ගැලවීම පිළිබඳ සැබෑ සත්‍යය
..යේසුස්.. යන නාමයේ අර්ථය ..ගැළවුම්කරු.. යනුයි. උන්වහන්සේ පොළොවට ආවේ ඒ නම සමගය. එසේ වූයේ ඒ දේ කිරීමටම ආ නිසාය. එය නම් මනුෂ්‍යයන් ඔවුන්ගේ පාපවලින් ගලවාගැනීමටය. ගැලවීම යනු පව් කමාව ලැබීමට වඩා දෙයක්‍ය. මෙම වෙනස පැහැදිලි කර දීමට උදාහරණයක් යොදා ගනිමි.
මගේ නිවස ඉදිරිපස මාර්ගයේ අළුත්වැඩියාවක් කෙරෙමින් එහි විශාල වලක් කපා තිබේ යයි සිතමු. මගේ කුඩා පුතුට අවවාද කරමින් ඒ අසලට නොයන ලෙසත්, එසේ කලහොත් වලට වැටෙන්නට ඉඩ තිඛෙන බවත් අනතුරු අඟවමි. නමුත් පුතා මගේ අවවාදයට අකීකරු වී වල බැලීමට ඒ අසලට ගොස් අඩි 10 ක් ගැඹුරු එම වලට වැටුනහොත් ඔහු හඬා මට මහත් හඩින් අමතනු ඇත .
මම එතනට පැමිණි කල මගේ අණට අකීකරු වීම ගැන සැබවින්ම කණගාටු වී මගෙන් සමාව ඉල්ලා සිටින්නේයයි සිතමු. එම අවස්ථාවේදී මම ඔහුට හොඳයි පුතා මම නුඹට සමාව දෙනවා, මම එහෙනම් ගිහිං එන්නම්, කියා පැවසුවොත් මම කර තිඛෙන දේ කුමක්ද? මම ඔහුට සමාව ලබාදී ඇත . නමුත් ඔහුව ගලවාගෙන නැත .
ගැලවීම යනු පව් කමාව ලැබීමට වඩා දෙයකි. එයට ඔහු වැටුනාවූ වලෙන් ගොඩගැනීමේ කාර්‍යද ඇතුලත්වේ. යේසුස්වහන්සේ මෙලොවට ආවේ මේ දේ අප උදෙසා කරදීම පිණිසය. උන්වහන්සේ අපගේ පාපයට සමාව ලබාදෙනවා පමණක් නොව පාපයෙන්ම අපව ගලවන පිණිස පැමිණි සේක .
අපගේ හෘද සාකෂියට නැවත නැවතත් අකීකරු වීමෙන් අප පාපය නමැති වලට ගැඹුරු ලෙස වැටී ඇත . දැන් දෙවියන්වහන්සේ අපට සමාව ලබාදෙන සේක් නම් එය මණහර ආරංචියක් වන්නේය. නමුත් යේසුස් වහන්සේ පිළිබඳ ශුභාරංචිය නම් උන්වහන්සේ අපට සමාව දෙනවා පමණක් නොව පාපයේ බලයෙන්ද අප ගලවන බවය. ගැලවීම අත්දකිනු ලබන්නේ කාල වකවානු තුනකදීය. අතීතය , වර්ථමානය සහ අනාගතය තුලදීය. අප පළමුකොට පාපයේ දඬුවමින් මිදීම ලැබිය යුතුය.
ඉන්පසු පාපයේ බලයෙන් ගැලවීම ලැබිය යුතුය. අවසානයේදී පාපයේ අභිමුඛයෙන් අප ගැලවීම ලබන්නේ ස්වර්ගයට ගිය විටය.
ගැලවීමේ මූලික අවස්ථාවේදී පාපයට සමාව ලැබීම සම්බන්ධ වේ. මෙය නම් අපගේ අතීතයේ වරදකාර ස්වභාවය ඉවත් කිරීමයි. නමුත් මෙය සෑහෙන්නේ නැත .
