පරිච්ඡේදය 6
මූලික සත්‍යතා • නව ක්‍රිස්තියානීන්

ඇදහිල්ල පිළිබඳ සැබෑ සත්‍යය

සැප්තැම්බර් 15, 2026මිනිත්තු 5ක කියවීමක්

ඇදහිල්ල පිළිබ ඳ සැබෑ සත්‍යය අප ගැලවීම ලැබූ පසු ඊළඟ අවශ්‍යතාවය වූ දෙවියන්වහන්සේගේ කමාව ලබාගැනීම ඇදහිල්ලවේ. ..නුඹලා අනුග්‍රහයෙන් ඇදහිල්ල කරණකොට ගෙන ගැලවීම ලබා තිබේ.. යයි බයිබලය පවසයි (එපීස 2: 8) අනුග්‍රහය යනු අපට උන්වහන්සේගේ පිහිට සහ ආශිර්වාදය ලබාදීම පිණිස දිගු කරණ ලද දෙවියන්වහන්සේගේ හස්තයයි. ඇදහිල්ල යනු එම පිහිට සහ උපකාරය දෙවියන්වහන්සේගේ දිගහරින ලද හස්තයෙන් ලබාගැනීමට අපගේ හස්තය දිග හැරීමයි.

අප කලින් දුටු පරිදි, උන්වහන්සේට ඕනෑ විධියට ක්‍රියාකිරීමට පමණක් සකසා තිඛෙන , මනසක් නැති රොබෝ යන්ත්‍රයක් මෙන් සිටීම, දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන දෙයක් නොවේ. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප විසින්ම තීරණ ගැනීමය.

දෙවියන්වහන්සේ යහපත් බවත්, උන්වහන්සේ ඔබට බොහෝ සේ ප්‍රේම කරණ බවත් විශ්වාස කරනවාද? දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ඔබගේ පාප උදෙසා කුරුසිය පිට මරණය විඳීමට එවූ බවත්, තුන් දවසකට පසු උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනු බවත්, උන්වහන්සේ දැන් ස්වර්ගයේ ජීවමානව වැඩ වාසය කරන බවත් විශ්වාස කරනවාද? එසේ නම් දෙවියන්වහන්සේ ප්‍රදානය කරන පව් කමාව දැන් ඔබට ලබාගත හැකිය. ඔබට තවත් බලා සිටින්නට ඕනෑ නැත . පාපයෙනුත්, නිරයෙනුත් ගැලවීම ලබන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට වඩා වෙනත් නාමයක් මෙම පොළොවේ නැත . උන්වහන්සේ ඔබගේ ගැලවුම්කාරයාණන් සහ ස්වාමින්වහන්සේ ලෙස පිළිගැනීමට නම්, විවාහයකදී මෙන් ..සියල්ල අත්හැර උන්වහන්සේට පමණක් ඇළුම්ව සිටීම.. අත්‍යාවශ්‍ය වේ. විවාහයකදී ස්ත්‍රියකට කලින් සිදුවූ සියළු සම්බන්තාවයන් අත්හැර, ඇගේ මුළු ඉදිරි ජීවිත කාලය තුලදී, තමන්ගේ ස්වාමිපුරුෂයා ලෙස එක මනුෂ්‍යයෙකුට ඇළුම්ව සිටිය යුතු වේ.

අප හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය බයිබලය සමාන කරන්නේ උන්වහන්සේම දිව්‍යමය ස්වාමිපුරුෂයා ලෙස සිටින ආත්මික විවාහයක් ලෙසය. එම නිසා ඔබට අනිකුත් දේවතාවන්ට නමස්කාර කරමින් හෝ යාච්ඤා කරමින් සිටියදී ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනීමට කැමති යයි කීමට නොහැක . ඔබ තීරණයක් ගත යුතුව තිබේ. එම තීරණය ගැනීමට ඔබට අවශ්‍ය නම් එයට අවස්ථාව දැන්ය. ඔබගේ ඇස් වසා ඔබගේ මනසෙන් දෙවියන්වහන්සේ වෙතට යොමුවී, සැබෑ ලෙස මෙම වචන උන්වහන්සේට පවසන්න . ඔබ කොතැන සිටියත් උන්වහන්සේට ඔබගේ බස් ඇසෙන සේක . ඔබට ඇහුම්කන් දීමට උන්වහන්සේ උවමනාවෙන් සිටින සේක .

