“මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.”
ජීවිතයේ ඈතටම විහිදෙන ගංගා
ගඟක් ගලාගෙන යන්නේ ඒකේ ආරම්භය කවදාවත් නොදන්නා පළාත්වලටයි. යේසුස්වහන්සේත් කිව්වා, අපි උන්වහන්සේගේ පූර්ණත්වය ලබාගෙන තියෙනවා නම්, අපෙන් “ජීවමාන වතුර ගංගා” ගලායනවා කියලා. එහෙම ගලාගෙන ගිහින්, අපේ ජීවිතවල පෙනෙන බලපෑම කොච්චර කුඩා වුණත්, “පොළොවේ කෙළවර දක්වා” (ක්‍රියා 1:8) ආශීර්වාදයක් වෙනවා. ඒ වතුර ගලායන එක ගැන අපිට කරන්න දෙයක් නෑ— “දෙවියන්වහන්සේගේ වැඩය නම්, ඔබ විශ්වාස කිරීමයි…” (යොහන් 6:29). කෙනෙක් අනිත් අයට කොච්චර ලොකු ආශීර්වාදයක්ද කියලා දකින්න දෙවියන්වහන්සේ අපිට ඉඩ දෙන්නේ හරිම කලාතුරකින්.
ගඟක් කියන්නේ හැම බාධකයක්ම ජයගෙන නොනැවතී ඉදිරියටම යන දෙයක්. ටික වෙලාවක් ඒක තමන්ගේ මඟේ කෙළින්ම ගලාගෙන යනවා. එතකොට බාධාවක් එනවා. ඒ වෙලාවට ටිකකට ගඟේ ගමන නතර වුණත්, ඉක්මනින්ම ඒ බාධකය වටෙන් යන්න පාරක් හදාගන්නවා. නැත්නම් ගඟක් හැතැප්ම ගණනාවක් යනකම් ඇස්වලට නොපෙනී ගිහින්, පස්සේ කලින්ටත් වඩා පළල්ව, විශාලව ආයෙමත් මතු වෙනවා. දෙවියන්වහන්සේ අනිත් අයගේ ජීවිත පාවිච්චි කරනවා ඔබ දකිනවා. ඒත් ඔබේ ජීවිතයට බාධාවක් ඇවිත් තියෙන නිසා ඔබෙන් දෙවියන්වහන්සේට කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා හිතෙනවද? එහෙනම් දිගටම ඒ මූලාශ්‍රය දෙසම අවධානය තියාගන්න. එතකොට දෙවියන්වහන්සේ එක්කෝ ඔබව ඒ බාධකය වටෙන් අරගෙන යයි, නැත්නම් ඒක ඉවත් කරයි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ ගංගාව හැම බාධකයක්ම ජය ගන්නවා. කවදාවත් ඔබේ ඇස් ඒ බාධකය හරි ප්‍රශ්නය හරි දෙසටම යොමු කරන්න එපා. ඔබ ඒ මූලාශ්‍රය දෙසම බලාගෙන ඉන්නවා කියලා මතක තියාගත්තොත්, ඔබ තුළින් නොනැවතී ගලායන ගඟට ඒ බාධකය කිසිම දෙයක් වෙන්නේ නෑ. හැඟීම්වත්, අත්දැකීම්වත් කිසිම දෙයක්වත් ඔබත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේත් අතරට එන්න ඉඩ දෙන්න එපා. ඒ එක දෙයකටවත් අපේ එකම ශ්‍රේෂ්ඨ මූලාශ්‍රයෙන් ඔබව ඈත් කරන්න ඉඩ දෙන්න එපා.
අපේ ආත්මයන් තුළ වර්ධනය වෙමින්, පෝෂණය වෙමින්, සුවය ගෙන දෙන, ඈතට ගලායන ගංගා ගැන හිතලා බලන්න! දෙවියන්වහන්සේ අපේ මනස්වලට පුදුමාකාර සත්‍යයන් එළිදරව් කරමින් ඉන්නවා. උන්වහන්සේ අපට පෙන්වලා තියෙන හැම දෙයකින්ම පේන්නේ, උන්වහන්සේ අප තුළින් ගලායන්න හරින ඒ ගඟේ තියෙන අසිරිමත් බලයයි. ඔබ යේසුස්වහන්සේව විශ්වාස කරනවා නම්, අනිත් අයට ආශීර්වාදයක් වෙන ප්‍රබල, වේගයෙන් ගලායන ගංගා දෙවියන්වහන්සේ ඔබ තුළ වර්ධනය කරලා, පෝෂණය කරලා තියෙනවා කියලා ඔබට වැටහෙයි.
ගීතාවලිය 148-150; 1 කොරින්ති 15:29-58
ප්‍රඥාව – ඔස්වල්ඩ්
අපිට යේසුස්වහන්සේ තුළ පවතින්න බැරි කිසිම ජීවන තත්වයක් නෑ. අපිව කොහේ තැබුවත් උන්වහන්සේ තුළ පවතින්න අපි ඉගෙනගන්න ඕනේ. අපේ අසිරිමත් උරුමය, 946
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.