පරිච්ඡේදය 3
මූලික සත්‍යතා • නව ක්‍රිස්තියානීන්

හෘද සාක්ෂිය පිළිබඳ සැබෑ සත්‍යය

සැප්තැම්බර් 15, 2026මිනිත්තු 3ක කියවීමක්

අප සදාචාරාත්මක මිනිසුන් බව නිරන්තරයෙන්ම මතක් කරදෙන හෘද සාක්‍ෂියක් සමග අප සියලූ දෙනා මවනු ලැබ සිටියි. හෘද සාක‍ෂිය යනු අපගේ ක්‍රියාවලට අප වගකිව යුතු බව ප්‍රකාශ කරණ අප තුල ඇති දෙවියන් වහන්සේගේ හඬයි. යම් දිනක අප ජීවත් වූ ජීවිතය ගැන දෙවියන්වහන්සේට පිළිතුරු දීමට තිබේ. කිසිම කරුණක් ගැන දෙවියන්වහන්සේට පිළිතුරු දීමට අවශ්‍ය නොවූ, හෘද සාක‍ෂියක් නොමැති සතුන් මෙන් අප නොසිටිමුව. සතෙක් මැරුණු විට එය අවසානය වේ.

නමුත් මිනිසාට එසේ නොවේ. මනුෂ්‍යයා මවනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ස්වරූපය අනුව වන අතර, සදාකාලික ස්වභාවයක්ද සහිතවය.

අපව විනිශ්චය කරණු ලබන දවසක් ඇත . එදින අප මුළු ජීවිත කාලය තුලදී ප්‍රකාශ කල, සිතූ, ක්‍රියා කල දේ සිහිගන්වනු ලැබ දෙවියන්වහන්සේ විසින් තක්සේරු කරණු ඇත . බයිබලයේ සඳහන් උන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාවේ ප්‍රමිතීන් අනුව අපිව විනිශ්චය කරණු ලැබේ. එවිට අපට අපගේ සෑම ක්‍රියාවන්, වචන සහ සිතුවිලි සම්බන්ධව දෙවියන්වහන්සේට උත්තර දීමට සිදුවේ.

..මනුෂ්‍යයෙකුට එක් වරක් මරණයද, ඉන් පසු විනිශ්චයද තිබේ.. යයි බයිබලය පවසයි (හෙබ්‍රෙව් 9:27) මෙලොවදී බොහෝ අය තමන් කල අපරාධ වලින් බේරෙන්නෝය. නමුත් දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරිපිට ඔවුන් අවසානයේදී පැමිණ කල තමන්ට සතු දඩුවම ලබන්නෝය. එලෙසම අන්‍යයන් උදෙසා තමන් කල සියළු යහපත් දේ ගැන මෙලොව අගයකිරීමක් හෝ ප්‍රසාදයක් නොලැබූ අය ක්‍රිස්තුස්වහන්සේගේ මෙලොවට පැමිණීමේදී උන්වහන්සේගෙන් ත්‍යාග ලබන්නෝය.

අපගේ ක්‍රියා ගැන දිනකදී දෙවියන්වහන්සේට පිළිතුරු දෙන්නට තිඛෙන නිසා අපගේ හෘද සාක‍ෂියේ හඬට ඇහුම්කන් දිය යුතුය.

හෘද සාක‍ෂිය යනු දෙවියන්වහන්සේ විසින් මිනිසාට දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ දායාදයකි.

එය අපගේ ශරීරයේ ..වේදනාව.. නමැති දයාදයට සමානය. බොහෝ අය වේදනාව සලකන්නේ කරදරයක් ලෙසය. නමුත් වේදනාව අප ජීවිතයට මොන තරම් ආශිර්වාදයක් ගෙන දේද යන්න අප වටහාගෙන නැත . අපගේ ශරීරයේ කොතැනක හෝ වරදක් තිඛෙන බව අනතුරු අඟවන්නේ වේදනාව තුලින්‍ය. රෝගයක් ගැන පලමු සංඥාව දෙන්නේ වේදනාවයි. වේදනාව ඇති නොවන්නේ නම් අපට රෝගයක් තිඛෙන බව නොදැන , මරණයට පවා පත්විය හැකිය. අපව අකල් මරණයෙන් වලක්වන්නේ වේදනාවයි.

