“මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැෙනන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.”
උන්වහන්සේගේ සහ අපේ පරීක්ෂාවන් – ඔස්වල්ඩ් චේම්බර්ස්
අපි නැවත උත්පත්තිය ලබන තෙක්, අපිට තේරෙන්නේ යාකොබ් 1:14 හි සඳහන් වෙන පරීක්ෂාව විතරයි. එනම්, “එක් එක් කෙනා තමාගේම ආශාවෙන් ඇදී ගොස් රැවටෙද්දී පරීක්ෂාවට ලක් වෙයි.” නමුත් නැවත උත්පත්තිය තුළින්, අපි වෙනත් රාජ්‍යයකට ඔසවනු ලබනවා. එතැනදී මුහුණ දෙන්න තියෙන්නේ තව පරීක්ෂාවන් වර්ගයකටයි. ඒ කියන්නේ අපේ ස්වාමීන්වහන්සේ මුහුණ දුන් පරීක්ෂාවන්. අප විශ්වාස නොකළ අය වුණාම, යේසුස්වහන්සේ මුහුණ දුන් පරීක්ෂාවන් අපට ආකර්ෂණයක් වුණේ නැහැ. මොකද ඒවා අපේ මනුෂ්‍ය ස්වභාවයට ගැළපුණේ නැහැ. අපි නැවත ඉපදී උන්වහන්සේගේ සහෝදරයන් වෙන තෙක්, උන්වහන්සේගේ පරීක්ෂාවන් සහ අපේ පරීක්ෂාවන් තියෙන්නේ වෙනමම මට්ටම් දෙකකයි. යේසුස්වහන්සේගේ පරීක්ෂාවන් කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ පරීක්ෂාවන් නෙමෙයි, මනුෂ්‍යයෙකු ලෙස සිටින දෙවියන්වහන්සේගේ පරීක්ෂාවන්. නැවත උත්පත්තිය තුළින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් අප තුළ හැඩගැස්වෙනවා (ගලාති 4:19 බලන්න). අපේ භෞතික ජීවිතයේදීත්, උන්වහන්සේට මේ පොළොවේ තිබුණා වගේම තත්ත්වයක් ලැබෙනවා. සාතන් අපව පරීක්ෂා කරන්නේ අප ලවා වැරදි දේවල් කරවන්න විතරක් නෙමෙයි. නැවත උත්පත්තිය තුළින් දෙවියන්වහන්සේ අප තුළ තැබූ දේ, ඒ කියන්නේ දෙවියන්වහන්සේට වටිනා කෙනෙක් වෙන්න තියෙන හැකියාව, අපෙන් නැති කරලා දමන්නයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු අප ළඟට එන්නේ පව් කරන්න පොළඹවන්න කියලා විතරක් නෙමෙයි. අපේ දැක්ම වෙනස් කරන්න කියලා තමයි. මෙය යක්ෂයාගේ පරීක්ෂාවක් කියලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේට විතරයි.
පරීක්ෂාව කියන්නේ අපේ ඇතුළාන්ත, ආත්මික කොටස තුළ තිබෙන සම්පත්, අපට පිටතින් හා අපට අයිති නැති බලයකින් අත්හදා බැලීමකට ලක් කිරීමයි. ඒකෙන් අපේ ස්වාමීන්වහන්සේගේ පරීක්ෂාව පැහැදිලි වෙනවා. යේසුස්වහන්සේගේ බෞතිස්මයෙන් පස්සේ, “ලෝකයේ පාපය දුරු කරන” උන්වහන්සේ (යොහන් 1:29) කියන තමන්ගේ මෙහෙවර භාරගෙන, උන්වහන්සේ “ආත්මයාණන්වහන්සේ විසින් පාළුකරයට ගෙනයනු ලැබුවා” (මතෙව් 4:1) සහ යක්ෂයාගේ පරීක්ෂණවලට මුහුණ දෙන්න යොමු කළා. ඒත් උන්වහන්සේ වෙහෙසටවත් ක්ලාන්තයටවත් පත් වුණේ නැහැ. උන්වහන්සේ “කිසිදු පාපයකින් තොරව” පරීක්ෂාව හරහා ගියා. උන්වහන්සේගේ ආත්මික ස්වභාවයේ තිබුණු සියලු සම්පත් ද සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගත්තා.
හිතෝපදේශ 30-31; 2 කොරින්ති 11:1-15
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාවේ වදන්
අනාගතවක්තෘවරුන්ගේ පණිවිඩය වුණේ, ඔවුන් දෙවියන්වහන්සේව අත්හැරියත්, එයින් දෙවියන්වහන්සේ වෙනස් නොවන බවයි. අප විශ්වාසවන්ත නැති වුණත් දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේම ලෙස රැඳී සිටින බව ප්‍රේරිත පාවුලුත් ඒම සත්‍යයම අවධාරණය කරනවා (2 තිමෝති 2:13 බලන්න). අපේ වෙනස්වීම් එක්ක දෙවියන්වහන්සේත් වෙනස් වෙනවා කියලා කවදාවත් හිතන්න එපා. උන්වහන්සේ කවදාවත් එහෙම කරන්නේ නැහැ; උන්වහන්සේ තුළ කිසිම වෙනස්වීමක් නැහැ. එසකියෙල් පිළිබඳ සටහන්, 1477 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.