“මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.”
පවිත්‍රතාව සමග ගණන් ගැණීම —
අපි මුලින්ම කරන්නේ අපේ නොදැනුවත්කම විශ්වාස කරලා ඒක අහිංසකකම කියලා හිතාගන්න එකයි. ඊළඟට අපේ ඒ අහිංසකකම විශ්වාස කරලා ඒක පවිත්‍රකම කියලා හිතාගන්නවා. “හදවතින් නරක සිතුවිලි එනවා” කියලා යේසුස්වහන්සේ කියනකොට අපි ගැස්සිලා, “නෑ, මගේ හදවතේ එහෙම භයානක දේවල් මට කවදාවත් දැනිලා නෑ” කියලා කියනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ ඇතුළාන්තය ගැන හෙළි කරන දේ අපිට එච්චර අල්ලන්නේ නෑ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍ය හදවත ගැන පරම අධිකාරිය දරනවා. නැත්නම් උන්වහන්සේ කියන කිසිම දේකට අපි ඇහුම්කන් දෙන්න ඕනේ නෑ. උන්වහන්සේ දෙන රෝග විනිශ්චය විශ්වාස කරන්න මම සූදානම්ද? ඒ වෙනුවට මම මගේ අහිංසකකම විශ්වාස කරන්න තෝරගත්තොත්, යම් දවසක බියකරු විදිහට ඇහැරෙන තැනකට මම එනවා. එදාට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියපු දේ ඇත්ත කියලා මට තේරෙනවා. එතකොට මගේ ඇතුළේ තියෙන නපුරට සහ වැරදි කරන්න තියෙන ඉඩකඩට මම කම්පනය වෙනවා. මම තවමත් අහිංසකකම කියන රැකවරණය ඇතුළේ ඉන්නවා නම්, මම ඉන්නේ මෝඩයෙක්ගේ පාරාදීසයක විතරයි. මම කවදාවත් වංචාවක් කරපු කෙනෙක් හෝ කෙනෙකුට තර්ජනයක් වෙලා නැත්නම්, ඒකට හේතුව බියගුලුකම සහ මනුෂ්‍ය සමාජයේ පීඩනයේ මිශ්‍රණයක්. දෙවියන්වහන්සේ ඉදිරියේ මාවම නිරාවරණය කරද්දී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රෝග විනිශ්චය හරි කියලා මට තේරෙනවා.
මනුෂ්‍ය හදවත ආරක්ෂා කරගන්න තියෙන එකම දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමයි. මම මාවම උන්වහන්සේට භාර දුන්නොත්, මගේ හදවත ඇතුළේ තියෙන ඒ බිහිසුණු හැකියාවන් අත්විඳින්න මට කවදාවත් වෙන්නේ නෑ. පවිත්‍රකම කියන්නේ මටම ළඟා වෙන්න බැරි තරම් ගැඹුරු දෙයක්. ඒත් දෙවියන්වහන්සේ ඇතුල් වුණාම, උන්වහන්සේ මගේ පෞද්ගලික ජීවිතේ මැදට ගේන්නේ මගේ ස්වාමීන්ගේ ජීවිතේ පෙන්වුණ ඒම ශුද්ධාත්මයාණන්වහන්සේවයි. එතැන් ඉඳන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඒ නිදොස් පවිත්‍රකම මගේ වෙනවා.
ගීතාවලිය 40-42; ක්‍රියා 27:1-26
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
ස්වාභාවිකව බැලුවොත්, ශරීරයේ ලස්සන, ස්වාභාවික ජීවිතය, මිතුරුකම්, සබඳතා මේ හැමදේම පිරිහෙද්දී ඉක්මනින්ම හිත කඩා වැටෙනවා. ඒත් පාවුලු කියන්නේ අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරද්දී මේ දේවල් නිසා අපි අධෛර්යමත් වෙන්නේ නෑ. ඒවා මැදින් ආලෝකය එනවා කියලයි.
උදව් ලැබෙන තැන
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.