“ඔබ මා අඳුනන්නේ කොහොමදැයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: පිලිප් ඔබ කැඳවන්ට පළමුවෙන්, අත්තික්කා ගස යට ඔබ සිටියදී ඔබ දුටිමියි කීසේක.”
මිෂනාරි ආයුධ (1)
එදිනෙදා අවස්ථාවලදී නමස්කාර කිරීම.
ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වුණොත් අපි සටනට සූදානම් කියලා අපි හිතනවා. හැබැයි අපේ ඇතුළාන්තයේ යමක් ගොඩනඟන්නේ ඒ අර්බුදය නෙමෙයි. ඒක කරන්නේ අපි ඇත්තටම මොන වගේ අයද කියලා එළිදරව් කරන එක විතරයි. “දෙවියන්වහන්සේ මාව සටනකට කැඳෙව්වොත්, මම අනිවාර්යයෙන්ම ඒකට මුහුණ දෙන්නම්” කියලා ඔබ කියනවාද? හැබැයි ඔබ දෙවියන්වහන්සේගේ පුහුණු භූමිය තුළ ඒ දේ කලින් කරලා නැත්නම්, එහෙම වෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයට සැලසුම් කරලා තියෙන, මේ වෙලාවේ ඔබට තියෙන ඉතාම ළඟ කාර්යය ඔබ කරන්නේ නැත්නම්, අර්බුදය ආවම සටනට සුදුසු කෙනෙක් වෙනවා වෙනුවට ඔබ නුසුදුසු කෙනෙක් කියලා එළිදරව් වෙයි. අර්බුද හැමවිටම මනුෂ්‍යයෙකුගේ සැබෑ චරිතය එළිදරව් කරනවා.
දෙවියන්වහන්සේ එක්ක තියෙන පෞද්ගලික නමස්කාර ජීවිතය තමයි ආත්මික ශක්තියේ තියෙන ලොකුම, අත්‍යවශ්‍යම කොටස. මේ බයිබල් කොටසේ නතානියෙල් අත්දැක්කා වගේ, පෞද්ගලිකව “අත්තික්කා ගසක්” යට ගත කරන ජීවිතයක් තවදුරටත් බැරි වෙන කාලයක් එනවා. හැමදේම එළිපිට වෙනවා. ඉතින් ඔබ ඔබේම ගෙදරදී එදිනෙදා අවස්ථාවලදී නමස්කාර කරලා නැත්නම්, එතැනදී ඔබෙන් කිසිම ප්‍රයෝජනයක් නැති බව ඔබට තේරෙයි. දෙවියන්වහන්සේ එක්ක තියෙන ඔබේ පෞද්ගලික සබඳතාවයේ නමස්කාරය නිවැරදි නම්, උන්වහන්සේ ඔබව නිදහස් කරද්දී ඔබ සූදානම් වෙලා ඉඳියි. දෙවියන්වහන්සේ විතරක් දැකපු ඒ නොපෙනෙන ජීවිතය ඇතුළෙදී තමයි ඔබ සම්පූර්ණයෙන්ම සුදුසු කෙනෙක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම අර්බුදයේ පීඩනය එනකොට, දෙවියන්වහන්සේට ඔබ කෙරෙහි විශ්වාසය තැබිය හැකියි.
“හැබැයි මගේ දැනට තියෙන තත්ත්වයත් එක්ක මගෙන් ශුද්ධීකරණය වූ ජීවිතයක් බලාපොරොත්තු වෙන්න බෑ; මට දැන් යාච්ඤා කරන්නවත් බයිබලය අධ්‍යයනය කරන්නවත් වෙලාවක් නෑ; ඒ විතරක් නෙමෙයි, සටනට මගේ අවස්ථාව තවම ආවෙත් නෑ. හැබැයි ඒක ආවම මම අනිවාර්යයෙන්ම සූදානම් වෙලා ඉඳින්නම්” කියලා ඔබ කියනවාද? නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඔබ එදිනෙදා අවස්ථාවලදී නමස්කාර කරලා නැත්නම්, ඔබ දෙවියන්වහන්සේගේ වැඩට එකතු වෙනකොට, ඔබෙන් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා විතරක් නෙමෙයි, ඔබ අවට ඉන්න අයටත් බාධාවක් වෙයි.
දේව සේවයට අවශ්‍ය ආයුධ හමුවන දෙවියන්වහන්සේගේ පුහුණු භූමිය තමයි ශුද්ධවන්තයාගේ සැඟවුණු, පෞද්ගලික, නමස්කාරයෙන් පිරි ජීවිතය.
හිතෝපදේශ 8-9; 2 කොරින්ති 3
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
අපි තවදුරටත් දෙවියන්වහන්සේගෙන් උන්වහන්සේගේ ආශීර්වාද විතරක් බලාපොරොත්තුවෙන් උන්වහන්සේව සොයන්නේ නැති වෙලාවට, උන්වහන්සේ උන්වහන්සේම කවුද කියන එක වෙනුවෙන්ම උන්වහන්සේව සොයන්න අපිට කාලය ලැබෙනවා. ජීවිතයේ සදාචාරාත්මක පදනම්, 728 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.