දෙවියන්වහන්සේ එකම වූ තැනැන්වහන්සේ බවත් එම ඒකත්වය තුල තැනැන්වහන්සේලා තිදෙනෙක් ලෙසත් බයිබලය එළිදරව් කරයි. මේ ත්‍රිත්වය තුල පියාණන්, පුත්‍රයාණන් (පියාණන් හා සමාන ස්වභාවය ඇති එහෙත් පියාණන්ගෙන් බිහි නොවූ) සහ ශුද්ධාත්මයාණන්ය. මෙම තැනැන්වහන්සේලා එක හා සමාන තත්වයක් තුල ඒකත්වයකි.
තැනැන්වහන්සේලා තිදෙනෙක් එකම දෙවියන්වහන්සේ වන බව යන කාරණය මනුෂ්‍ය මනසට අවබෝධ කරගැනීමට අපහසුය. අපට කල්පනා කල හැකි වන්නේ වෙනම ශරීර ඇති පුද්ගලයන් ගැනය. නමුත් දෙවියන්වහන්සේ ආත්මයක්ය . අපගේ මනස සීමාසහිත බැවින් එයට දෙවියන්වහන්සේගේ සංකීර්ණ වූ ස්වභාවය අවබෝධ කරගැනීමට අපහසුය. සත්වයන්ට මනුෂ්‍ය වර්ගයාගේ අවබෝධ ශක්තිය නොමැති ලෙස මනුෂ්‍යයන්ටද දෙවියන්වහන්සේ සම්බන්ධව අවබෝධ කර ගත නොහැකි කාරණා ඇත . අපට දැනගැනීමට හැකිවන්නේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන , බයිබලයේ එළිදරව් කර තිඛෙන කාරණා පමණය.
හොඳ වර්ගයේ බල්ලෙකු ඉදිරියේ මස් කටු තුනක් තබා එකින් එක තුන දක්වා ගණන් කිරීමෙන් 1+1+1= 3 යැයි ඌට ගණන් එකතු කිරීමට ඉගැන්විය හැකිය.
නමුත් කිසිවිටෙක බල්ලාට වැඩි කිරීමට ඉගැන්විය නොහැකිය. මන්ද එක එකෙන් කීපවතාවක් වැඩිකරත් උත්තරය එකමය 1x1x1=1 ඉතා හොඳම වර්ගයේ බල්ලෙකුටවත් මෙය තේරුම් ගැනීමට නුපුළුවන . නමුත් මනුෂ්‍යයාට එක එකෙන් කීප වතාවක් වැඩි කලත් උත්තරය එකම බව තේරුම් ගත හැකිය.
සත්වයන්ට වඩා මනුෂ්‍යයා ඉහළ තත්වයක සිටින ලෙසම දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා ඉතා උසස් තත්වයක සිටින සේක . බල්ලෙකුට වැඩි කිරීම අබවෝධ කර ගැනීමට නම් මනුෂ්‍යයෙකු බවට පත්විය යුතුය. අපටද දෙවියන්වහන්සේව අවබෝධ කරගැනීමට දෙවියන්වහන්සේගේ ස්වභාවයට පත්විය යුතුය.
එමනිසා, දෙවියන්වහන්සේ පුද්ගලයාණන් තුන් දෙනෙක් වුවත් එකම දෙවියන්වහන්සේ යන කාරණය අපට හරියාකාරව තේරුම් ගැනිමට අපොහොසත්වීම පුදුමයට කරුණක් නොව. අපට මෙය නොතේරුනත් මෙම කාරණය සත්‍ය බව දැනගන්නේ එය දේව වචනයේ සඳහන් කර තිඛෙන නිසාය.
මෙලෙස දෙවියන්වහන්සේ සෑම තැනකම වැඩ වාසය කරන සේක් නම් උන්වහන්සේ සෑම මනුෂ්‍යයෙක් තුලද, සත්වයන් සහ ගස්වැල් තුලද, සෑම ආගමික නමස්කාර කරණ ස්ථානයක් තුලද සිටිය යුතු යැයි බොහෝ අය මනුෂ්‍ය කල්පනාවෙන් තීරණය කරති. දිව්‍යමය සත්‍ය තේරුම් නොගත් කුඩා මනුෂ්‍ය මනසට මෙය ගැලපෙන දෙයක් ලෙස වැටහේ. නමුත් මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ දෙයකි. දෙවියන්වහන්සේ සෑම තැනම සිදුවන දේ ගැන සෑම දෙයක්ම දැන සිටින සේක . උන්වහන්සේ නිරයේ සිදුවන සෑම දෙයක් ගැන දැනුවත්ව සිටියත් උන්වහන්සේ සැබවින්ම නිරයේ නොසිටින සේක .
නිරය යනු පව්කරුවන්ට අත්වන සදාකාලික දඩුවමයි. එය දෙවියන්වහන්සේ නොමැති ස්ථානයක් ලෙස අර්ථවත් වේ. මේ නිසා නිරය තුල පව්කරුවන්ගේ දුක්වේදනාව නොදැරිය හැකි දෙයක් වන්නේය.
