පරිච්ඡේදය 1
මූලික සත්‍යතා • නව ක්‍රිස්තියානීන්

නපුර පිළිබඳ සැබෑ සත්‍යය

සැප්තැම්බර් 15, 2026මිනිත්තු 9ක කියවීමක්

ලෝකයේ වසන මනුෂ්‍යයන් දැඩි ලෙස තේරුම් ගැනීමට උත්සාහ කරණ මහත් අභිරහස් අතුරින් එකකි නපුර පිළිබඳ අභිරහස සියලූ ප්‍රඥාවෙන් පූර්ණ , යහපත්, දෙවියන්වහන්සේ විසින් මවන ලද ලෝකයට නපුර ඇතුලත් වූයේ කෙසේද ?

ලෝකයේ සෑම ස්ථානවල නපුර ඉහළ ස්ථානයක් ගෙන ඇත්තේ ඇයි? මේ තරම් ලෙඩ රෝග, දිළිඳුකම, දුක සහ වේදනාව සෑම තැනම ඇත්තේ ඇයි? මේ සම්බන්ධයෙන් අපට පිහිටවීමට දෙවියන්වහන්සේට උවමනාවක් නැද්ද? මෙම ප්‍රශ්න වලට පිලිතුරක් අවශ්‍යය. බයිබලය මේ ගැන අපට පිළිතුරක් ලබාදෙයි.

අප මින් ඉදිරියට යාමට ප්‍රථම, දෙවියන්වහන්සේ ගැන සමහර කරුණු පැහැදිලි කරගත යුතුය.

දෙවියන්වහන්සේ සදාකාලිකව වැඩ වාසය කරණ සේක . උන්වහන්සේට ආරම්භයක් නැත . අප සීමාවී සිටින කාලයට උන්වහන්සේ සීමාවී නැත .

උන්වහන්සේ එයින් පිටත සිටින සේක . මෙම කාරණය අපට අවබෝධ කරගැනීමට අපහසු වනු ඇත . එසේ වන්නේ කෝප්පයකට සාගරයක ජලය දැමිය නොහැකි සේ අපගේ මනසට දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ විශාලත්වය දරා ගැනීමට නොහැකි AA+ වන නිසාය. බයිබලයේ මුල් පදය ආරම්භ වන්නේ මෙලෙසය.

..පටන්ගැන්මේහිදී දෙවියන්වහන්සේ……. (උප්පත්ති 1:1) පැවතුනු සදාකාලය මුලූල්ලේ දෙවියන්වහන්සේ වැඩ වාසය කල බවට බයිබලය විස්තර කිරීමක් නොදක්වන අතර මෙය පවත්නා සත්‍යයක් වශයෙන් ප්‍රකාශ කරයි.

මනුෂ්‍යයා සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් ඇතිව සිටීමේ අභිලාෂයක් ඇති තැනැන්වහන්සේ ලෙස බයිබලයේ දෙවියන්වහන්සේව එලිදරව් කරයි. අපි දන්නා ලෙස උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේ. උන්වහන්සේ ආත්මයක්‍ය. එලෙස උන්වහන්සේ සෑම අයුරකින්ම සීමා රහිත වූ නොවෙනස්වන්නාවූ ස්වභාවයක් ඇතිව සිටින සේක . තවද උන්වහන්සේ සියලූ බලය ඇති සියල්ල දන්නා වූ, අසීමිත වූ, ප්‍රඥාවන්ත වූ, අසීමිතව ප්‍රේම කරන සහ අසීමිතව ශුද්ධ වූ තැනන්වහන්සේය.

දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමය ආත්මාර්ථකාමීත්වයෙන් තොරය. මේ හේතුවෙන් මුල සිටම උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ අන්‍යයන් සමඟ උන්වහන්සේගේ ප්‍රීතිය භූක්තිවිඳීමටය.

ඉන්පසු දෙවියන්වහන්සේ ජීවමාන ප්‍රාණීන් මැවූ සේක . පලමුව උන්වහන්සේ දශලක‍ෂ සංඛ්‍යාත දේවදූතයන් මැවූ සේක . මෙසේ කරණු ලැබුවේ උන්වහන්සේගේ මහිමය සහ ප්‍රීතිය දේවදූතයන් සමග භූක්ති විඳීම පිණිසය. දේවදූතයන් මවනු ලැබුවේ, උන්වහන්සේ විසින් මනුෂ්‍යයා මැවීමට බොහෝ කලකට පෙරය.

