Luke 18:31
“උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: බලව, අපි යෙරුසලමට යමුව, මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණවන්නේය.”
Daily Devotionals
NEW MERCIES

මිෂනාරිවරයාගේ අරමුණ – ඔස්වල්ඩ් චේම්බර්ස්

සැප්තැම්බර් 23, 2026මිනිත්තු 2ක කියවීමක්

අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි වයසින් වැඩෙද්දී අපේ අභිලාෂයන් වෙනස් වෙනවා. ඒත් කිතුනු ජීවිතයේදී ඉලක්කය මුලින්ම දීලා තියෙනවා. එහි පටන්ගැන්මත් කෙළවරත් එකම දෙයක්, ඒ කියන්නේ අපේ ස්වාමීන්වහන්සේමයි. අපි පටන්ගන්නේ ක්‍රිස්තුස්වහන්සේගෙන්, කෙළවර කරන්නෙත් උන්වහන්සේගෙන්මයි— “…අපි සියල්ලන්ම… ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණත්වයේ ප්‍රමාණයට පැමිණෙන තෙක්…” (එෆීස 4:13), අපිම හිතන කිතුනු ජීවිතය විය යුතු විදිහට නෙමෙයි. මිෂනාරිවරයෙකුගේ ඉලක්කය වෙන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමයි. ප්‍රයෝජනවත් වෙන එක හරි, නැතිවූ අයව දිනාගන්න එක හරි ඒකේ ප්‍රධාන ඉලක්කය නෙමෙයි. මිෂනාරිවරයෙක් ප්‍රයෝජනවත් වෙනවා. නැතිවූ අයව දිනාගන්නවා තමයි. ඒත් ඒක එයාගේ ඉලක්කය නෙමෙයි. එයාගේ ඉලක්කය තමන්ගේ ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිරීමයි.

අපේ ස්වාමීන්වහන්සේගේ ජීවිතයේදී, ජෙරුසලම කියන්නේ කුරුසිය මතදී උන්වහන්සේ තම පියාණන්වහන්සේගේ කැමැත්තේ උපරිමයට ළඟා වුණු තැනයි. අපි යේසුස්වහන්සේ එක්ක එතැනට යන්නේ නැත්නම්, උන්වහන්සේත් එක්ක අපිට කිසිම මිත්‍රත්වයක්වත් සහභාගිකමක්වත් නැහැ. ජෙරුසලමට යන ගමනේදී කිසිම දෙයකට අපේ ස්වාමීන්වහන්සේව එක අඟලක්වත් වෙනස් කරන්න බැරි වුණා. උන්වහන්සේට පීඩා ලැබුණු ගම්වලින් උන්වහන්සේ ඉක්මනින් යන්නෙත් නෑ, ආශීර්වාද ලැබුණු ගම්වල දිගටම නවතින්නෙත් නෑ. කෘතඥතාවයවත් අකෘතඥතාවයවත් අපේ ස්වාමීන්වහන්සේව “ජෙරුසලමට යන්න” කියන උන්වහන්සේගේ අරමුණෙන් අබමල් රේණුවකින්වත් වෙනස් කළේ නැහැ.

“ගෝලයා තම ගුරුවරයාට වඩා උසස් නැත, මෙහෙකරුවා ද තම ස්වාමියාට වඩා උසස් නැත” (මතෙව් 10:24). වෙන විදිහකට කියනවා නම්, අපේ ස්වාමීන්වහන්සේට වුණු දේම තමයි අපිත් අපේ “ජෙරුසලම” කරා යන ගමනේදී අත්විඳින්න වෙන්නේ. අප හරහා දෙවියන්වහන්සේගේ ක්‍රියා පෙන්වෙයි. මිනිස්සු ආශීර්වාද ලබයි. එක්කෙනෙක් දෙන්නෙක් කෘතඥතාවය පෙන්වයි. අනිත් අය සම්පූර්ණයෙන්ම අකෘතඥ වෙනවා. ඒත් කිසිම දෙයකට අපිව “අපේ ජෙරුසලම” කරා යන ගමනෙන් වෙනස් කරන්න ඉඩ දෙන්න එපා.

“…එහිදී ඔවුහු උන්වහන්සේව කුරුසිපත් කළෝය…” (ලූක් 23:33). අපේ ස්වාමීන්වහන්සේ ජෙරුසලමට ළඟා වුණු වෙලාවේ වුණේ ඒකයි. ඒ සිද්ධියම අපේ ගැළවීමට දොරටුවයි. ඒත් ශුද්ධවන්තයන්ගේ අවසානය කුරුසිපත් වීම නෙමෙයි; ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඔවුන්ගේ අවසානය මහිමයයි. මේ අතරතුර, අපෙන් එක් එක් කෙනා “මමත් ‘ජෙරුසලමට’ යනවා” කියලා කියන එකම අපේ වචන පාඨය වෙන්න ඕනේ.

සාලමොන්ගේ ගීතිකාව 1-3; ගලාති 2


ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාවේ වචනයක්

දෙවියන්වහන්සේ අපේ ආත්මික ජීවිතය වර්ධනය කරන්නේ අපේ තත්වයන් නිසා නැතුව නෙමෙයි, ඒ තත්වයන් තුළින්ම සහ ඒවා මාර්ගයෙන්මයි. නොදන්නා තැනකට, 900 L