ඉන්පසු අපට ධර්මිෂ්ඨව ජීවත් වීමට දෙවියන්වහන්සේගේ උපකාරය අවශ්‍ය වේ.
මේ සම්බන්ධව දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය අපට ලබාදෙන සේක . මානසික දුබලතාවයන්ට ප්‍රතිකාර ලබාදෙන එක්තරා මානසික රෝහලක් සම්බන්ධ කථාවක් මට අසන්නට ලැබුණි. මෙම රෝගීන් ප්‍රතිකාර වලින් පසු හරි කල්පනා ශක්තියට ඇවිත් තිබේදැයි නිගමනය කිරීම පිණිස යම්කිසි පරිකෂණයකට භාජනය කරණ ලදී. ඔවුන් රෝගියෙකු, වතුර දිගටම ගලාගෙන එන විවෘත කරන ලද පයිප්පයක් ඇති කාමරයකට දමන ලදී. ඉන්පසු ඔහුට කොස්සක් සහ බාල්දියක් දී පොළොවේ තෙත මාත්තුකිරීමට ඉල්ලා සිටිනු ලැබේ.
පළමුව ඔහු පයිප්පය නොවසා මෙම කාර්‍යය කිරීමට පෙළඹුනහොත් එයින් රෝගියා හරි කල්පනාව ඇති තත්වයට ඇවිත් නැති බව පෙන්නුම් කරයි.
අපගේ ප්‍රශ්නයත් මෙයාකාරය. අප තුලද නිතරම පාපය ගලායන ..පයිප්පයක්..
ඇත . යේසුස්වහන්සේ අප කල පාප අතුගා ඉවත් කරනවා පමණක් නොව, මෙම පයිප්පය වැසීමටද බලය දෙන සේක . එස් නොවේ නම් ශුභාරංචිය කිසිසේත් යහපත් ආරංචියක් නොවනු ඇත .
මෙම ශුභාරංචිය, බයිබලය මෙලෙස විග්‍රහ කරයි. ..ගැලවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබේ.. (රෝම 1:16) බලය සම්බන්ධ මූලික දේ වන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි. බයිබලය යනු පරිකෂාවෙන් ජය ගැනීමට උපකාර වන්නාවූ බලවත් ආයුධයකි. යේසුස්වහන්සේම, සාතන්ගේ පරිකෂාවලින් ජය ලැබුවේ දෙවියන්වහන්සේගේ වචනයේ ඇති බලය තුලින්‍ය. (මතෙව් 4: 1-11) මේ හේතුව නිසා අප දෙවියන්වහන්සේගේ වචනය දිනපතා කියවීමේ පුරුද්දගොඩනගාගත යුතුය. ඒ තුලින් ස්වාමීන් වහන්සේ අපට කථා කරමින් අපගේ දිනපතා ජීවිතයේ සටන් වලට මුහුණ දීමට ශක්තිය දෙන සේක .
බයිබලය තරුණයින්ට මෙලෙස පවසයි. ..තරුණයෙනි, නුඹලාට ලියා එව්වේ නුුඹලා ශක්තිමත් බැවිනුත්, නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්‍ය.. (1යොහාන් 2: 14) බලය සම්බන්ධ දෙවන කාරණය නම් අප තුල වැඩ වාසය කිරීමට පැමිණෙන ශුද්ධාත්මයාණන් වහන්සේය. අප තුල ස්ථීරව වාසය කිරීමට උන්වහන්සේට අවශව ඇති අතර, දිනපතා අපට කථා කරන්ටත්, ජිවිතයේ අරගලවලට මුහුණ දීමේදී ශක්තිය දීමටත් යේසුස්වහන්සේගේ ගෝලයෙකු වශයෙන් උන්වහන්සේව අනුගමනය කිරීමට සහය දීමටත් උපකාර වන සේක . අප නිරන්තරයෙන්ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටින පිණිස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුය.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලෙස පැවසූ සේක . ..මෙසේ නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිවු නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නට ශුද්ධාත්මය නොදෙන සේක්ද..
