“මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් ඔබ සැමත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.”
ශුද්ධවන්තකම උදෙසාම වෙන් කරපු ජීවිතයක්
අපි නිතරම අපේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා අපිටම මතක් කරගන්න ඕනේ. අපේ ඉරණම තීරණය වෙලා තියෙන්නේ සතුටටවත්, සෞඛ්‍යයටවත් නෙමෙයි, ශුද්ධකමටයි. අද අපේ ආශාවන් සහ කැමැත්තන් ගොඩක් වැඩියි නේ. ඒ දේවල් නිසා අපේ ජීවිත දිරාපත් වෙලා, නාස්ති වෙලා යනවා. ඒ ආශාවන්ගෙන් ගොඩක් ඒවා නිවැරදි, උතුම් සහ හොඳ වෙන්න පුළුවන්. පස්සේ ඒවා ඉටු වෙන්නත් පුළුවන්. ඒත් ඒ අතරතුර, ඒ දේවල් අපිට තියෙන වැදගත්කම දෙවියන්වහන්සේ අඩු කරන්න ඕනේ. ඇත්තටම වැදගත් වෙන්නේ, කෙනෙක් තමන්ව ශුද්ධ කරන දෙවියන්වහන්සේව පිළිගන්නවාද කියන එක තමයි. මොන වියදමකට හරි, කෙනෙක්ට දෙවියන්වහන්සේ එක්ක නිවැරදි සම්බන්ධතාවයක් තියෙන්නම ඕනේ.
මම ශුද්ධ කෙනෙක් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවාද? දෙවියන්වහන්සේ මගේ ඇතුළට ඇවිත් මාව ශුද්ධ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවාද? ඔබේ දේශනයෙන් මම අශුද්ධ කෙනෙක් කියලා ඔබ මට ඒත්තු ගැන්වුවොත්, එහෙම නම් මට ඔබේ දේශනය ගැන අමනාපයක් ඇති වෙනවා. ශුභාරංචිය දේශනා කරන එක ලොකු අමනාපයක් අවුස්සනවා. මොකද ඒකෙන් මගේ අශුද්ධකම එළිදරව් කරන්න තමයි ඒක සැලසුම් කරලා තියෙන්නේ. ඒත් ඒකෙන් මගේ ඇතුළේ ලොකු ආශාවක් සහ කෑදරකමක්වත් අවදි වෙනවා. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා වෙනුවෙන් සැලසුම් කරලා තියෙන එකම ඉරණම ශුද්ධකමයි. උන්වහන්සේගේ එකම අරමුණ ශුද්ධවන්තයන් බිහි කරන එකයි. දෙවියන්වහන්සේ කියන්නේ මිනිස්සුන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් සදාකාලික ආශීර්වාද යන්ත්‍රයක් නෙමෙයි. උන්වහන්සේ අපව ගළවන්න ආවේ අනුකම්පාව නිසා නෙමෙයි. උන්වහන්සේ අපව මැව්වේ ශුද්ධවන්තයන් වෙන්න නිසා අපව ගළවන්න ආවා. ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය හරහා වන පව් සමාවෙන් අදහස් වෙන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තුළින්, අප අතර තවදුරටත් කිසිම දෙයක් බාධාවක් නොවෙමින් දෙවියන්වහන්සේ සමඟ මාව නැවත පරිපූර්ණ එකත්වයකට ගන්න උන්වහන්සේට පුළුවන් කියන එකයි.
ඔබට හෝ අනිත් අයට තියෙන අනුකම්පාව නිසා, ශුද්ධවූ දෙවියන්වහන්සේට නොගැලපෙන කිසිම පුරුද්දකට කිසිවිටකත් ඉඩ දෙන්න එපා. ශුද්ධකම කියන්නේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ ගමන් කරන විදිහ, ඔබේ කටින් පිටවෙන වචන සහ ඔබේ මනසේ ඇති වෙන හැම සිතුවිල්ලක්ම සම්පූර්ණ පිරිසිදුව තබාගැනීමයි. ඒ කියන්නේ ඔබේ ජීවිතේ හැම පුංචි විස්තරයක්ම දෙවියන්වහන්සේගේම විමසුමට යටත් කරන එකයි. ශුද්ධකම කියන්නේ දෙවියන්වහන්සේ මට දෙන දෙයක් විතරක් නෙමෙයි. උන්වහන්සේ මට දීලා තියෙන දේ මගේ ජීවිතේ ප්‍රකාශ වෙන එකයි.
ගීතාවලිය 135-136; 1 කොරින්ති 12
ඔස්වල්ඩ්ගෙන් ලැබෙන ප්‍රඥාව
අපිට යේසුස්වහන්සේ තුළ පවතින්න බැරි කිසිම ජීවන තත්ත්වයක් නෑ. අපි කොතැනක හිටියත්, උන්වහන්සේ තුළ පවතින්න අපි ඉගෙනගන්න ඕනේ. අපේ ශ්‍රේෂ්ඨ උරුමය, 946 R
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.