මෙලෙස පවසන්න – ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්ස , මම පව්කරුවෙක්මි, මාගේ සියළු පාපයෙන් හැරී ඒමට මට සැබවින්ම අවශ්‍යව තිබේ. ඔබ වහන්සේ මාගේ සියළුපාප උදෙසා මැරුණු බවත්, ඔබ වහන්සේ මළවුන්ගෙන් නැගිට අද ජීවමානව වැඩ වාසය කරන බවත් මම විශ්වාස කරමි. මාගේ සියලූ පාප ගැන මට කමා කළ මැනව. අද සිට මගේ හදවතටත් ජීවිතයටත් පැමිණ මාගේ ජීවිතයේ ස්වාමින් වුව මැනව. දැන් සිට අන් සියලූ දෙවිවරුන් අත්හැර ඔබ වහන්සේට පමණක් නමස්කාර කරමි.

මෙම සරල යාච්ඤාව ඔබට ඉතා ඉක්මණින් කල හැකිය. නමුත් ඔබ මෙම යාච්ඤාව සියලූ අවංකකමින් දෙවියන්වහන්සේට ප්‍රකාශ කරනවා නම් සදාකාලයටම ඔබ ගැලවීම ලබන්නේය. ක‍ෂණයකින් ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකු බවට පත්වන්නේය.

මෙම යාච්ඤාව ගිරවෙකු මෙන් නැවත නැවතත් ප්‍රකාශ කිරීමෙන් විජ්ජාවකින් මෙන් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත නොහැක . අපගේ හදවතේ අවංකකම මෙයට බලපාන කරුණකි. ඔබ ප්‍රකාශ කරන්නාවූ දේ හදවතින්ම පැමිණෙනවානම් ඔබව උන්වහන්සේගේ දරුවෙකු කරගන්නා සේක . ඔබ අවංක නැත්නම් මේ යාච්ඤාව කිරීමෙන් ඔබට කිසිඳු වෙනසක් නොවන්නේය.

අපට සැබවින්ම සමාව ලැබී තිඛෙන බවත්, උන්වහන්සේ විසින් අප පිළිගෙන තිඛෙන බවත්, උන්වහන්සේගේ දරුවන් බවට අපව පත්කරගෙන තිඛෙන බවත් යන කරුණු ගැන සහතිකයක් ඇතුව සිටීම ඉතා වැදගත්ය. මෙම සහතිකය නොමැතිව සිටීම දෙවියන්වහන්සේ කැමති දෙයක් නොවේ. ශ=ද්ධාත්මයාණන් අප හදවත් තුලට පැමිණ අප උන්වහන්සේගේ දරුවන් බවට පැවසීමෙන් මෙම සහතිකය උන්වහන්සේ අපට දෙන සේක . තවද දෙවියන්වහන්සේගේ වචනයේ (බයිබලයේ) සඳහන් උන්වහන්සේ දුන් පොරොන්දු තුලින්ද මෙම සහතිකය උන්වහන්සේ අපට දෙන සේක .

..මා වෙතට එන තැනැත්තේ මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත .. යයි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවසන සේක . (යොහාන් 6:37) ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු තුල අපට සදාලාකයටම රඳා පැවතීමට හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවංකකමින් මෙම යාච්ඤාව ඔබ කෙරුවෙහිද?

එසේනම් ඔබ සැබවින්ම උන්වහන්සේ වෙතට පැමිණ ඇත . එවිට උන්වහන්සේ ඔබව ප්‍රතික‍ෂ්ප නොකල බව ඔබට සහතිකයක් ඇත . උන්වහන්සේ ඔබව පිළිගෙන ඇත . උන්වහන්සේ වෙතට පැමිණීමෙන් ඔබගේ කොටස කර තිබේ නම්, උන්වහන්සේගේ කොටස කරමින් දෙවියන්වහන්සේ ඔබව පිළිගෙන තිඛෙන බව සහතිකය තිබේ.