ඇති ක්‍රිස්තියානි (ලුක් 11: 13) බලය ගෙන දෙන තුන්වන කාරණය නම් සමාන සිතක් අය සමඟ තිඛෙන සහභාගීත්වයයි. බොහෝ දර එකට ගින්නේ දැවෙන විට ඒ සියල්ල දීප්තිමත්ව ඇවිලේ. හොඳින් දැවෙන එක දර කෑල්ලක් ඉවත් කලොත් ගින්න අවිලීම අඩුවී එය නිවීයයි. අනික් ක්‍රිස්තියානි අයගේ සහභාගීත්වය නැතිව තනිවම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වීමට ගියහොත් අපටත් සිදුවන්නේ මෙයාකාර දෙයකි. මේ සම්බන්ධව අප බොහෝ ප්‍රවේශම් විය යුතුය. මන්ද ක්‍රිස්තියානි අය කියා හඳුනාගන්නාවූ සියලූ දෙනා සැබෑ ක්‍රිස්තියානි අය නොවේ.
ක්‍රිස්තියානි අය කියා හඳුනාගන්නා වූ ඕනෑම ක්‍රිස්තියානි නිකායන්ට අයිති වූ 90% පමණ දෙවියන්වහන්සේගේ දරුවන් නොවන බව නිසැකවම කිව හැකිය. මේ අය ඔවුන්ගේ පාප අත්හැර ක්‍රිස්තුස්වහන්සේව තමන්ගේ ජීවිතයේ ස්වාමීන් ලෙස පිළිගැනීමට පුද්ගලික තීරණයක් ගෙන නොමැත . ඔවුන් සිතන්නේ උප්පත්තියෙන් ඔවුන් ක්‍රිස්තියානි පවුල්වලට ඉපදුනු නිසා ඔවුන් ක්‍රිස්තියානි අය බවට පත්වී තිඛෙන බවය.
මෙලෙස නාමිකව සිටින ක්‍රිස්තියානි අය අප මගහැර අත්දැකිමෙන් ක්‍රිස්තියානි අය බවට පත්වූ දිනපතා තමන්ගේ ජීවිතයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමය කිරීමට සොයන අය සමග සහභාගීකම් පැවැත්වීමට ක්‍රියා කල යුතුය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණෝ සහ ස්වාමීන් ලෙස පිළිගත් විට අප ඉහලින් උපත ලබන බව බයිබලය ප්‍රකාශ කරණ අතර, අප දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වමු. දෙවියන්වහන්සේ දැන් අපගේ පියාණන්වහන්සේය. අනිකුත් භෞමික පියවරුන් මෙන්, අපගේ ජීවිතයට අවශ්‍ය කරණ ආත්මික සහ ශාරීරික අවශ්‍යතාවන් සම්පූර්ණ කරණ පිණිස අවශ්‍ය සියල්ල ලබාදීමට දෙවියන්වහන්සේ මහත් සැලකීමෙන් ක්‍රියා කරන සේ්ක . යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූ ලෙස අප උන්වහන්සේගේ උවමනාවන් පලමුකොට සොයනවා නම්, අපගේ ජීවිතයට අවශ්‍ය කරණ අනිකුත් සියල්ල අපට එකතු කරණු ලබන්නේය. උන්වහන්සේ මෙලෙස පැවසූ සේක ..නමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨයකමද සොයා පල්ලා, මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.. (මතෙව් 6: 33) දෙවියන්වහන්සේගේ දරුවෙකුට ඇති ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදය නම් යාච්ඤා කිරීමේ වරප්‍රසාදයයි. එනම් සර්වබලධාරී දෙවියන්වහන්සේට කථා කිරීමත්, උන්වහන්සේ අප ආත්මයට කථා කරන දේ ඇසීමත්‍ය. දෙවියන්වහන්සේ සාමාන්‍යයෙන් අපගේ කන්වලට ඇසෙන පරිදි හඩකින් කථා කරන්නේ නැත . නමුත් සැබෑ ලෙස හඬකින් ඇසුනා සේ අපගේ ආත්මය තුල සටහනක් ඇතිවීමට සලස්වයි. අපගේ හදවතට බරක් වූ සෑම දෙයක් ගැනම දෙවියන්වහන්සේට පවසන ලෙස යේසුස්වහන්සේ අපව ධෛර්‍ය්‍යමත් කරන සේක . තමන්ගේ දුක් වේදනා ඛෙදා ගැනීමට කිසිවකුත් නොමැතිව බොහෝ අය නිශ්ශබ්දතාවයේ වේදනා විඳිති.
