“නුමුත් ඔබ යාච්ඤාකරන කල්හි ඔබේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාකදෙනසේක.”
යාච්ඤාව — “රහස් ස්ථානයේ” සටන
යේසුස්වහන්සේ “රහසිගත ස්ථානයේ ඉන්න ඔබේ පියාණන්වහන්සේ ගැන හීන දකින්න” කියලා කිව්වේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ කිව්වේ, “…රහසිගත ස්ථානයේ ඉන්න ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න…” කියලයි. යාච්ඤාව කියන්නේ අපේ කැමැත්තෙන්ම කරන උත්සාහයක්. අපි අපේ රහසිගත ස්ථානයට ඇතුළු වෙලා දොර වහගත්තට පස්සේ, කරන්න අමාරුම දේ තමයි යාච්ඤා කරන එක. අපේ මනස එකඟ කරගන්න එක ලේසි වෙන්නේ නැහැ. අපිට මුලින්ම සටන් කරන්න වෙන්නේ එහා මෙහා දුවන සිතුවිලි එක්කයි. පෞද්ගලික යාච්ඤාවේදී අපිට මුහුණ දෙන්න වෙන ලොකුම සටන තමයි, මේ වගේ වැඩකට නැති, එහා මෙහා දුවන සිතුවිලි පාලනය කරගන්න එක. අපේ මනස පාලනය කරගෙන, අවධානයෙන් සහ උනන්දුවෙන් යාච්ඤා කරන්න අපි ඉගෙනගන්න ඕනේ.
යාච්ඤා කරන්න අපිට විශේෂයෙන් වෙන් කරගත්තු තැනක් තියෙන්න ඕනේ. හැබැයි අපි ඒ තැනට ගියාට පස්සෙත්, “මට අද මේක කරන්න තියෙනවා, අරක කරන්න තියෙනවා” කියලා හිතෙන්න පටන් ගන්නවා. මේ වගේ නොයෙකුත් සිතුවිලි අපේ මනසට වසංගතයක් වගේ ගලාගෙන එනවා. යේසුස්වහන්සේ කියන්නේ “ඔබේ දොර වසාගන්න” කියලයි. දෙවියන්වහන්සේ ඉදිරියේ රහසිගත නිශ්ශබ්දතාවයක් ඇති කරගන්නවා කියන්නේ, අපේ හැඟීම්වලට දොර වහලා උන්වහන්සේව මතක් කරගන්න එකයි. දෙවියන්වහන්සේ ඉන්නේ රහස් ස්ථානයේයි. උන්වහන්සේ ඒ “රහස් ස්ථානයේ” ඉඳන් අප දෙස බලනවා. අනිත් අය අප දෙස බලන විදිහටවත්, අපි අප දෙසම බලන විදිහටවත් නෙමෙයි උන්වහන්සේ අප දෙස බලන්නේ. අපි ඇත්තටම ඒ “රහස් ස්ථානය” තුළ ජීවත් වෙද්දී, දෙවියන්වහන්සේව සැක කරන්න අපිට බැරි වෙනවා. වෙන කිසිම කෙනෙක් හෝ දෙයකට වඩා අපිට උන්වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා, ඒ “රහස් ස්ථානයට” ඇතුළු වෙන්න. එතකොට ඔබේ එදිනෙදා ජීවිතයේ හැම ප්‍රශ්නයක් මැදම දෙවියන්වහන්සේ හැමතිස්සෙම ඔබ ළඟින්ම හිටියා කියලා ඔබට තේරේවි. හැම දෙයක් ගැනම දෙවියන්වහන්සේ එක්ක කතා කරන එක පුරුද්දක් කරගන්න. හැම අලුත් දවසකම ඔබ අවදි වන මුල්ම මොහොතේ ඉඳලා ඔබේ ජීවිතයේ දොර සම්පූර්ණයෙන්ම ඇරලා දෙවියන්වහන්සේට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නැත්නම්, මුළු දවස පුරාම ඔබ වැරදි මාවතකයි ගමන් කරන්නේ. හැබැයි ඔබ ඔබේ ජීවිතයේ දොර සම්පූර්ණයෙන්ම ඇරලා, “රහසිගත ස්ථානයේ ඉන්න ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරනවා” නම්, ඔබේ ජීවිතයේ අන් අයට පේන්න කරන හැම දෙයකින්ම දෙවියන්වහන්සේගේ පැවැත්මේ නොමැකෙන සලකුණ පැහැදිලිවම පෙනේවි.
ගීතාවලිය 113-115; 1 කොරින්ති 6
ඔස්වල්ඩ්ගෙන් ලැබෙන ප්‍රඥාව
ශිෂ්ටාචාරය ගොඩනැඟිලා තියෙන්නේ ගෙවී යන මේ මොහොත සදාකාලිකයි කියන පදනම මතයි. හැබැයි සදාකාලික එකම දේ දෙවියන්වහන්සේ විතරයි. මම වෙනත් ඕනෑම දෙයක් සදාකාලිකයි කියලා හිතුවොත්, මම දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙනවා. මම මගේ ජීවිතය ගොඩනඟාගන්න ඕනේ දෙවියන්වහන්සේ මත විතරයි (යොහන් 14:6). උත්කෘෂ්ට යහපත — ඔබගේ ශ්‍රේෂ්ඨ මුදවාගැනීම, 565 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.