දේවදූතයන් අතරේ නායකයා වීමට උන්වහන්සේ එක් දූතයෙක් මැවූසේක . ඔහුගේ නාමය ලූසිෆර් විය. මෙම නම දැන් කාලයේ නපුර පිළිබඳ සංඛේතවත් කරණ නාමයක් වුවත් මුලදී මේ නම අන් දේවදූතයන්ට වඩා ප්‍රඥාවෙන් පූර්ණ වූ, ශෝභමානකමින් අගතැන් වූ දේවදූතයාගේ නාමය විය. ඔහු සියලූ දේවදූතයන්ගේ නායකයා විය.

ස්වාමීන්වහන්සේ ලූසිෆර් ගැන මෙසේ සඳහන් කරයි ..නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාවූ ප්‍රඥාවෙන් පිරී අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය…… නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුල අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙහිය.. (එසකියෙල් 28 12-15) දෙවියන්වහන්සේ මැවූ තාරකා සහ වෘක්‍ෂලතා මෙන් නොව, ලූසිෆර් සහ අනිකුත් දේවදූතයන්ට නිදහස් කැමැත්තක් තිබූ බැවින් එමගින් උන්වහන්සේට කීකරු වීමේ හෝ අකීකරු වීමේ හැකියාව තිබුණි. සදාචාරාත්මක පුද්ගලයෙකු වීමට, කෙනෙකුට නිදහස් කැමැත්තක් තිබීම මූලික අවශ්‍යතාවයක් වේ. තාරකා සහ වෘක්‍ෂලතා වලට යහපත හෝ නපුර කිරීමේ හැකියාවක් නැත . මෙලෙස වන්නේ ඒවාට තීරණය ගැනීමේ හැකියාවක් නොමැති නිසාය. මේවා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට නිරායාසයෙන්ම කීකරු වේ. මන්ද ඒවා මවනු ලැබුවේ නිදහස් කැමැත්තක් ඇති හැකියාව නොමැතිවය. එම නිසා මේවාට දෙවියන්වහන්සේගේ දරුවන් වන්නට බැරිය. යාන්ත්‍රික රොබෝවක් එය නිර්මාණය කල විද්‍යාඥයා නියම කරන සියලූ අණ ක්‍රියාත්මක කරන පිණිස සැකසුම් කල හැකිය. මෙලෙස රොබෝව ක්‍රියාත්මක වන අතර, විද්‍යාඥයාගේ පුත්‍රයා මෙන් කිසිලෙසකින්වත් පැමිණිලි කරන්නේ නැත . නමුත් රොබෝවකුට කිසිදා ඔහුගේ පුත්‍රයා වන්නට නොහැකිය. සදාචාරාත්මක පුද්ගලයෙකු වීමට අවශ්‍ය දෙවන ප්‍රධාන අවශ්‍යතාවය නම් හෘද සාක්‍ෂියයි. සත්වයන්ට සහ පක්‍ෂීන්ට ඉවෙන් දේවල් කිරීමට තෝරා ගත හැකිය. එහෙත් මොවුන් සදාචාරාත්මක ජීවීන් නොවන්නේ හෘද සාක්‍ෂියක් නොමැති නිසාය. එම නිසා මොවුන්ට ශුද්ධව හෝ පව්කාර ලෙස සිටීමට නොහැකි වන අතර දෙවියන්වහන්සේගේ දරුවන් වීමටද බැරිය. මන්ද දෙවියන්වහන්සේ සදාචාරාත්මක ගුණාංග ඇති තැනැන්වහන්සේය. එලෙසම පක්‍ෂීන්ට සහ සිවුපාවුන්ට ඔබගේ දරුවන් වන්නටද නොහැකිය.

බල්ලෙකුට අපගේ සෑම අණකට කීකරු වීමට පුහුණු කල හැකිය. නමුත් බල්ලෙකුට කිසිසේත් අපගේ දරුවෙක් වන්නට බැරිය. මන්ද ඔබගේ දරුවාට ඔබගේම ස්වභාවය තිබිය යුතුය. ඔබගේ බල්ලාට එවැනි ස්වභාවයක් නැත .

