“මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.”
පවිත්‍ර සහ ශුද්ධ පූජාවක් වුණු ජීවිතයක්
යේසුස්වහන්සේ මෙහෙම කිව්වේ නැහැ, “මා කෙරෙහි විශ්වාස කරන කෙනා දෙවියන්වහන්සේගේ පූර්ණත්වයේ සියලු ආශීර්වාද තමාටම ලබාගනියි” කියලා. ඒ වෙනුවට උන්වහන්සේ කිව්වේ, “මා කෙරෙහි විශ්වාස කරන කෙනාට ලැබෙන හැම දෙයක්ම තමන්ගෙන් පිටතට ගලායන්න ඉඩහරින්න වෙනවා” කියන එකයි. අපේ ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීම් හැමවිටම ස්වයං-සාක්ෂාත් කරගැනීමට විරුද්ධ වුණා. උන්වහන්සේගේ අරමුණ පුද්ගලයෙක්ව දියුණු කරන එක නෙමෙයි— උන්වහන්සේගේ අරමුණ වෙන්නේ ඒ පුද්ගලයාව හරියටම උන්වහන්සේ වගේම කරන එකයි. දේව පුත්‍රයාණන්ගේ ලක්ෂණය තමයි තමන්වම වියදම් කිරීම. අපි යේසුස්වහන්සේව විශ්වාස කරනවා නම්, වැදගත් වෙන්නේ අපිට ලැබෙන දේ නෙමෙයි, උන්වහන්සේ අප හරහා වගුරුවන දේ තමයි. දෙවියන්වහන්සේගේ අරමුණ අපව ලස්සන, පිරිපුන් මිදි ගෙඩි බවට පත් කරන එක විතරක් නෙමෙයි, ඒ මිදි ගෙඩි කරලා අපෙන් මිහිරියාව මිරිකගෙන ගන්න එකයි. අපේ ආත්මික ජීවිතය ලෝකය මනින විදිහේ සාර්ථකත්වයෙන් මනින්න බැහැ. ඒක මනින්න පුළුවන් දෙවියන්වහන්සේ අප තුළින් වගුරුවන දේවලින් විතරයි— ඒ වගේම අපිට ඒක කොහෙත්ම මනින්න බැහැ.
බෙතානියේ මරියා “ඉතා මිල අධික තෙල් අඩංගු සුවඳ විලවුන් කුප්පිය කඩා… යේසුස්වහන්සේගේ හිස මත වගුරුවූ” අවස්ථාවේදී, වෙන කිසිම කෙනෙක් ඒකේ කිසිම විශේෂත්වයක් දැක්කේ නැහැ. ඇත්තටම, “…එතැන සිටි සමහර අය, ‘මේ සුවඳ විලවුන් මෙසේ නාස්ති කළේ ඇයි?’ කියලා කිව්වා” (මාර්ක් 14:3-4). නමුත් යේසුස්වහන්සේ මරියාගේ ඒ අතිවිශාල භක්තිමත් ක්‍රියාව අගය කරමින් මෙහෙම කිව්වා, “…මුළු ලෝකය පුරාම මේ ශුභාරංචිය දේශනා කරන හැම තැනකදීම, මේ කාන්තාව කරපු දේත් ඇයව මතක් කිරීමක් විදිහට කියනු ලබනවා” (මාර්ක් 14:9). අපේ ස්වාමීන්වහන්සේ අප අතරින් කවුරුහරි මරියා කරපු දේ කරනවා දකින හැම වෙලාවකම අධික ප්‍රීතියෙන් පිරෙනවා— ඒ කියන්නේ කිසියම් නීති මාලාවකට බැඳී නොසිට, උන්වහන්සේට සම්පූර්ණයෙන්ම භාර වෙන එක. දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්ගේ ජීවිතය වගුරුවූයේ “උන්වහන්සේ කරණකොටගෙන ලෝකය ගැළවෙන පිණිසයි” (යොහන් 3:17). උන්වහන්සේ වෙනුවෙන් අපේ ජීවිත වගුරවන්න අපි සූදානම්ද?
“මා කෙරෙහි විශ්වාස කරන කෙනාගේ… හදවතින් ජීවන දිය දහරා ගලායනවා” — ඒ වගේම තවත් සිය ගණනකගේ ජීවිත නිරන්තරයෙන්ම ප්‍රබෝධමත් වෙනවා. අපේම සතුටක් සොයන එක නතර කරලා, අපේ ජීවිත නැමැති “කුප්පිය” කඩා උන්වහන්සේ ඉදිරියේ අපේ ජීවිත වගුරවන්න දැන් තමයි වෙලාව. අපේ ස්වාමීන්වහන්සේ අහන්නේ, අප අතරින් කවුරු උන්වහන්සේ වෙනුවෙන් ඒක කරන්නේද කියලායි.
ගීතාවලිය 137-139; 1 කොරින්ති 13
ප්‍රඥාව – ඔස්වල්ඩ්
යේසුස්වහන්සේ තමන්ගේ ගෝලයන්ට දේශනා කරපු උතුම්ම වචනය තමයි අත්හැර දැමීම. දෙවියන්වහන්සේ අපව ගෝලයන් විදිහට උන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකට ගෙනා පස්සේ, අපි උන්වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තබලා ඉදිරියට පියවරක් තැබිය යුතුයි. උන්වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඕනේ. වගේම උන්වහන්සේ අපව ඒ පියවරට ගෙන යනකොට, අපි ඒ පියවර ගන්නවාද කියලා බලන් ඉන්නත් ඕනේ.
කන්ද උඩ දේශනය පිළිබඳ අධ්‍යයන
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.