“තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේය. එලිෂා ඒ දැක: ඉශ්රායෙල්ට රථ සහ අසරුවන් වැනිවූ මාගේ පියාණෙනි, මාගේ පියාණෙනියි කීවේය. ඔහු තවත් ඔහු නුදුටුවේය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා,”
මේ අත්දැකීම අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ
දෙවියන්වහන්සේ ඔබේ “එලියා”ව ඔබට දීලා තියෙන තාක් කල්, ඔහු මත රඳා පවතින එක වැරදි නෑ. හැබැයි මතක තියාගන්න, එයා යන්න ඕනේ කාලයත් එනවා. එතකොට එයා තවදුරටත් ඔබේ මඟපෙන්වන්නා හෝ නායකයා වෙන්නේ නෑ. මොකද උන්වහන්සේගේ අරමුණ එයා මෙතැනම තියාගන්න එක නෙමෙයි. ඒ ගැන හිතද්දිම, “මගේ ‘එලියා’ නැතුව මට ඉදිරියට යන්න බෑ” කියලා ඔබට කියවෙන්න පුළුවන්. ඒත් දෙවියන්වහන්සේ කියන්නේ, ඔබ ඉදිරියටම යන්න ඕනේ කියලයි.
ඔබේ “යොර්දාන” අසල තනිවම (2 රාජාවලිය 2:14). යොර්දාන් ගඟෙන් සංකේතවත් කරන්නේ, වෙන කාත් එක්කවත් සහභාගිකමක් නැති, ඒ වගේම ඔබේ වගකීම වෙන කාටවත් බාර දෙන්න බැරි වෙන්වීමක්. ඔබ එලියා එක්ක ඉන්නකොට ඉගෙනගත්ත දේ දැන් තනියම පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඔබ එලියා එක්ක යොර්දානට නැවත නැවතම ගිහින් තියෙනවා. ඒත් දැන් ඔබ ඒකට තනියම මුහුණ දෙන්න ඉන්නවා. “මට යන්න බෑ” කියලා කියන එකෙන් වැඩක් නෑ නේ. ඒ අත්දැකීම මෙතැන තියෙනවා. ඒ නිසා යන්නම වෙනවා. දෙවියන්වහන්සේ ඔබේ ඇදහිල්ලෙන් ඔබ විශ්වාස කරන උන්වහන්සේමද කියලා ඇත්තටම දැනගන්න ඕනේ නම්, ඔබේ “යොර්දාන” තනිවම පහු කරන්න.
ඔබේ “යෙරිකෝව” අසල තනිවම (2 රාජාවලිය 2:15). යෙරිකෝව කියන්නේ ඔබේ එලියා ලොකු දේවල් කරපු තැන. හැබැයි ඔබ තනියම ඔබේ යෙරිකෝවට ආවම, මුල් පියවර දාලා දෙවියන්වහන්සේව විශ්වාස කරන්න ඔබට ලොකු පසුබැසීමක් දැනෙනවා. ඒ වෙනුවට වෙන කවුරුහරි ඒක කරලා දෙනවා නම් හොඳයි කියලා ඔබට හිතෙනවා. නමුත් ඔබ එලියා එක්ක ඉන්නකොට ඉගෙනගත්ත දේට විශ්වාසවන්තව හිටියොත්, එලිෂාට වගේම දෙවියන්වහන්සේ ඔබ සමඟ ඉන්නවා කියන ලකුණක් ඔබටත් ලැබෙනවා.
ඔබේ “බෙතෙල්” අසල තනිවම (2 රාජාවලිය 2:23). ඔබේ “බෙතෙල්” තැනට ආවම ඔබට කරන්න දෙයක් නැති තැනටම පත් වෙයි. හැබැයි ඒක තමයි දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ආරම්භ වෙන්නේ. කරන්න දෙයක් නැති වගේ දැනිලා බය වෙන්න හරි කලබල වෙන්න හරි හිතෙනකොට — එහෙම වෙන්න එපා! දෙවියන්වහන්සේට විශ්වාසවන්තව ඉන්න. එතකොට උන්වහන්සේගේ සත්‍යය ඔබේ ජීවිතය නමස්කාරයක් වෙන විදිහට එළියට ගේනවා. ඔබ එලියා එක්ක ඉන්නකොට ඉගෙනගත්ත දේ දැන් ක්‍රියාත්මක කරන්න — ඔහුගේ සළුව පාවිච්චි කරලා යාච්ඤා කරන්න (2 රාජාවලිය 2:13-14 බලන්න). දෙවියන්වහන්සේව විශ්වාස කරන්න තීරණයක් ගන්න. එලියාව තවදුරටත් හොයන්නවත් එපා.
ගීතාවලිය 81-83; රෝම 11:19-36
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාවන්ත වදන්
“මනුෂ්‍යයෙකුට තම ඇදහිල්ල මිටියාවතේදී ඔප්පු කරන්න බැරි නම්, ඒක කිසිම වටිනාකමක් නෑ.” — උන්වහන්සේගේ හස්තයේ සෙවණ, 1200 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.