“මම වනාහි පසුතැවිල්ල පිණිස ඔබ සැම වතුරෙන් බව්තීස්මකරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද ඔබ සැම බව්තීස්මකරනසේක.”
“මම නම්… ඒත් උන්වහන්සේ”
මගේ ජීවිතේ මට මෙහෙම කියන්න පුළුවන් තැනකට කවදාහරි ඇවිත් තියෙනවද? “ඇත්තටම මම නම්… ඒත් උන්වහන්සේ…” කියලා. ඒ මොහොත එනකම්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බව්තීස්මය කියන්නේ මොකක්ද කියලා මම කවදාවත් දැනගන්නේ නැහැ. ඇත්තටම මම ඉන්නේ මගේ කෙළවරේ. මට තවදුරටත් කිසිම දෙයක් කරන්න බැහැ. ඒත් උන්වහන්සේ හරියටම එතැනින් පටන් ගන්නවා. වෙන කාටවත් කවදාවත් කරන්න බැරි දේවල් උන්වහන්සේ කරනවා. උන්වහන්සේගේ පැමිණීමට මම සූදානම්ද? හොඳ දෙයක් වේවා නරක දෙයක් වේවා, මගේ ජීවිතේ මඟ හරස් කරන මොනවා හරි දෙයක් තියෙන තාක් කල්, යේසුස්වහන්සේට ඇවිත් මගේ ඇතුළේ උන්වහන්සේගේ ක්‍රියාව කරන්න බැහැ. උන්වහන්සේ මා වෙතට එද්දී, මම කරපු හැම වැරදි දෙයක්ම එළියට අදින්න උන්වහන්සේට මම සූදානම්ද? උන්වහන්සේ එන්නේ හරියටම අන්න එතැනටයි. මම අපවිත්‍රයි කියලා මම දන්න හැම තැනකදීම උන්වහන්සේ තමන්ගේ පාද තබලා නැවතිලා ඉන්නවා. හැබැයි මම පවිත්‍රයි කියලා මම හිතන හැම තැනකින්ම උන්වහන්සේ තමන්ගේ පාද ඉවතට අරගෙන යන්න යනවා.
පසුතැවිල්ල කියන්නේ නිකම්ම පාපය ගැන හැඟීමක් ඇති කරන එකක් නෙමෙයි. ඒකෙන් ඇති වෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි නුසුදුසුකමක් පිළිබඳ හැඟීමක්. මම පසුතැවිලි වෙද්දී, මම සම්පූර්ණයෙන්ම අසරණයි කියලා මට වැටහෙනවා. ඒ වගේම උන්වහන්සේගේ පාවහන් යුවළක්වත් උසුලන්න මම කිසිසේත්ම වටින්නේ නැති බව මම හොඳින්ම දැනගන්නවා. මම ඒ විදිහට පසුතැවිලි වෙලා තියෙනවද? නැත්නම් මගේ ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න උත්සාහ කරන මොනවා හරි අදහසක් තවමත් මගේ හිතේ ඉතිරි වෙලා තියෙනවද? දෙවියන්වහන්සේට මගේ ජීවිතයට එන්න බැරි වෙලා තියෙන හේතුව තමයි, මම තවමත් සම්පූර්ණ පසුතැවිල්ලක් දක්වන තැනට ඇවිත් නැතිකම.
“උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන්ද ගින්නෙන්ද ඔබව බව්තීස්ම කරනවා ඇත.” යොහන් මෙතැනදී කතා කරන්නේ අත්දැකීමක් විදිහට ලබන ශුද්ධාත්මයාණන්වහන්සේගේ බව්තීස්මය ගැන නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් කරනු ලබන ක්‍රියාවක් ගැනයි. “උන්වහන්සේ ඔබව බව්තීස්ම කරනවා ඇත….” ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් බව්තීස්ම වන අයට දැනෙන එකම අත්දැකීම තමයි, තමන් තුළ තියෙන සම්පූර්ණ නුසුදුසුකම වැටහී යාම.
අතීතයේදී මම “ඇත්තටම මම නම්” මෙහෙම කෙනෙක් තමයි, “ඒත් උන්වහන්සේ” ආවා. එතකොට පුදුමාකාර දෙයක් සිදු වුණා. ඔබට කිසිම දෙයක් කරන්න බැරි, ඒත් උන්වහන්සේ හැමදේම කරන, ඔබේම කෙළවරට ඔබ පැමිණෙන්න.
ගීතාවලිය 110-112; 1 කොරින්ති 5
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
මනුෂ්‍යයෙකුගේ හදවත දෙවියන්වහන්සේ සමඟ නිවැරදිව තියෙනවා නම්, බයිබලයේ තියෙන අභිරහස් ප්‍රකාශයන් ඔහුට ආත්මයත් ජීවිතයත් වෙනවා. ආත්මික සත්‍යය වටහාගන්න පුළුවන් වෙන්නේ පවිත්‍ර හදවතකට විතරයි, තියුණු බුද්ධියකට නෙමෙයි. ඒක බුද්ධියේ ගැඹුරුකම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හදවතේ පවිත්‍රකම පිළිබඳ ප්‍රශ්නයක්.
පුත්‍රයන් මහිමයට පැමිණවීම, 231 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.