2 Corinthians 11:3
“නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් ඔබ සැම වෙන්කොට ඔබ සැමගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.”
Daily Devotionals
NEW MERCIES

තර්කද, නැත්නම් කීකරුකමද?

සැප්තැම්බර් 14, 2026මිනිත්තු 2ක කියවීමක්

සරලකම තමයි දේවල් පැහැදිලිව දකින්න තියෙන රහස. සාන්තුවරයෙක්ට දීර්ඝ කාලයක් ගියාට පස්සෙ තමයි පැහැදිලිව හිතන්න පුළුවන් වෙන්නේ කියලා කියනවා. ඒත් සාන්තුවරයෙක්ට ඕනේ කිසිම අපහසුවක් නැතුවම පැහැදිලිව දකින්නයි. ආත්මික ව්‍යාකූලත්වය හරහා හිත හිතා දේවල් පැහැදිලි කරගන්න ඔයාට බැහැ. දේවල් පැහැදිලි වෙන්න නම් ඔයාට කීකරු වෙන්න ඕනේ. බුද්ධිමය දේවල්වලදී ඔයාට හිතලා තේරුම් ගන්න පුළුවන්. ඒත් ආත්මික දේවල්වලදී ඔයා හිතන්නේ තවත් අහේතුක සිතුවිලි සහ තවත් ව්‍යාකූලත්වය දිහාවටම විතරයි. ඔයාගේ ජීවිතේ දෙවියන්වහන්සේ බර දාලා තියෙන දෙයක් තියෙනවා නම්, ඒ දේ ගැන උන්වහන්සේට කීකරු වෙන්න. ඒ කාරණය සම්බන්ධයෙන් “ඇති තර්කද, සෑම සිතුවිල්ලක්ද ක්‍රිස්තුස්වහන්සේට කීකරු වන පිණිස වහල්භාවයට ගෙන එන්න” (2 කොරින්ති 10:5) කියලා කියන තරම්, ඔයාගේ හැම “තර්කයක්ම සහ…සෑම සිතුවිල්ලක්ම” වහල්භාවයට ගෙන එන්න. එතකොට හැමදේම දවල් එළිය වගේම ඔයාට පැහැදිලි වෙනවා. ඔයාගේ තර්ක කිරීමේ හැකියාව පස්සේ එයි. ඒත් අපි දකින්නේ තර්ක කරලා නෙමෙයි. අපි දකින්නේ දරුවන් වගේ. අපි වඩාත් ඥානවන්ත වෙන්න හදන වෙලාවට අපිට කිසි දෙයක් පේන්නේ නෑ (මතෙව් 11:25 බලන්න).

ශුද්ධාත්මයාණන්වහන්සේගේ පාලනයට යටත් නොවෙන අපේ ජීවිතේ තියෙන ඉතාම කුඩා දෙයක් වුණත් ආත්මික ව්‍යාකූලත්වයට හේතුවෙන්න පූර්ණ ලෙසම ප්‍රමාණවත්. ඒ ගැන මුළු වෙලාවම හිත හිතා ඉන්න එකෙන්වත් ඒක කවදාවත් පැහැදිලි වෙන්නේ නෑ. ආත්මික ව්‍යාකූලත්වය පරාජය කරන්න පුළුවන් එකම දේ කීකරුකමයි. අපි කීකරු වෙන හැම මොහොතකම අපිට විචාරබුද්ධිය ලැබෙනවා. ඒක නිහතමානී කරවන දෙයක්, මොකද අපි ව්‍යාකූල වෙලා ඉද්දි ඒකට හේතුව තියෙන්නේ අපේ මනසේ තත්වය තුළ කියලා අපි දන්නවා. ඒත් අපේ ස්වභාවික දකින හැකියාව ශුද්ධාත්මයාණන්වහන්සේට කැප වෙලා, කීකරුකමින් උන්වහන්සේට යටත් වෙද්දී, ඒකම දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගන්න අපිට තියෙන බලය වෙනවා. එහෙම වෙද්දී අපේ මුළු ජීවිතේම සරලකමින් තියාගන්න පුළුවන්.