“නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්වෙන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.”
ආශීර්වාද උල්පත්
අපේ ස්වාමීන්වහන්සේ මෙතන විස්තර කරපු පින්තූරය සාමාන්‍ය වතුර පාරක් ගැන නෙමෙයි, උතුරා යන උල්පතක් ගැනයි. දිගටම “පිරී ඉතිරී ඉන්න” (එපීස 5:18), එතකොට යේසුස්වහන්සේ එක්ක ඔබට තියෙන ඒ වැදගත් සබඳතාවයේ මිහිරියාව, ඔබට ලැබුණු විදිහටම නොමදව ඔබෙන් පිටතට ගලාගෙන යනවා. උන්වහන්සේගේ ජීවනය තිබිය යුතු විදිහට ඔබ තුළින් මතු වෙන්නේ නැති බව ඔබට දැනෙනවා නම්, වැරැද්ද තියෙන්නේ ඔබ ළඟයි—මොකක් හරි දෙයක් ඒ ගලායෑම වළක්වනවා. යේසුස්වහන්සේ මෙතනදී කිව්වේ ඔබට පෞද්ගලිකව ආශීර්වාද ලැබෙන විදිහට උල්පත දෙසම බලාගෙන ඉන්න කියලද? නැහැ, ඔබ උල්පත දෙස බලාගෙන ඉන්න ඕනේ ඔබ තුළින් “ජීවමාන ජල ධාරාවන් ගලායන” පිණිසයි—ඒක කිසිවෙකුට නතර කරන්න බැරි ජීවනයක් (යොහන් 7:38).
අපි හැමෝටම ආශීර්වාදයක් වෙන විදිහට, යේසුස්වහන්සේට “ජීවමාන ජල ධාරාවන්” විදිහට ගලාගෙන යන්න පුළුවන් උල්පත් වෙන්නයි අපිට ඕනේ. ඒත් අපෙන් සමහර අය මළ මුහුද වගේ, හැමතිස්සෙම ලබාගන්නවා විතරයි, කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒකට හේතුව ස්වාමීන්වහන්සේ වන යේසුස්වහන්සේ එක්ක අපිට තියෙන සබඳතාවය නිවැරදි නොවීමයි. අපිට උන්වහන්සේගෙන් ආශීර්වාද ලැබෙනවා වගේම, උන්වහන්සේ අප හරහාත් ආශීර්වාද වත්කරනවා නියතයි. හැබැයි අපිට ලැබෙන ප්‍රමාණයටම ආශීර්වාද අප හරහා පිටතට ගලායන්නේ නැත්නම්, එතන උන්වහන්සේ එක්ක තියෙන අපේ සබඳතාවයේ යම් අඩුපාඩුවක් තියෙනවා. ඔබ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අතරේ මොනවා හරි බාධාවක් තියෙනවාද? උන්වහන්සේ කෙරෙහි ඔබට තියෙන ඇදහිල්ලට බාධා කරන කිසිම දෙයක් තියෙනවාද? එහෙම නැත්නම්, යේසුස්වහන්සේ පවසන්නේ ඔබ තුළින් “ජීවමාන ජල ධාරාවන් ගලායනවා” කියලයි. ඒක ඔබ අන් අයට දෙන ආශීර්වාදයක්වත්, ඔබ බෙදාගන්නා අත්දැකීමක්වත් නෙමෙයි, ඒක ඔබ තුළින් නොකඩවා ගලායන ගංගාවක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තියෙන ඔබේ ඇදහිල්ලත්, උන්වහන්සේ එක්ක තියෙන සබඳතාවයත් හොඳින් ආරක්ෂා කරගනිමින් හැමවිටම උල්පත ළඟම රැඳී සිටින්න. එතකොට කිසිම වියළි බවක් හෝ පණ නැති බවක් නැතුව, අන් අයගේ ජීවිතවලට ඒ ජීවනය නොකඩවා ගලාගෙන යාවි.
එක ඇදහිලිවන්තයෙක්ගෙන් ගංගාවන් ගලායනවා කියලා කියන එක වැඩියි වගේද? ඔබ ඔබ දෙසම බලා, “ඒත් මට කිසිම ගංගාවක් පේන්නේ නැහැනේ” කියලා පවසනවාද? දෙවියන්වහන්සේගේ ක්‍රියාවන්හි ඉතිහාසය දෙස බැලුවොත්, උන්වහන්සේ සාමාන්‍යයෙන් තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ ප්‍රසිද්ධ නැති, කවුරුත් නොදන්නා, නොසලකා හරින ලද, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මුළු හදවතින්ම විශ්වාසවන්තව සිටි අයගෙන් බව ඔබට පෙනේවි.
හිතෝපදේශ 1-2; 1 කොරින්ති 16
ප්‍රඥාව – ඔස්වල්ඩ්
කිසිම දැඩි වේදනාවක් අත්නොවිඳපු අයට යේසුස්වහන්සේ පවසන්නේ, “මට ඔබට දෙන්න කිසිම දෙයක් නැහැ; ඔබේම දෙපයින් නැගී සිටින්න, ඔබේම ශක්තියෙන් නැගී සිටින්න” කියලයි. “මම ඇවිත් ඉන්නේ තමන්ට දරාගන්න බැරි තරම් ලොකු බරක් තමන්ට තියෙනවා කියලා දන්න, තමන්ට පාලනය කරන්න බැරි බලවේග තියෙනවා කියලා තේරුම් ගන්නා මිනිසා උදෙසායි. ඔහු මට ඉඩ දෙනවා නම්, මම ඔහු වෙනුවෙන් හැමදේම කරනවා. මනුෂ්‍යයෙක් තමන්ට මගේ උපකාරය අවශ්‍යයි කියලා පිළිගන්නවා විතරයි ඕනේ, මම ඒක ඔහු වෙනුවෙන් කරනවා.” දැඩි වේදනාවක සෙවනැල්ල, 1166 R
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.