“එසේවුවත් ආත්මයන් ඔබ සැමට යටත්වන නිසා නොව ඔබ සැමගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.”
ප්‍රයෝජනවත් බවද, නැත්නම් සම්බන්ධතාවයද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙතැනදී මෙහෙම කියනවා, “මා වෙනුවෙන් ඔබ කරන සේවයේ සාර්ථකත්වය ගැන නෙමෙයි ප්‍රීති වෙන්න ඕනේ, මා සමඟ ඔබට තියෙන නිවැරදි සම්බන්ධතාවය ගැනයි ඔබ ප්‍රීති වෙන්න ඕනේ.” කිතුනු සේවයේ යෙදෙනකොට ඔබ වැටෙන්න පුළුවන් උගුලක් තමයි, තමන් කරපු සේවයේ සාර්ථකත්වය ගැන ආඩම්බර වීම — ඒ කියන්නේ දෙවියන්වහන්සේ ඔබව භාවිතා කළා නේද කියලා හිතලා සතුටු වීම. හැබැයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එක්ක ඔබට නිවැරදි සම්බන්ධතාවයක් තියෙනවා නම්, උන්වහන්සේ ඔබ හරහා මොන තරම් දේවල් කරාවිද කියලා ඔබට කවදාවත් මැන බලන්න බැහැ. උන්වහන්සේ එක්ක ඔබේ සම්බන්ධතාවය නිවැරදිව තියාගන්නවා නම්, ඔබේ තත්ත්වය කොහොම වුණත්, ඔබ දිනපතා කා හමුවුණත්, උන්වහන්සේ ඔබ තුළින් “ජීවන වතුර ගංගා” ගලා යන්න සලස්වනවා (යොහන් 7:38). ඇත්තටම උන්වහන්සේ ඔබට ඒක නොදැනෙන්න සලස්වන්නේ උන්වහන්සේගේ දයාව නිසයි. ගැළවීම සහ ශුද්ධීකරණය තුළින් දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඔබට ලැබුණාම, මතක තියාගන්න, ඔබේ තත්ත්වය මොන වගේ වුණත් ඒක ඇතුළේ ඔබව තබලා තියෙන්නේ දෙවියන්වහන්සේ බව. ඔබ “උන්වහන්සේ ආලෝකයෙහි වන්නාක් මෙන් ආලෝකයෙහි ගමන් කරනවා” නම් (1 යොහන් 1:7), ඔබේ තත්ත්වයන්ට ඔබ දක්වන ප්‍රතිචාර හරහා උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න උන්වහන්සේ ඉඩ දෙනවා.
අද කාලේ අපි හැමෝම වැඩි අවධානයක් දෙන්නේ සේවයට. කාගෙ හරි ප්‍රයෝජනය දිහා බලලා උදව් ඉල්ලන අය ගැන පරිස්සම් වෙන්න. ඔබ ප්රයෝජනවත්කමම මිනුම් දණ්ඩ කරගන්නවා නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි ලෝකයේ ජීවත් වුණු ලොකුම අසාර්ථකම කෙනා. ශුද්ධවන්තයෙකුට මග පෙන්වීම් සහ උපදෙස් එන්නේ දෙවියන්වහන්සේගෙන්මයි, කෙනෙක්ගේ ප්‍රයෝජනවත්කම මැනලා නෙමෙයි. වැදගත් වෙන්නේ අපි උන්වහන්සේ වෙනුවෙන් කරන දේ නෙමෙයි, උන්වහන්සේ අප තුළින් කරන දේයි. අපේ ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ වැඩිම අවධානයක් යොමු කරන්නේ ඒ කෙනාට දෙවියන්වහන්සේ සමඟ තියෙන සම්බන්ධතාවයටයි — ඒක උන්වහන්සේගේ පියාණන්වහන්සේට ඉතා වටිනා දෙයක්. යේසුස්වහන්සේ “බොහෝ පුත්‍රයන් මහිමයට පමුණුවමින්…” සිටිනවා (හෙබ්‍රෙව් 2:10).
ගීතාවලිය 129-131; 1 කොරින්ති 11:1-16
ඔස්වෝල්ඩ්ගෙන් ප්‍රඥාව
මම වයසට යනකොට මම උතුම් වෙනවාද, හොඳ වෙනවාද, අන් අයට උදව් කරන කෙනෙක් වෙනවාද, වඩාත් නිහතමානී වෙනවාද? යේසුස්වහන්සේ සමඟ ඉඳලා තියෙන කෙනෙක් විදිහට මිනිස්සු මාව දකිනවාද, එහෙමත් නැත්නම් මම තව තවත් මගේම මතය උඩ ඉන්න, හිතාමතාම මගේම මාර්ගයේ යන්න හදන කෙනෙක් වෙනවාද? තමන්ටම ඇත්ත කතා කරන එක ලොකු දෙයක්.
උදව් ලැබෙන ස්ථානය
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.