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මවනු ලැබුවේ උන්වහන්සේගේ ස්වරූපය සහිතවය.

මේ හේතුවෙන් අපට උන්වහන්සේගේ දරුවන් වීමේ හැකියාව ඇත . හෘද සාක්‍ෂිය නමැති අප තුලින් නික්මෙන්නාවූ හඬ තුලින් අප සදාචාරාත්මක ගුණාංග ඇති අය බව සිහිපත් කරණ අතර අප දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කරන විට අපව වරදට පත් කරයි.

දේවදූතයන් මවනු ලබුවේ නිදහස් කැමැත්තක් සහ හෘදසාක්‍ෂියක් ඇතිවය. මේ හේතුවෙන් මැවිල්ලේ මුල් සමයේදී ඔවුන්ට අද්වීතීය තත්වයක් තිබුණි. දේවදූතයන් සදාචාරාත්මක ගුණාංග ඇති අයවලූන් ලෙස සිටියෝය. නමුත් ඔවුන්ගේ නායකයා වූ ලූසිෆර් තුල අයහපත් සිතුවිලි සහ අරමුණු ඇතිවන්නට යෙදුනි.

විශ්වයේ පලමු වතාවට නපුර ආරම්භවූයේ මේ අවස්ථාවේදීය. ලූසිෆර්ගේ සිතුවිලි අයහපත් වූවා පමණක් නොව ඒවා උඩඟු කැරළිකාර වියවුල් සහගත ඒවා විය.

මෙතෙක් විශ්වය පූර්ණ පවිත්‍රතාවයෙන් පැවතුනේය. නමුත් දැන් නිදහස් කැමැත්තක් ඇතිව මවනු ලැබූ තැනැත්තාගේ හදවත තුල නපුර හිස ඔසවන්නට විය. නපුර පළමුකොට ආරම්භවූයේ හදවත තුල බව අප සිහිතබාගත යුතුය.

මුලින් මෙයට පිටත බලපෑමක් නොවීය. අදත් නපුර ආරම්භ වන්නේ සිත තුලය.ලෝකයට නපුර ගෙනාවාවූ පළමුවන පාපය වූයේ උඩඟුව බව අප සිහිතබා ගත යුතුය. දෙවියන්වහන්සේගේ සමීප අභිමුඛයෙන් ලූසිෆර්ව පහ කරන ලදී. ඒ මොහොතේ සිට ලුසිෆර්, සාතන් යන නමින් හඳුන්වනු ලබයි.

බයිබලය සාතන්ගේ වැටීම විස්තර කරණු ලබන්නේ මෙලෙසය. (යෙසායා 141:2-15) ..අලූයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි නුඹ සිත තුල සිතාගෙන මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමාවල තිඛෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි.

මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය. එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත . ..

සාතන් පහ කරණු ලැබූ අවස්ථාවේදී ඔහු සමග ඔහුගේ කැරැල්ලට සම්බන්ධ වීමට දශලක්‍ෂ සංඛ්‍යාත දේවදූත සමූහයක් එක්කර ගැනීමට ඔහු සමත්විය. මෙම මහත් සංඛ්‍යාව ස්වර්ගයේ සිටි මුළු දේවදූතයින්ගෙන් 1⁄3 ක ප්‍රමාණයක් විය. (එළිදරව් 12 4) දෙවියන්වහන්සේ ඔවුන් සමඟ ලූසිෆර්ද ස්වර්ගයෙන් පහ කල සේක . මෙම වැටුවානූ දේවදූතයන් නපුරු ආත්ම ලෙස ක්‍රියා කරමින් අද දවසේත් මනුෂ්‍යයන්ට හිරිහැර සහ පීඩා කරන්නෝය. සමහරවිට ඔබ නපුරු ආත්ම නිසා හෝ වෙනත් අය ඔබට විරුද්ධව කරණ ලද යක‍ෂ බන්ධන නිසා පීඩා විඳිනවා ඇත . එසේ නම් බයිබලය ඔබට යහපත් ආරංචියක් ලබාදෙයි. ඔබට සදහටම මෙම පීඩාවලින් සම්පූර්ණයෙන් නිදහස් වීමට පුළුවන .