නමුත් දෙවියන්වහන්සේගේ දරුවෙකුට ඔහුගේ සියලූ දේ ඛෙදා ගන්නට පුළුවන් ස්වර්ගීක පියාණන් කෙනෙක් ඇත . මේ පොලොවේ අවශ්‍ය කරන සියළු දේ ලබාදීමට හැකි තමන්ගේ ස්වර්ගීක පියාණන් කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.
දේවල් වෙනස් කිරීමට, දෙවියන්වහන්සේට ඒවා වෙනස් කරන පිණිස ඉල්ලා සිටින්නැයි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ඉගැන්වූ සේක . යාච්ඤාවේ හාස්කම මෙයයි. සියළු දේ සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත තුල යැයි පවසමින් අපට සිදුවන සෑම දේ ඒවා අපට සහ අපගේ පවුලට කිසියම් අයුරකින් හානිදායක නම් මේවා අපගේම ඉරණම වශයෙන් පිළිගත යුතු නැත . කාරණාවල් දෛවයක් ලෙස පිළිගැනීම දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් වීමට වඩා වෙනස් දෙයකි. අපිව ධෛර්‍ය්‍ය_මත් කරනු ලබන්නේ අපගේ අවශ්‍යතාවයන් සියල්ල ගැන දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමටයි. බයිබලයේ ඇති පොරොන්දුව මෙලෙසය. ..දෙවියන්වහන්සේ…. නුඹලාගේ සියලූ හිඟකම් සම්පූර්ණ කරන සේක ..
(පිලිප්පි 4: 19).
සියලූ ප්‍රඥාවන්ත පියවරුන් මෙන්, දෙවියන්වහන්සේට අප යාච්ඤා කරන කල අපට ඕනෑ කරණ සියළු දේ ලබාදෙන්නේ නැත . උන්වහන්සේ අපට ලබාදෙන්නේ අපට යහපතක් වන්නට යන අපට අවශ්‍ය කරණ දේ පමණය.
දෙවියන්වහන්සේ යහපත්‍ය. උන්වහන්සේගේ කිසිම දරුවෙකු කිසිම අවස්ථාවකදී නපුරට ලක්වීම උන්වහන්සේගේ අභිලාෂය නොවන්නේය. එම නිසා අපට උන්වහන්සේ වෙතට නිර්භයව ගොස් සියලූ නපුරෙන් අපව මුදවන ලෙස ඉල්ලා සිටිය හැක .
අන් අය විසින් යක‍්‍ෂ බන්ධන සහ හූනියම් කර තිඛෙන නිසා දුක් විඳින බොහෝ දෙනා මෙලොව ඇත . ඔබගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේට භාර දී තිබේ නම් මෙම සාතන්ගේ ක්‍රියාවල් වලට තවත් ඔබට හානි කිරීමට නොහැකිය. සාතන්ව පරාජය කල ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබට සාතන් පලවා හැරිය හැක . ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යක‍්‍ෂයාට විරුද්ධව සිටි විට කිසිම යක‍්‍ෂ බන්ධනයකට හෝ හූනියමකට ඔබව හෝ ඔබගේ දරුවන්ව හානියට පත්කිරීමටවත් ඔබට අතගැසීමටවත් බැරිය. ඔබව මිදීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හඩ ගසන කල ඕනෑම යක‍්‍ෂ බන්ධනයක බලයෙන් දැන් මේ මොහොතේ ඉවත් කිරීමට හැකිය.
