“මාගේ ප්‍රීතිය ඔබ සැම තුළෙහි පවතින පිණිසද ඔබ සැමගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් ඔබ සැමට කීවෙමි.”
“මගේ සතුට… ඔබවහන්සේගේ සතුට”
යේසුස්වහන්සේට තිබුණු ප්‍රීතිය මොන වගේ එකක්ද? ප්‍රීතිය කියන දේ සතුට එක්ක පටලවා ගන්න හොඳ නැහැ. ඇත්තටම, උන්වහන්සේ එක්ක සතුට කියන වචනය සම්බන්ධ කරලා කතා කරන එක යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කරන අපහාසයක්. යේසුස්වහන්සේගේ ප්‍රීතිය වුණේ පියාණන්වහන්සේට සම්පූර්ණයෙන්ම යටත් වෙලා, තමන්වම පූජා කිරීමයි. ඒ කියන්නේ, පියාණන්වහන්සේ උන්වහන්සේව එව්ව දේ කරන එකෙන් උන්වහන්සේට ලැබුණු ප්‍රීතියයි. “…තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා කුරුසිය විඳදරාගත්තා…” (හෙබ්‍රෙව් 12:2). “මාගේ දෙවියනි, ඔබවහන්සේගේ කැමැත්ත කරන්න මම සතුටු වෙනවා…” (ගීතාවලිය 40:8). යේසුස්වහන්සේ යාච්ඤා කළේ, අපේ ප්‍රීතියත් දිගටම පවතිලා, අන්තිමේදී උන්වහන්සේගේ ප්‍රීතියටම සමාන වෙන තැනට එන්න ඕනේ කියලා. මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට උන්වහන්සේගේ ප්‍රීතිය මට හඳුන්වා දෙන්න ඉඩ දීලා තියෙනවාද?
පිරී ඉතිරී යන සම්පූර්ණ ජීවිතයක් කියන්නේ ශරීර සෞඛ්‍යයේවත්, තත්වයන්වලවත්, දෙවියන්වහන්සේගේ වැඩ සාර්ථක වෙනවා දකින එකෙවත් රැඳිලා තියෙන දෙයක් නෙමෙයි. ඒක රැඳිලා තියෙන්නේ දෙවියන්වහන්සේ ගැන තියෙන පරිපූර්ණ අවබෝධයෙයි, යේසුස්වහන්සේම අත්විඳපු විදිහටම උන්වහන්සේ එක්ක තියෙන සහභාගිකමෙයි එකමුතුකමෙයි තුළයි. ඒත් මේ ප්‍රීතියට බාධා කරන පළවෙනි දේ තමයි, අපේ තත්වයන් ගැන වැඩිපුර හිතන එකෙන් ඇතිවෙන සූක්ෂ්ම නොරිස්සුම. යේසුස්වහන්සේ මෙහෙම කිව්වා: “…මේ ලෝකයේ කරදර…වචනය හුස්ම හිර කරනවා, ඒක ඵල නැති වෙනවා…” (මාර්ක් 4:19). අපිට මොකද වුණේ කියලා තේරෙන්නත් කලින් අපි මේ කරදරවල පැටලිලා ඉවරයි. දෙවියන්වහන්සේ අපි වෙනුවෙන් කරලා තියෙන හැමදේම තාමත් ආරම්භය විතරයි— උන්වහන්සේ කැමතියි අපි උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වෙලා, යේසුස්වහන්සේ කවුද කියලා ප්‍රකාශ කරන තැනට එන්න.
දෙවියන්වහන්සේ එක්ක නිවැරදි සම්බන්ධතාවයක් තියාගන්න. ඒකෙන් ඔබේ ප්‍රීතිය හොයාගන්න. එතකොට ඔබ තුළින් “ජීවනදායක ජල ගංගා ගලා එයි” (යොහන් 7:38). යේසුස්වහන්සේට උන්වහන්සේගේ “ජීවනදායක ජලය” වගුරවන්න පුළුවන් උල්පතක් වෙන්න. කුහකකමත් ආඩම්බරකමත් නවත්තලා, තමන් ගැනම විතරක් හිතන එක නවත්තලා, “ඔබේ ජීවිතය…දෙවියන්වහන්සේ තුළ ක්‍රිස්තුස්වහන්සේ සමඟ සැඟවී” තියෙනවා වගේ ජීවත් වෙන්න (කොලොස්සි 3:3). දෙවියන්වහන්සේ එක්ක නිවැරදි සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් යන යන තැන හුස්ම ගන්නවා වගේ ස්වභාවික ජීවිතයක් ගත කරනවා. ඔබට ලොකුම ආශීර්වාදයක් වුණ ජීවිත කියන්නේ, තමන් ආශීර්වාදයක් වුණා කියලා ඒ අයම නොදැන හිටපු මිනිස්සුන්ගේ ජීවිතයි.
ගීතාවලිය 132-134; 1 කොරින්ති 11:17-34
ප්‍රඥාව – ඔස්වල්ඩ්
කලින් වෙච්ච දේවල් අරගෙන තර්ක කරන එක ලේසියි, මොකද ඒකෙන් හැමදේම සරල වෙනවා. ඒත් ඒක අවදානම් සහිත දෙයක්. දෙවියන්වහන්සේට “නිදහස් ඉඩක්” දෙන්න; උන්වහන්සේ කැමති විදිහට උන්වහන්සේගේ විශ්වයට එන්න ඉඩ දෙන්න. අපි දෙවියන්වහන්සේගේ වැඩ කටයුතු ආගමික මිනිස්සුන්ට නැත්නම් යම් යම් ක්‍රමවලට සීමා කළොත්, අපි දෙවියන්වහන්සේට සමාන වෙනවා. Baffled to Fight Better, 51 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.