මෙම පොත ඔබ අවධානයෙන් කියවා අවසාන වූ විට දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් මොනතරම් හාස්කම් කල හැකිද යන කාරණය පැහැදිලි වනවා ඇත .

සමහර අය දැන් අසන ප්‍රශ්නයක් නම් ..මේ ලෝකයේ තිඛෙන සියලූ ආකාර නපුරට හේතුව සාතන් නම් දෙවියන්වහන්සේ සාතන් සහ සියලූ නපුරු ආත්ම විනාශ නොකරන්නේ ඇයි?.. යන්නයි දෙවියන්වහන්සේට මෙය කිරීමට අවශ්‍ය නම්, එක මොහොතකින් එය කල හැකිය.

නමුත් උන්වහන්සේ එසේ නොකරන සේක .

මෙයින් ඔප්පුවන්නේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව තුල, සාතන්ටත් ඔහුගේ සගයන් වූ යක‍ෂ ආත්ම වලටත් ක්‍රියා කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් උන්වහන්සේට යම් අරමුණක් හා හේතුවක් තිඛෙන බවය. මෙම අරමුණේ කොටසක් නම් මෙලොව ජීවිතය මනුෂ්‍යයාට අපහසු, අවිනිශ්චිත , භයානක තත්වයක් තුල තමාගේ පහසුව පමණක් මෙලොව නොසොයා සදාකාලික ජීවිතය ගැන හැඟීමක් ඇතිවී මනුෂ්‍යයා දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිසය.

මෙලොව ජීවිතය ලෙඩරෝගයෙන් පීඩාවලින් දුගීකමින් දුක්විඳීමෙන් තොරවූ සැපපහසු එකක් වූයේ නම්, කිසිවෙක් දෙවියන්වහන්සේ ගැන සිතන්නට යොමු වන්නේ නැත . එම නිසා දෙවියන්වහන්සේ මෙලොව ජීවිතයේ දුක , අවිනිශ්චිතකම, පීඩාව උපයෝගී කරගනිමින් මේවා තුලින් මනුෂ්‍යයාට උන්වහන්සේ ගැන සිතන්ටත් උන්වහන්සේ වෙතට හැරෙන්ටත් පාවිච්චි කරණ සේක .

යක‍ෂයා විසින් ගෙන එනු ලබන රෝග සහ පරික‍ෂා ප්‍රේමවන්ත දෙවියන්වහන්සේගේ අවසරය ඇතුව එන ප්‍රශ්න වන අතර, ඒවා තුලින් අපව උන්වහන්සේ වෙතට හරවා ගැනීමට ක්‍රියාත්මක වේ. මේ ආකාරයෙන් මේවා, උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වන සංඛේත වේ.

දෙවියන්වහන්සේට බොහෝ සේ ලංව සිටියාවූ ව්‍යාපාරිකයෙක් ගැන කථාවක් මා අසා ඇත . ඔහුගේ ව්‍යාපාරය දියුණුවන අතර ඔහු උන්වහන්සේගෙන් ඈත් විය.

සභාවේ වැඩිමහලූන් ඔහුව නැවත දෙවියන්වහන්සේ වෙත හරවා ගැනීම පිණිස නැවත නැවතත් ඔහුට කථා කලත් ඔහු තමාගේ ව්‍යාපාර සමඟ තදින් බැඳී සිටියේය. දිනක් ඔහුගේ පුත්‍රයන් තිදෙනාගෙන් බාලයා විසකුරු සර්පයෙක් විසින් දෂ්ඨ කරණු ලැබ බරපතල අසාධ්‍ය තත්වයකට පත්වුනි. දොස්තර වරුන් පවා ඔහුව සුවකර ගැනීමේ සියළු බලාපොරොත්තු අත්හැරියෝය. බොහෝ සේ කැළඹීමට පත් වූ පියා තමාගේ පුත්‍රයාට යාච්ඤා කරණු පිණිස සභාවේ වැඩිමහල්ලන් කැඳවූයේය. ප්‍රඥාවෙන් පිරී වැඩිමහල්ලෙක් පැමිණ මෙලෙස යාච්ඤා කලේය. ..ස්වාමිනී මේ දරුවා සපා කෑමට මෙම සර්පයා එවීම ගැන ස්තූතියි. මන්ද ඔබ වහන්සේ ගැන සිතීමට මෙම පවුල යොමු කර ගැනීමට මට මෙතෙක් කිසිසේත් නොහැකි විය. මට අවුරුදු හයක් තුල කරන්නට බැරි වූ දේ මේ සර්පයා මොහොතකින් කර ඇත . ඔවුන් දැන් පාඩම ඉගෙන ගෙන තිඛෙන නිසා ස්වාමිනි දැන් මේ දරුවා සුව කල මැනව.. එලෙසම ස්වාමීනි ඔබ වහන්සේ වෙත යොමුවෙන පිණිස සර්පයන් එන්නට අවශ්‍යතාවයක් නැවත නොවන්නට කරුණා කල මැනව..

