“ඔබ සැම අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දේද?”
ආධ්‍යාත්මික සෙවීම
යාච්ඤාව ගැන අපේ ස්වාමීන්වහන්සේ මෙතනදී පාවිච්චි කරපු උදාහරණය තමයි, හොඳ දෙයක් ඉල්ලන හොඳ දරුවෙක්ගේ උදාහරණය. අපි දෙවියන්වහන්සේ එක්ක තියෙන සබඳතාවය මොන වගේ වුණත් උන්වහන්සේ අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියන මතයේ ඉඳලයි අපි යාච්ඤාව ගැන කතා කරන්නේ (මතෙව් 5:45 බලන්න). ඔබ ඉල්ලන දේ දෙන එක දෙවියන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි කියලා කවදාවත් කියන්න එපා. අධෛර්යමත් වෙලා ඒක අත්හරින්නේ නැතුව, ඔබට ඒ දේ නොලැබුණේ ඇයි කියන හේතුව හොයලා බලන්න. තව තවත් උනන්දුවෙන් ඒ ගැන හොයලා සාක්ෂි පරීක්ෂා කරලා බලන්න. ඔබේ සහකරු හෝ සහකාරිය, ඔබේ දරුවන් සහ ඔබේ පන්තියේ යාළුවන් එක්ක තියෙන සබඳතාවය හරිද? ඒ සබඳතාවලදී ඔබ “හොඳ දරුවෙක්” වගේද? “මම කේන්තියෙන් සහ නුරුස්නා ගතියෙන් හිටියේ තමයි, ඒත් මට තාමත් ආත්මික ආශිර්වාද ඕනේ” කියලා ඔබට ස්වාමීන්වහන්සේට කියන්න වෙලා තියෙනවාද? ඔබට ඒවා ලැබෙන්නේ නැහැ. “හොඳ දරුවෙක්” වගේ ආකල්පයක් එනකම් ඒවා නැතුවම ඉන්න වෙයි.
අපි දෙවියන්වහන්සේට යටත් වෙනවා වෙනුවට උන්වහන්සේ එක්ක තර්ක කරනවා. භක්තිය කියලා අකීකරුකම වැරදියට වටහාගන්නවා. අපේ වැරදි පැහැදිලිවම පෙන්නුම් කරන සාක්ෂි බලන්නත් අපි කැමති නැහැ. මට අවශ්‍ය දෙයක් සඳහා සල්ලි දෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලනවාද, ඒත් මම වෙන කෙනෙක්ට ගෙවන්න තියෙන දේ නොගෙවලා ඉන්නවාද? මට ලැබිය යුතු නිදහස මම වෙන කෙනෙක්ට නොදී, දෙවියන්වහන්සේගෙන් මට නිදහස ඉල්ලනවාද? මම කාටහරි සමාව දෙන්න අකමැති වෙලා, ඒ කෙනාට කරුණාවක් නැතුව සලකලා තියෙනවාද? මගේ නෑදෑයන් සහ යාළුවන් අතරේ මම දෙවියන්වහන්සේගේ දරුවෙක් විදිහටද ජීවත් වෙන්නේ? (මතෙව් 7:12 බලන්න).
මම දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙන්නේ නැවත උපත ලැබීමෙන් විතරයි. උන්වහන්සේගේ දරුවෙක් විදිහට මම යහපත් වෙන්නේ මම “ආලෝකයේ ගමන් කරනවා” නම් විතරයි (1 යොහන් 1:7). අපෙන් වැඩි දෙනෙකුට යාච්ඤාව කියන්නේ දෙවියන්වහන්සේ එක්ක තියෙන ආධ්‍යාත්මික සහ හැඟීම්බර සහභාගිකමක් විතරක් වුණු, නිකම්ම නොවැදගත් ආගමික සිරිතක් වෙලා තියෙනවා. අපේ ඇස් අන්ධ කරන ආත්මික මීදුමක් මවාගන්න අපි හැමෝම හරිම දක්ෂයි. ඒත් අපි ඇත්තටම හොයලා බලලා සාක්ෂි පරීක්ෂා කළොත්, වැරැද්ද තියෙන්නේ කොහේද කියලා අපිට පැහැදිලිවම පෙනේවි—ඒක වැරදි යාළුකමක්, නොගෙවපු ණයක් හෝ වැරදි ආකල්පයක් වෙන්න පුළුවන්. අපි දෙවියන්වහන්සේගේ දරුවන් විදිහට ජීවත් වෙන්නේ නැත්නම් යාච්ඤා කිරීමෙන් කිසිම පලක් නැහැ. ඊටපස්සේ තමයි යේසුස්වහන්සේ උන්වහන්සේගේ දරුවන් ගැන මෙහෙම කියන්නේ, “ඉල්ලන සෑම කෙනෙකුටම ලැබෙනවා…” (මතෙව් 7:8).
ගීතාවලිය 116-118; 1 කොරින්ති 7:1-19
ප්‍රඥාව – ඔස්වල්ඩ්
“මනුෂ්‍ය පුත්‍රයාණන් වඩින විට, උන්වහන්සේට පොළොව මත ඇදහිල්ල හමුවේවිද?” අපිට හොඳ ප්‍රතිපත්ති, හොඳ කළමනාකරණය සහ හොඳ සාමාන්‍ය බුද්ධිය කෙරෙහි විශ්වාසය තියෙනවා, ඒත් අපෙන් කීයෙන් කීදෙනාටද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ල තියෙන්නේ? කායික ධෛර්යය විශිෂ්ටයි, සදාචාරාත්මක ධෛර්යය ඊටත් වඩා විශිෂ්ටයි, ඒත් ජීවිතේ තියෙන භයානක ප්‍රශ්න මැද යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන කෙනා වීරයන් රැළකට වඩා වටිනවා.
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.