“එබැවින් ඔබේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, ඔබේ සහෝදරයා ඔබ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී ඔබ සැමට සිහිවී නම්, ඔබේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට ඔබේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් ඔබේ පඬුර පුදන්න.”
සූදානම් වීමේ “යෑම” – ඔස්වල්ඩ් චේම්බර්ස්
අපි ජීවිතේ එක මොහොතකදී සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා ඉන්නවා කියලා හිතාගන්න එක හරිම ලේසියි. ඒත් සූදානම කියන්නේ එකපාරටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඇත්තටම කිව්වොත්, ඒක දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕනේ ක්‍රියාවලියක්. අපේ දැනට තියෙන ආත්මික මට්ටම ගැන තෘප්තිමත් වෙලා ඒකේම හිරවෙලා ඉන්න එක භයානකයි. කිතුනු ජීවිතයට ඕනේ වෙන්නේ නැවත නැවතත් සූදානම් වෙන එකයි.
කිතුනු ජීවිතයකදී තමන්වම කැප කරන එක ගැන අලුත් කිතුනුවෙක්ට දැනෙන්නේ ලොකු ආකර්ෂණයක්. මනුෂ්‍ය විදිහට අපිව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඇදගන්නේ අපේ හිතේ තියෙන වීරත්වය ගැන හැඟීමයි. ඒත් උන්වහන්සේගේ වචන වලින් අපේ ජීවිතේ ගැඹුරින් පිරික්සද්දී, ඒ උද්යෝගය කොයි තරම් දුරට ඇත්තද කියලා පරීක්ෂාවට ලක් වෙනවා. “…ඔබේ මාවතේ යන්න. පළමුවෙන් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න….” සූදානම සඳහා වන මේ ‘යෑම’ කියන්නේ දෙවියන්වහන්සේගේ වචනයට ඔබව හොඳින් පරීක්ෂා කරන්න ඉඩ දෙන එකයි. ඔබට දැනෙන ඒ වීරෝදාර කැපවීම විතරක් මදි. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළින් හඳුනාගන්නේ උන්වහන්සේගේ සේවයට කවදාවත් ගැළපෙන්නේ නැති ඔබේ ස්වභාවයයි. ඒ ස්වභාවය ඔබ තුළ තියෙනවා කියලා දකින්න පුළුවන් වෙන්නේ දෙවියන්වහන්සේට විතරයි. දෙවියන්වහන්සේගෙන් හංගන්න ඔබට මොනවා හරි තියෙනවද? එහෙම තියෙනවා නම්, උන්වහන්සේගේ ආලෝකයෙන් ඔබව පරීක්ෂා කරන්න දෙන්න. ඔබේ ජීවිතේ පාපයක් තියෙනවා නම්, ඒක පිළිගන්න විතරක් නෙමෙයි, උන්වහන්සේ ඉදිරියේ ඒක පාපෝච්චාරණය කරන්න. ඔබේම අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ කොයි තරම් අපහසුතාවයට පත් වුණත්, ඔබේ ස්වාමීන්වහන්සේට සහ ගුරුතුමාණන්ට කීකරු වෙන්න ඔබ සූදානම්ද?
ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට දෙන ඒ කිසිම ඒත්තු ගැන්වීමක් නොසලකා හරින්න එපා. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේට ඔබේ මනසට ඒ දේ ගෙන එන්න තරම් ඒක වැදගත් නම්, උන්වහන්සේ ඔබේ තුළ දකින්නේ ඒ දේම තමයි. ඔබ හිතාගෙන ඉන්නේ ඔබ අත්හරින්න ඕනේ මොකක් හරි ලොකු දෙයක් ගැන වෙන්න ඇති, ඒත් දෙවියන්වහන්සේ ඔබට කියන්නේ අත්හරින්න ඕනේ ඒ පොඩිම දේ ගැනයි. ඒ පොඩි දේ පිටුපස තියෙන්නේ ඔබේ දැඩි හිතුවක්කාරකමේ බලකොටුවයි. එතකොට ඔබ කියනවා, “මම මගේ අයිතිවාසිකම් අත්හරින්නේ නැහැ” කියලා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් වෙන්න නම් දෙවියන්වහන්සේ ඔබට අත්හරින්න කියන ඒ දේම තමයි ඔබ අල්ලගෙන ඉන්නේ.
සලමොන්ගේ ගීතිකාව 4-5; ගලාති 3
ඔස්වල්ඩ්ගෙන් ලැබෙන ප්‍රඥාව
අවංකකම කියන්නේ බාහිර පෙනුම සහ ඇතුළාන්තය එකම දෙයක් විදිහට තියෙන එකයි. කන්ද උඩ දේශනාව පිළිබඳ අධ්‍යයන, 1449 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.