Matthew 5:23
“එබැවින් ඔබේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, ඔබේ සහෝදරයා ඔබ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී ඔබ සැමට සිහිවී නම්,”
Daily Devotionals
NEW MERCIES

සමගි කිරීමේ “යාම” – ඔස්වල්ඩ් චේම්බර්ස්

සැප්තැම්බර් 26, 2026මිනිත්තු 2ක කියවීමක්

මේ පදය කියන්නේ, “ඔබ ඔබේ පූජාව පූජාසනය වෙත ගෙනෙන විට, ඔබේ සහෝදරයාට ඔබට විරුද්ධව යමක් තියෙනවා කියලා ඔබට මතක් වුණොත්….” කියලයි. “ඔබේ අසමබර සංවේදීකම නිසා දෙයක් හාරගෙන හොයාගත්තොත්” කියලා නෙමෙයි මෙතන කියන්නේ, “ඔබට… මතක් වුණොත්…” කියලයි. තවත් විදිහකින් කිව්වොත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ඔබේ මනසට යම් දෙයක් මතක් කර දෙනවා නම්— “පළමුවෙන්ම ඔබේ සහෝදරයා සමඟ සමාදාන වෙන්න, ඊට පස්සේ ඇවිත් ඔබේ පූජාව ඔප්පු කරන්න” (මතෙව් 5:24). දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඉතා කුඩාම දේ පවා ඔබට පෙන්වමින් මඟපෙන්වද්දී, උන්වහන්සේගේ ඒ සියුම් සංවේදීකමට කිසිවිටෙකත් විරුද්ධ වෙන්න එපා.

“පළමුවෙන්ම ඔබේ සහෝදරයා සමඟ සමාදාන වෙන්න….” අපේ ස්වාමීන්වහන්සේගේ අණ කිරීම හරිම සරලයි— “පළමුවෙන්ම සමාදාන වෙන්න….” උන්වහන්සේ ඇත්තටම කියන්නේ, “ඔබ ආපු පාරෙන්ම ආපසු යන්න— පූජාසනය ළඟදී ඔබට ලැබුණු ඒ වරදකාරී හැඟීමෙන් පෙන්වා දුන් මාර්ගයේ යන්න; ඔබට විරුද්ධව යමක් තියෙන ඒ කෙනා කෙරෙහි ඔබේ සිතේ සහ ආත්මයේ සමාදාන වීම හුස්ම ගන්නවා වගේම ස්වභාවික වෙන්න ඕනේ.” යේසුස්වහන්සේ අනික් කෙනා ගැන සඳහන් කරන්නේ නැහැ— උන්වහන්සේ කියන්නේ ඔබ යන්න කියලයි. ඒක ඔබේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. සැබෑ ශුද්ධවන්තයෙකුගේ සැබෑ ලකුණ වන්නේ තමාගේම අයිතිවාසිකම් අත්හැර යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරු වීමට ඔහුට ඇති හැකියාවයි.

“…ඊට පස්සේ ඇවිත් ඔබේ පූජාව ඔප්පු කරන්න.” සමාදාන වීමේ ක්‍රියාවලිය පැහැදිලිවම දක්වලා තියෙනවා. මුලින්ම අප තුළ ආත්ම-පරිත්‍යාගයේ උතුම් ආත්මයක් තියෙනවා, ඊළඟට ශුද්ධාත්මයාණන්වහන්සේගේ සියුම් සංවේදීතාව මඟින් අපව හදිසියේම පාලනය කරනවා, ඉන්පසු අපේ වරද ගැන අපට දැනෙන අවබෝධය හමුවේ අපි නවතිනවා. ඊට පසුව දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීම සිදු වෙනවා. ඒ තුළින්, ඔබ අතින් වරදක් වුණු කෙනා පිට කිසිම වරදක් නොපටවන මනසේ ස්වභාවයක් හෝ ආකල්පයක් ගොඩනැගෙනවා. අවසානයේදී, කිසිම බාධාවක් නැතුව හරිම සතුටින්, සරලව ඔබේ පූජාව දෙවියන්වහන්සේට ඔප්පු කරන්න ඔබට පුළුවන් වෙනවා.

යෙසායා 1-2; ගලාති 5


ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාවේ වචනයක්

කිතුනුකම කියන්නේ හෘද සාක්ෂියට හෝ තමන්ගේ මතවාදවලට එකඟව ජීවත් වීම විතරක් නෙමෙයි; කිතුනුකම කියන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට විශ්වාසවන්තව ඉන්න එකයි. – බයිබලානුකූල එතික්ස් (Biblical Ethics), 111 L