“ඉතින් තමන් වෙතට යාකොබ් හැරවීමටත් ඉශ්‍රායෙල්වරුන් තමන් වෙතට රැස්කිරීමටත් කුසේ පටන් මා තමන්ට සේවකයෙක් කරගත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක: (මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි මට ගෞරව ඇත්තේය, මාගේ දෙවියන්වහන්සේ මාගේ බලයව සිටිනසේක.)”
මිෂනාරිවරයාගේ පූර්ව නියමිත අරමුණ – ඔස්වල්ඩ් චේම්බර්ස්
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අපව තෝරාගෙන තියෙන බව අපි තේරුම් ගත්තට පස්සේ, මුලින්ම සිද්ධ වෙන්නේ අපේ පූර්ව මත, අපේ පටු සිතුවිලි, සහ අපේ වෙනත් සියලුම පක්ෂපාතීකම් නැතිවෙලා යන එකයි. අපි සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේගේම අරමුණේ සේවකයන් බවට පත් වෙනවා. මුළු මිනිස් වර්ගයාම මවන ලද්දේ දෙවියන්වහන්සේට මහිමය දෙන්නත්, සදහටම උන්වහන්සේ තුළ ප්‍රීති වෙන්නත් කියලායි. පාපය නිසා මිනිස් වර්ගයා වෙනත් මාර්ගයකට යොමු වුණත්, දෙවියන්වහන්සේගේ අරමුණ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. අපි නැවත උත්පත්තිය ලබද්දී, මිනිස් වර්ගයා වෙනුවෙන් දෙවියන්වහන්සේට තියෙන ඒ ශ්‍රේෂ්ඨ අරමුණ අපි තේරුම් ගන්නවා. ඒ කියන්නේ, උන්වහන්සේ අපව මවා තියෙන්නේ උන්වහන්සේ උදෙසාමයි කියන එක. දෙවියන්වහන්සේ විසින් අපව තෝරාගෙන තියෙන බව තේරුම් ගැනීම මේ පොළොව මත ලබන්න පුළුවන් ලොකුම සතුට තමයි. දෙවියන්වහන්සේගේ මේ පුදුමාකාර මැවීමේ අරමුණ කෙරෙහි විශ්වාසය තබන්න අපි ඉගෙනගන්න ඕනේ. දෙවියන්වහන්සේ මුලින්ම කරන්නේ මුළු ලෝකයේම යහපත හා අරමුණ අපේ හදවත් හරහා ගලා යන්න සැලැස්වීමයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය, ඒ වගේම උන්වහන්සේගේම ස්වභාවයත්, අපේ ඇතුළට ඇතුල් වෙනවා. සර්වබලධාරී දෙවියන්වහන්සේගේ ස්වභාවය යොහන් 3:16 තුළ පැහැදිලිවම අපිට පෙනෙන්න තියෙනවා— “දෙවියන්වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කළාද කියනවා නම්….”
දෙවියන්වහන්සේගේ මැවීමේ අරමුණ පිළිබඳ සත්‍යයට අපි හැමවෙලේම අපේ ආත්මය විවෘතව තියාගන්න ඕනේ. ඒක අපේම අභිප්‍රායන් එක්ක පටලවාගන්නවත්, අඳුරු කරගන්නවත් හොඳ නෑ. අපි එහෙම කළොත්, කොච්චර රිදුණත් දෙවියන්වහන්සේට සිද්ධ වෙනවා අපේ අභිප්‍රායන් පැත්තකට අයින් කරන්න. මිෂනාරිවරයෙක් මවා තියෙන්නේ දෙවියන්වහන්සේගේ සේවකයෙක් වෙන්න, දෙවියන්වහන්සේව මහිමයට පත්කරන කෙනෙක් වෙන්නයි. දෙවියන්වහන්සේගේ අරමුණට අපිව සම්පූර්ණයෙන්ම සුදුසු කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීම හරහා බව අපි තේරුම් ගත්තම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ඉල්ලීම්වලදී එතරම් දැඩි සහ නොපසුබස්නා ඇයි කියලා අපිට තේරෙයි. උන්වහන්සේ තමන්ගේ සේවකයන්ගෙන් පූර්ණ ධර්මිෂ්ඨකම ඉල්ලා සිටින්නේ, උන්වහන්සේ දෙවියන්වහන්සේගේම ස්වභාවය ඔවුන් තුළ තබා ඇති නිසයි.
ඔබේ ජීවිතය ගැන දෙවියන්වහන්සේට තියෙන අරමුණ ඔබට අමතක නොවෙන්න ප්‍රවේශම් වෙන්න.
දේශනාකාරයා 7-9; 2 කොරින්ති 13
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
අපි දෙවියන්වහන්සේගේ වචනය මිනිසුන් අතර දක්ෂ ලෙස භාවිතා කරන්න යනවා නම්, අපි සම්බන්ධතාවය තියාගන්න ඕනේ න්‍යායන් එක්ක නෙමෙයි, මිනිසුන් එක්කයි. අපි කිසිම වෙලාවක මිනිසුන්ගෙන් ඈත් වෙන්න හොඳ නෑ. දෙවියන්වහන්සේගේ වැඩකාරයෝ, 1341 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.