කුෂ්ඨ රෝගීන්ට වේදනාව දැනෙන්නේ නැත . මන්ද කුෂ්ඨ රෝගය සියලූ ස්නායු නසා දැනීම පහකරයි. කුෂ්ඨ රෝගියෙකුගේ පාදය ඇනයකින් සිදුරුකලත් එය ගැන දැනීමක් නැත . පාදය ආසාධනය වුවත් එයද දැනෙන්නේ නැත . අවසානයේදී පාදය ඉවත් කරණ තරමටම ආසාධනය වැඩිවන්නේ ..වේදනාව නමැති ආශිර්වාදය..

නොමැති කම නිසාය.

හෘද සාක‍ෂිය වේදනාවට සමාන කල හැකිය. අප පව් කලවිට හෝ පව් කිරීමට අදහස් කරන විට අප දෙවියන්වහන්සේගේ නියෝග කඩ කරන බව හෘද සාක‍ෂිය අනතුරු අඟවයි. අප මෙම අනතුරු ඇඟවීම නොසලකා සිටියොත් හෝ එයට විරුද්ධව සිටියොත් එමගින් අප තුල ඇති පාපය ගැන හැඟීම දුරුකරයි. පාපය ගැන කිසිම හැඟීමක් ඇති නොවන තත්වයක් ඇති දවසක් එන්නට ද පුළුවන .

තවද අප මැරුණාවූ හෘද සාක‍ෂියක් ඇති ආත්මික කුෂ්ඨ රෝගීන් බවට පත්වන්නෙමු. එවිට අප හෘද සාක‍ෂියක් නොමැති සත්වයන්ට සමාන වන්නෝය.

සමහර මනුෂ්‍යයන් සත්වයන්ට වඩා පහත් ලෙස හැසිරෙන්නේ මේ හේතුවෙන්‍ය.

මෙවැනි ජීවිතයක අවසාන ප්‍රථීපලය වන්නේ දෙවියන්වහන්සේ විසින් ඔවුන් සදාකාලික දඬුවමට ලක්කිරීමය.

හෘද සාක‍ෂිය ඇස හා සමාන බව යේසුස් වහන්සේ පැවසූ සේක . (ලුක් 11:34-36) අප ශරීරයේ පවිත්‍රවූ කොටසක් ලෙස ඇස් තිඛෙන්නේ ඒවා දිනපතාම නිතරම කදුළු වලින් සේදෙන නිසාය. අප ඇසිපිය හෙලන හැම අවස්ථාවකම (අප නොදැනුවත්වම මෙය දිනකට දහස් වාරයකට වඩා සිදුවේ.) අපගේ ඇසේ ඇති දූවිලි සේදී යන්නේය. ඉතා කුඩා දූවිලි අංශුවක් ඇසට ගිය විට එය සෝදා හරින තෙක් ඇස කැවෙන්නට වී වැඩක් කර ගැනීමට අපහසු තත්වයක් ඇතිවන්නේය. අපගේ හෘද සාක‍ෂියද තබා ගත යුත්තේ මෙලෙසය. නිතරම පවිත්‍රව තබාගැනීමෙන්‍ය.

අපගේ පාපයට කමාව දීමටත්, පාපයෙන් පවිත්‍ර කිරීමටත් කල හැකි වන්නේ දෙවියන්වහන්සේට පමණය. අප හෘද සාක‍ෂියේ ඇති වරදකාරකම ඉවත් කරගැනීමට ඇති එකම මග මෙයයි. නමුත් පාපයට කමාව අපට ලෙහෙසියෙන් ලබාදුන් එකක් නොවේ.