තමන්ට තදබල අසනීපයක් හෝ පිළිකාවක් නිසා හදිසියේ ආරෝග්‍යශාලාවට යෑමට සිදුවනතෙක්, දෙවියන්වහන්සේ ගැන කිසිසේත් සිත යොමු නොකරණ අය සිටිති. එවැනි අවස්ථාවකදී ඔවුන් දෙවියන්වහන්සේ වෙත හැරී ගැලවීම ලබාගන්නෝය. සුව නොවන රෝග, අසනීප, දිළිඳුකම, සහ වෙනත් ලෝකයේ ඇති නපුරු දේ මනුෂ්‍යයන් පාපයෙන් හරවන පිණිස දෙවියන්වහන්සේ ඒවා භාවිතා කරණ සේක . මෙලෙස උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයේ තිඛෙන තමන්ගේ සදාකාලික නිවස වෙත යන්නට මඟ පෙන්වන සේක මේ ආකාරයෙන් දෙවියන්වහන්සේ සාතන් විසින් සිදුකරන නපුරු දේම පාවිච්චි කර සාතන්ගේ ග්‍රහණයෙන් මනුෂ්‍යයන් මුදවා සදාකාල ගැලවීමට ගෙන එන සේක .

මෙලෙස දෙවියන්වහන්සේ නැවත නැවතත් සාතන්ව මෝඩකමට පත්කරන සේක .

අන්‍යයන් වෙනුවෙන් හෑරූ වලටම නැවත නැවතත් සාතන්ව තල්ලූ කරනු ලබයි.

සාතන්ට ක්‍රීයා කිරීමට දෙවියන්වහන්සේ විසින් ඉඩ සලස්වන තවත් හේතුවක් නම් උන්වහන්සේගේ දරුවන් පවිත්‍ර කරන පිණිසය. උදාහරණයක් වශයෙන් ගින්දර ගැන බලමු. ලෝක ඉතිහාසයේ දස ලක‍ෂ ගණන් මිනිසුන් ගින්නෙන් පිලිස්සී මියගොස් ඇති බව අප දනිමු. නමුත් කිසිවෙක් ගින්දර පාවිච්චි කිරීමෙන් වැලකී සිටින්නේ නැත . මෙයට හේතුව කුමක්ද ? ආහාර පිසීම පිණිස ගින්දර අවශ්‍යය.

එලෙසම රථ වාහන ගුවන් යානා සහ යන්ත්‍ර ක්‍රියාත්මක කරණ පිණිසද, රන් පවිත්‍රකරණ පිණිසද, ගින්දර අවශ්‍ය දෙයකි. එම නිසා ගින්දර වල හානිදායක ස්වභාවයක් තිබුනත් ප්‍රයෝජනවත් දේ කරගැනීමට ද උපකාර වේ.

මෙලෙසම සාතන් නපුරෙන් යුක්තව සිටිමින් අන්‍යයන් නොමඟ යැවීමට කටයුතු කරතත්, දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කාරණා කර ගන්නා පිණිස ඔහුව පාවිච්චි කරන සේක . දෙවියන්වහන්සේගේ දරුවන් නොයෙකුත් දරුණු පීඩා සහ පරික‍ෂා තුලින් සෝදිසි කරන්ට උන්වහන්සේ සාතන්ට අවසර දෙන්නේ ගින්න තුලින් පවිත්‍රවන රත්‍රන් මෙන් මේවා තුලින් ඔවුන් වඩා පවිත්‍රකමට සහ ශුද්ධ කමට පැමිණවීම පිණිසය.