“ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම ඔබ සැමගේ පාද සේදීම් නම් ඔබ සැම විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.”
මිෂනාරි ආයුධ (2)
එදිනෙදා ලැබෙන අවස්ථාවලදී සේවය කිරීම. අප වටා තියෙන එදිනෙදා අවස්ථාවලදී සේවය කරනවා කියන්නේ අපිට ඕනේ වටපිටාව අපිම තෝරගන්නවා කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සැලසුම් කරලා තියෙන, අහඹුයි වගේ පේන ඕනෑම පරිසරයක උන්වහන්සේට අවශ්‍ය විදිහට පාවිච්චි වෙන්න සූදානමින් ඉන්න, උන්වහන්සේගේ විශේෂ තේරීමක් වෙන එකයි. අපි දැනට ඉන්න වටපිටාව ඇතුළේ පෙන්වන අපේ සැබෑ ගතිගුණ තමයි, වෙනත් ඕනෑම වටපිටාවකදීත් අපි මොන වගේ කෙනෙක් වෙයිද කියලා පෙන්නුම් කරන්නේ.
යේසුස්වහන්සේ කළේ එදිනෙදා ජීවිතයේ තියෙන ඉතාම සුළු වැඩයි. මෙයින් අපිට පෙනෙන්නේ, ඉතාම සාමාන්‍ය වැඩක් වුණත් දෙවියන්වහන්සේ කැමති විදිහට කරන්න නම් මගේ තුළ දෙවියන්වහන්සේගේ මුළු බලයම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එකයි. උන්වහන්සේ කළා වගේ තුවායක් පාවිච්චි කරන්න මට පුළුවන්ද? අපේ ජීවිතවල තියෙන තුවා, පිඟන්, සෙරෙප්පු, වගේ හැම සාමාන්‍ය දෙයක්ම අපි ඇතුළාන්තයෙන්ම මොන වගේ අයද කියලා හැම දේකටම වඩා ඉක්මනින් හෙළි කරනවා. ඉතාම සුළු වැඩක් වුණත් කරන්න ඕනේ විදිහටම කරන්න නම්, සර්වබලධාරී දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස අප තුළ ජීවත් වෙන්න ඕනේ.
යේසුස්වහන්සේ මෙහෙම කිව්වා, “මා ඔබට කළා වගේම ඔබත් කරන පිණිස මම ඔබට ආදර්ශයක් දුන්නෙමි” (යොහන් 13:15). දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයට ගෙනෙන මිනිසුන් ගැන ටිකක් හිතලා බලන්න. ඇත්තටම ඔබ උන්වහන්සේට මොන වගේ කෙනෙක් වෙලා හිටියාද කියලා ඔබට පෙන්නලා දෙන්න දෙවියන්වහන්සේ පාවිච්චි කරන ක්‍රමය මේකයි කියලා තේරුම් ගත්තම ඔබට ලොකු නිහතමානීකමක් දැනේවි. දැන් උන්වහන්සේ අපිට කියන්නේ, උන්වහන්සේ අපිට පෙන්වපු දේම අපේ වටේ ඉන්න අයටත් ඒ විදිහටම පෙන්වන්න කියලයි.
“අනේ, මම මිෂනාරි සේවයට ගියාට පස්සේ ඒ හැමදේම කරන්නම්” කියලා ඔබත් හිතනවාද? මේ විදිහට හිතන එක හරියට යුද්ධයේ අගල් ඇතුළේ ඉඳගෙන ආයුධ හදන්න උත්සාහ කරනවා වගේ වැඩක් නේද? එහෙම කරන්න ගියොත්, ඒ උත්සාහය අතරමගදීම ඔබ මියයන්න පුළුවන්.
අපිට දෙවියන්වහන්සේ එක්ක “දෙවැනි සැතපුම” යන්න සිද්ධ වෙනවා (මතෙව් 5:41 බලන්න). ඒත් අපෙන් සමහරෙක් පළමු පියවර දහයේදීම හෙම්බත් වෙනවා. ඊට පස්සේ අපි මෙහෙම කියනවා: “හොඳයි, මගේ ජීවිතයේ ඊළඟ ලොකු අර්බුදය ළඟට එනකල් මම බලාගෙන ඉන්නම්.” හැබැයි අපිට ලැබෙන එදිනෙදා අවස්ථාවලදී අපි දිගටම සේවය කරන්නේ නැත්නම්, අර්බුදයක් ආපු වෙලාවට අපිට කිසිම දෙයක් කරන්න බැරි වෙනවා.
හිතෝපදේශ 10-12; 2 කොරින්ති 4
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
කිසිම වේදනාවක් අත්නොවිඳපු අයට යේසුස්වහන්සේ මෙහෙම කියනවා: “මට ඔබ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ. ඔබේම දෙපයින් නැගී සිටින්න, ඔබේම උරහිස් කෙළින් කරගන්න. මම ආවේ තමන්ට දරාගන්න බැරි තරම් ලොකු බරක් තියෙනවා කියලා දන්න, තමන්ට පාලනය කරන්න බැරි බලවේග තියෙනවා කියලා තේරුම් ගන්නා මිනිසා වෙනුවෙනුයි. ඔහු මට ඉඩ දෙනවා නම්, මම ඔහු වෙනුවෙන් හැමදේම කරනවා. කෙනෙක් තමන්ට මගේ උපකාරය ඕනේ කියලා පිළිගන්නවා නම් විතරක්, මම ඔහු වෙනුවෙන් ඒ හැමදේම කරනවා.”
වේදනාවක සෙවනැල්ල
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.