“මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.”
පරීක්ෂාවල යහපතක් තියෙනවද?
අද වෙනකොට ‘පරීක්ෂාව’ කියන වචනයෙන් අපිට හිතෙන්නේ නරක දෙයක්. ඒත් අපි ඒ වචනය පාවිච්චි කරන්නේ වැරදි විදිහටයි. පරීක්ෂාව කියන්නේම පාපයක් නෙමෙයි; මනුෂ්‍යයෙක් විදිහට අපි හැමෝම ඒකට මුහුණ දෙන්නම වෙනවා. අපිට කිසිම පරීක්ෂාවක් නැත්නම්, ඒකෙන් අදහස් වෙන්නේ අපි දැනටමත් කොච්චර පහත් තත්වයකට වැටිලාද කියන එකයි. ඒත් අපෙන් ගොඩක් දෙනෙක් අනවශ්‍ය පරීක්ෂාවලින් පීඩා විඳිනවා. ඒකට හේතුව, වෙනත් විදිහේ පරීක්ෂාවලට මුහුණ දෙන්න පුළුවන් උසස් තත්වයකට අපව ඔසවලා තබන්න දෙවියන්වහන්සේට ඉඩ දෙන්න අපි අකමැති වීමයි.
කෙනෙක්ගේ ඇතුළාන්ත ස්වභාවය, එහෙමත් නැත්නම් එයාගේ ඇතුළාන්ත ආත්මික පැත්තේ තියෙන දේ, එයා පිටතින් මොන වගේ දේවලින් පරීක්ෂාවට ලක්වෙනවාද කියන එක තීරණය කරනවා. පරීක්ෂාව එන්නේ ඒ පුද්ගලයාගේ සැබෑ ස්වභාවයට ගැලපෙන විදිහටයි. ඒ වගේම ඒකෙන් එයාගේ ස්වභාවයේ තියෙන හැකියාවන් එළිදරව් වෙනවා. ඇත්තටම තමන්ට එන පරීක්ෂාවේ මට්ටම තීරණය කරන්නේ එක් එක් කෙනාමයි. මොකද පරීක්ෂාව එන්නේ කෙනෙක්ගේ ඇතුළාන්තය පාලනය කරන ස්වභාවයේ මට්ටමට අනුවයි.
පරීක්ෂාව මගේ ළඟට එන්නේ මගේ ඉහළම ඉලක්කය සපුරාගන්න පුළුවන් කෙටි මඟක් යෝජනා කරමින්. ඒක මාව යොමු කරන්නේ මම නරකයි කියලා හිතන දේකට නෙමෙයි, මම හොඳයි කියලා හිතන දේකටයි. පරීක්ෂාව කියන්නේ මොහොතකට මාව අන්දමන්ද කරන දෙයක්. එතකොට යම් දෙයක් හරිද වැරදිද කියලා මට තේරෙන්නේ නැතිව යනවා. මම ඒකට යටත් වුණාම, මම තෘෂ්ණාව දෙවියෙක් කරගෙන ඉවරයි. ඒ පරීක්ෂාවම සාක්ෂි දෙනවා, කලින් මම ඒ පාපයට වැටුණේ නැත්තේ මගේම බිය නිසා විතරයි කියලා.
පරීක්ෂාව කියන්නේ අපිට මඟහැරලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම, ඒක කෙනෙක්ගේ පූර්ණ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. තමන්ට විතරයි මේ පරීක්ෂාව එන්නේ කියලා හිතන්න එපා. ඔබ ගමන් කරන දේ මනුෂ්‍ය වර්ගයාට පොදු උරුමයක් මිසක්, කිසිවෙක් මීට කලින් නොවිඳි දෙයක් නෙමෙයි. දෙවියන්වහන්සේ අපව පරීක්ෂාවලින් මුදවා ගන්නේ නෑ — උන්වහන්සේ කරන්නේ ඒවා මැද අපව උසුලාගෙන, අපව තදින් රැකගන්න එකයි (හෙබ්‍රෙව් 2:18 සහ හෙබ්‍රෙව් 4:15-16 බලන්න).
හිතෝපදේශ 27-29; 2 කොරින්ති 10
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාවේ වචනයක්
ජීවිතයේ කිසිම වේදනාවක් නැති අයට යේසුස්වහන්සේ මෙහෙම පවසනවා: “මගෙන් ඔබට දෙන්න දෙයක් නෑ; ඔබේම කකුල් දෙකෙන් නැගිටින්න, ඔබේම උරහිස් කෙළින් කරගන්න. මම ආවේ තමන්ට දරාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ලොකු බරක් තියෙනවා කියලා දන්න, තමන්ට අල්ලලා දාන්න බැරි බලවේග තියෙනවා කියලා තේරුම් ගන්න මනුෂ්‍යයා උදෙසායි. එයා මට ඉඩ දෙනවා නම්, මම එයා වෙනුවෙන් හැමදේම කරනවා. මනුෂ්‍යයෙක් තමන්ට මගේ උදව් ඕනේ කියලා පිළිගන්නවා නම් විතරක් මම එයා වෙනුවෙන් ඒක කරනවා.”
වේදනාවේ සෙවනැල්ල
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.