“තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමිනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනවයි කීවේය.”
යාච්ඤාවේ අරමුණ
යාච්ඤාව කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතේ කොටසක් නෙමෙයි. කෙනෙක් යාච්ඤා නොකරනවා නම් එයාගේ ජීවිතේ අඩු වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒත් මම ඒකට නම් එකඟ නෑ. අඩු වෙන්නේ එයා තුළ තියෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ජීවනයයි. ඒ ජීවනය පෝෂණය වෙන්නේ කෑමෙන් නෙමෙයි, යාච්ඤාවෙන් තමයි. කෙනෙක් ඉහළින් නැවත ඉපදෙනකොට, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ජීවනය එයා තුළ උපදිනවා. එතකොට එයාට පුළුවන් ඒ ජීවනය කුසගින්නෙන් ඉන්නවත්, නැත්නම් පෝෂණය කරන්නවත්. අප තුළ තියෙන දෙවියන්වහන්සේගේ ජීවනය පෝෂණය වෙන්නේ යාච්ඤාවෙන් තමයි. යාච්ඤාව ගැන අපිට තියෙන සාමාන්‍ය අදහස් අලුත් ගිවිසුමේ නෑ. අපි යාච්ඤාව දකින්නේ අපිටම දේවල් ලබාගන්න මාර්ගයක් විදිහට විතරයි. ඒත් බයිබලීය යාච්ඤාවේ අරමුණ තමයි දෙවියන්වහන්සේවම දැනගන්න එක.
“ඉල්ලන්න, එවිට ඔබට ලැබෙනවා…” (යොහන් 16:24). අපි දෙවියන්වහන්සේ ඉස්සරහා මැසිවිලි නගනවා. සමහර වෙලාවට උන්වහන්සේ ඉස්සරහා සමාව ඉල්ලනවා වගේම, උන්වහන්සේ ගැන ගණන් ගන්නේ නැතුවත් ඉන්නවා. ඒත් ඇත්තටම උන්වහන්සේගෙන් ඉල්ලන්නේ ටික දේවල් විතරයි. ඒත් පොඩි දරුවෙක් කොච්චර ලස්සන විදිහට ධෛර්යයෙන් ඉල්ලනවද! අපේ ස්වාමීන්වහන්සේ කිව්වා, “…ඔබ… කුඩා දරුවන් වගේ නොවුණොත්…” (මතෙව් 18:3) කියලා. ඉල්ලන්න, දෙවියන්වහන්සේ කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට වැඩ කරන්න අවස්ථාවත් ඉඩත් දෙන්න. ප්‍රශ්නේ තමයි, කෙනෙක් අසරණ තත්ත්වෙට එනකම් මේක කරන්නේ නෑ. කෙනෙක්ට ඉවසන්න බැරි තරම් අමාරු වෙලා, හුඟාක් අසරණ වෙද්දී, යාච්ඤා කරන එක බයගුලු වැඩක් වගේ නෙමෙයි. ඇත්තටම ඒක තමයි දෙවියන්වහන්සේගේ සත්‍යය සහ යථාර්ථය අල්ලගන්න තියෙන එකම මාර්ගය. දෙවියන්වහන්සේ ඉස්සරහා ඔබම වෙලා ඉන්න. ඔබව අසරණ කරපු ඒ ප්‍රශ්නම උන්වහන්සේට කියන්න. ඒත් ඔබට ඔබම ඇති කියලා හිතනකම්, දෙවියන්වහන්සේගෙන් කිසිම දෙයක් ඉල්ලන්න ඕනේ වෙන්නේ නෑ.
“යාච්ඤාවෙන් දේවල් වෙනස් වෙනවා” කියනවට වඩා සත්‍යයට ළං වෙන්නේ, “යාච්ඤාවෙන් මාව වෙනස් වෙනවා. ඊට පස්සේ මම දේවල් වෙනස් කරනවා” කියන එකයි. මුදවාගැනීමේ පදනම මත, යාච්ඤාවෙන් කෙනෙක් දේවල් දකින විදිහ වෙනස් වෙන්න ඕනේ කියලා දෙවියන්වහන්සේ දේවල් පිහිටුවලා තියෙනවා. යාච්ඤාව කියන්නේ පිටතින් දේවල් වෙනස් කරන එක නෙමෙයි. ඒක කෙනෙක්ගේ ඇතුළාන්ත ස්වභාවය තුළ ආශ්චර්යයන් කරන එකයි.
ගීතාවලිය 123-125; 1 කොරින්ති 10:1-18
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
දෙවියන්වහන්සේට භය වෙන එකේ පුදුම දේ තමයි, ඔබ දෙවියන්වහන්සේට භය වෙනකොට අනිත් කිසිම දේකට භය වෙන්නේ නෑ. ඒත් ඔබ දෙවියන්වහන්සේට භය වෙන්නේ නැත්නම්, හැම දේටම භය වෙනවා. “ස්වාමීන්වහන්සේට භය වන හැමෝම භාග්‍යවන්තයෝය”;… උතුම්ම යහපත—වන්දනාකරුවාගේ ගීත පොත, 537 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.