දෙවියන්වහන්සේ ඔබව පිළිගෙන තිඛෙනවාද, නැද්ද යන්න ගැන ඔබගේ හැඟීම් මත රඳා පැවතීමට අවශ්‍ය නැත . හැඟීම් අපගේ භෞතික ශරීරය සම්බන්ධව ක්‍රියාත්මක වන අතර ආත්මික කාරණා ගැන ඒවා රැවටිලිකාරය. හැඟීම මත අපගේ විශ්වාසය තැබීම, වැලි මත අත්තිවාරමක් දැමීම හා සමානය. අපගේ ඇදහිල්ල දේව වචනයේ ඇති උන්වහන්සේගේ පොරොන්දු මත තැබිය යුතුය. එය ගලක් මත ගොඩනැගීමට සමානය. දෙවියන්වහන්සේගේ දරුවෙක් වූ බවට ඔබට ස්ථීර කම ඇතිවූ විට ඔබ එම කාරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල යුතුය. ඔබ හදවතේ විශ්වාස කරන දේ දිවෙන් (මුවින්) ප්‍රකාශ කළ යුතු බව බයිබලය සඳහන් කරයි.

එම නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ පාපයට කමාව දුන් බවත් දැන් ඔබගේ ජීවිතයේ එකම ස්වාමීන් උන්වහන්සේ බවත්, ඔබගේ මිතුරන්ට සහ ඥාතීන්ට ප්‍රකාශ කල යුතුය.

ඉන්පසු ඔබ වතුර බෞතීස්මය තුලින් ක්‍රිස්තුස්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය ප්‍රකාශ කල යුතුය. ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ හදවත සහ ජීවිතය භාර දීමට තීරණය ගත් පසු වැඩිකල් නොගොස් වතුර බෞතීස්මය ලැබීම අවශ්‍යය. වතුර බෞතීස්මය යනු ආගමික පිළිවෙතක් නොවේ. එය දැන් ඔබ ක්‍රිස්තුස්වහන්සේට පමණක් අයිති බව දෙවියන්වහන්සේටත්, මනුෂ්‍යයන්ටත්, දේවදූතයන්ටත් සහ සාතන්ටත් ප්‍රසිද්ධියේ කරන්නාවූ සාක‍ෂියකි.

බෞතිස්මයේදී තවත් ඇදහිලිවන්තයෙකු (නායකයෙක්) විසින් ඔබව පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද, නාමයෙන් සම්පූර්ණයෙන් වතුරේ ගිල්වා නැවතත් වතුරෙන් එළියට ගනු ලබන්නේය. මෙම සරල ක්‍රියාව තුලින් ඔබ තුල සිටියාවූ පැරණි මනුෂ්‍යයා මැරුණු බව සාක‍ෂි දරයි. ඔබ සංඛේතාක්මකව, පැරණි ස්වාභාවය ගිල්වා තැන්පත් කරයි. වතුරෙන් නැවත එළියට එන අවස්ථාවේ ඔබ දැන් අළුත් කෙනෙක් බව (ආත්මික වශයෙන් මරණින් නැගිටුනාවූ කෙනෙක්) පිළිගන්වන අතර දෙවියන්වහන්සේ පමණක් මින්පසු ප්‍රසන්න කරණ කෙනෙක් බවත් ප්‍රකාශ කරයි.

මෙයින් ඔබ සම්පූර්ණභාවයට පත්වී සිටින කෙනෙක් බවට පත්වන්නේ නැත .

සම්පූර්ණ භාවයට පත්වන්නට ජීවිත කාලයම මදිය. නමුත් ඔබගේ ජිවිත ගමන ඔබ වෙනස් කරගෙන ඇත . දැන් ඔබට තවත් පව් කරන්ටත්, තවදුරටත් දෙවියන්වහන්සේව අසතුටට පත් කරන්ටත්, ඕනෑ නැත . ඔබ ස්වර්ගයේ පුරවැසියෙක් සහ දෙවියන්වහන්සේගේ දරුවෙකු බවටත් පත්වී ඇත .