එම නිසා දෙවියන්වහන්සේ සැබෑ ලෙස සෑම කෙනෙක් තුලම වැඩ වාසය නොකරණ සේක .
පාපය නිසා ඇති වූ සදාකාලික දඩුවමින් මනුෂ්‍යය වර්ගයා ගලවා ගැනීමට පියවූ දෙවියන්වහන්සේ, කන්‍යාවක තුලින් ශුද්ධාත්මාණන්ගේ ආනුභාවයෙන් වර්ෂ දෙදහසකට ප්‍රථම ළදරුවෙකු ලෙස උපත ලැබූ පුත්‍රයාණන් එවූ සේක . උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. උන්වහන්සේ මනුෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන සියලූ පරිකෂා වලට මුහුණ දෙමින් ලමා කාලයේ සිට වැඩිහිටි කාලය දක්වා වැඩුණු සේක . මෙම සියලූම පරිකෂාවලින් උන්වහන්සේ ජයගෙන පාපයක් නැතුව සිටිසේක .
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වයස 33 දී නපුරු මනුෂ්‍යයන් විසින් අල්ලා කුරුසියෙහි ඇණ ගසනු ලබන පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේට ඉඩ දුන් සේක . කුරුසිය පිටදී උන්වහන්සේ අප උදෙසා ශාපයක් වී මනුෂ්‍යය වර්ගයාගේ පාපයට දඬුවම ඉසිලු සේක . මේ තුලින් දෙවියන්වහන්සේගේ මහත් ප්‍රේමය පැහැදිලි වන්නේය.
කුරුසිය මතුපිටදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මැරුණු අවස්ථාවේදී උන්වහන්සේ ලේ වගුරුවමින් අපගේ පාපවලට ධර්මිෂ්ඨවූ වන්දිය සම්පූර්ණයෙන් ගෙවූ සේක .
සාධාරණත්වයේ අවශ්‍යතාවයන් මෙයින් ඉටුවුනි.
තැන්පත් කිරීමෙන් දින තුනකට පසු දෙවියන්වහන්සේ, යේසුස් ක්රස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටවීමෙන් උන්වහන්සේ කුරුසිය මත කල පූජාව දෙවියන්වහන්සේ විසින් පිළිගත් බව ලෝකයට ඔප්පු කර පෙන්වන ලදී.
ඇත්තේ එකම දෙවියන්වහන්සේ බවත්, පෘථීවිය මත දෙවියන්වහන්සේ, එක් වරක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෙස මාංසවත් වූ බවත් යන සත්‍යය කාරණා දෙකක් තුලින් ඔප්පු කර පෙන්වන ලදී.
1)ලෝකයේ පාපය උදෙසා මැරුණු එකම තැනැත්තා ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණි.
2)මරණයට පත්වී නැවත වාරයක් නොමැරෙණ ලෙස මරණය පරාජය කර නැවත ජීවමාන ලෙසම පැමිණි එකම තැනැත්තා ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණි.
මෙයින් උන්වහන්සේ මනුෂ්‍යයාගේ ප්‍රධානතම සතුරා වන මරණයෙන් ජයගත් බවත් පැහැදිලිව ඔප්පු කරණ සේක .
මෙලොව මළවුන්ගෙන් නැවත නැගිටීමෙන් තවත් දින හතලිහකින් පසුව උන්වහන්සේ නැවත ස්වර්ගයට ගොස් අද දවසේ එහි සිටිනසේක . උන්වහන්සේ මෙලොවින් යන්ට ප්‍රථම, ලෝකය විනිශ්චය කරන පිණිසත්, ධර්මිෂ්ඨකමින් සහ සමාදානයෙන් පාලනය කරණ පිණිසත් නැවත පැමිණෙන බව පොරොන්දු වූ සේක .
උන්වහන්සේ පොලොවට නැවත පැමිනීමට ප්‍රථම සිදුවන ලකුණු පෙන්වා දුන් සේක . එම සලකුණු සම්පූර්ණ වීම අපි දැන් දකින විට ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණීම ඉතා ලඟ බව දනිමුව. උන්වහන්සේ නැවත පැමිණීමට පෙර දෙවියන්වහන්සේ තුල අපට ලබාදුන් පව් කමාව අප ලැබ සිටීම ඉතා වැදගත් වේ.
මෙම පොතේ ප්‍රකාශන අයිතිය සුරක්ෂිතයි. පුද්ගලික ප්‍රයෝජනය සඳහා මෙය මුද්‍රණය කර ගත හැක. කිසිදු වෙනස් කිරීමකින් තොරව, කර්තෘගේ නම සහ ලිපිනය සහිතව මෙන්ම මෙම ප්‍රකාශන අයිතිය පිළිබඳ සටහන ද ඇතුළත්ව, නොමිලේ බෙදා හැරීම සඳහා පමණක් මෙහි පිටපත් ලබාදීමට අවසර ඇත.
Christian Fellowship Church: Paradise Enclave, Kannur - Kogilu (Airport Link Road), Bangalore - 560 064, Karnataka, India
Phone: +(91) 948 194 1079 | Email:cfc@cfcindia.com
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.