බයිබලය පවසන ලෙස යේසුස් වහන්සේ කුරුසියේදී මැරුණු අවස්ථාවේදී උන්වහන්සේ සාතන්ව පරාජය කර ඔහුගේ බලය ඉවත් කල සේක . මෙය දැන් සිදුවී හමාරය. අපගේ පාපයට සමාව ලබා ගන්නවා ලෙසම මේ අවස්ථාවේදීත් අප මේ සත්‍යය පුද්ගලීකව පිලිගන්නාතෙක් සාතන්ගේ පරාජය අපගේ ජීවිතයේ අත්දැකීමට හැකි වන්නේ නැත ..එහෙයින් දරුවන් ලේ හා මංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූ සේක . එසේ කලේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යකෂයාව මරණය කරණකොට ගෙන බල නැති කොට, ජිවිතයේ මුළුල්ලේහිම මරණයට භයින් වාල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස් කරණ පිණිසය. (හෙබ්‍රෙවී 2:14, 15) ..එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටපල්ලා නමුත් යක‍් ෂයාට විරුද්ධව සිටපල්ලා, එවිට ඔහු නුඹ වෙතින් පලා යනවා ඇත .. (යාකොබ් 4:7) අප දෙවියන්වහන්සේගේ දරුවන් වූවාට පසුවත් අපව පරික‍්‍ෂාවට ලක්කිරීමට සාතන්ට ඉඩදී ඇත . මන්ද අප ශක්තිමත් වන්නේ මේ තුලින්‍ය. සාතන්ගේ ප්‍රහාර වලට විරුද්ධව සිට ඒවායින් ජය ගැනීමට අප තුල වැඩ වාසය කරන දෙවියන්වහන්සේගේ ශුද්ධ ආත්මයාණන් තුලින් අපට බලය තිබේ.
දෙවියන්වහන්සේගේ දරුවන්ට මේ පොළොවේ ජීවිතයේදී බාධා සහ ප්‍රශ්න වලින් තොරව ජීවත් වීමට දෙවියන්වහන්සේගේ පොරොන්දුවක් නැත . දෙවියන්වහන්සේට අවශ්‍ය කරන්නේ සමහර ධනවත් දෙමව්පියන්ගේ, උපන් දා සිටම අධික සැප ලබන නරක් වූ දරුවන් මෙන් නොව, ඕනෑම දෙයකට මුහුණ දිය හැකි ශක්තිමත් දරුන්ව සිටිමය. එම නිසා මෙලෙස ශක්තිමත් කිරීමට උන්වහන්සේ අපට අනික් මනුෂ්‍යයන්ට මෙන් කරදර වලට ලක්වීමට ඉඩ හරින සේක .
අප මෙම පීඩා තුලදීම, උන්වහන්සේගේ හාස්කමේ උපකාරය සෑම අවස්ථාවකදීම අත්දකිමින්, අප වඩා හොඳින් දෙවියන්වහන්සේව දැනගැනීමට පැමිණෙන්නේය.
මෙම පොතේ ප්‍රකාශන අයිතිය සුරක්ෂිතයි. පුද්ගලික ප්‍රයෝජනය සඳහා මෙය මුද්‍රණය කර ගත හැක. කිසිදු වෙනස් කිරීමකින් තොරව, කර්තෘගේ නම සහ ලිපිනය සහිතව මෙන්ම මෙම ප්‍රකාශන අයිතිය පිළිබඳ සටහන ද ඇතුළත්ව, නොමිලේ බෙදා හැරීම සඳහා පමණක් මෙහි පිටපත් ලබාදීමට අවසර ඇත.
Christian Fellowship Church: Paradise Enclave, Kannur - Kogilu (Airport Link Road), Bangalore - 560 064, Karnataka, India
Phone: +(91) 948 194 1079 | Email:cfc@cfcindia.com
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.