“ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මනුෂ්‍යයෙක්: ඔබවහන්සේ යන කොතැනට නුමුත් මමත් ඔබ අනුව එන්නෙමියි කීවේය.”
අත්හැරීමේ “යාම” – ඔස්වල්ඩ් චේම්බර්ස්
අපේ ස්වාමීන්වහන්සේ මේ මනුෂ්‍යයා කෙරෙහි දැක්වූ ආකල්පය දැඩි ලෙස අධෛර්යමත් කරවන එකක්. මොකද “මනුෂ්‍යයා තුළ තිබුණේ කුමක්ද කියා උන්වහන්සේ දැන සිටි නිසා” (යොහන් 2:25). අපි නම් සමහරවිට මෙහෙම කියන්න තිබුණා: “ඒ මනුෂ්‍යයා දිනාගන්න තිබුණු අවස්ථාව උන්වහන්සේ නැති කරගත්තේ ඇයි කියලා මට හිතාගන්නවත් බෑ! උන්වහන්සේ එයාට මෙච්චර සීතල වෙලා, එච්චර අධෛර්යමත් කරලා හරවා යැව්ව එක හිතාගන්නකෝ!” කවදාවත් ඔබේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් නිදහසට කරුණු කියන්න යන්න එපා. ස්වාමීන්වහන්සේගේ වචන අපිට රිදවනවා, සිත් රිදවනවා. ඒක සිද්ධ වෙන්නේ තවත් රිදෙන්න හෝ සිත් රිදෙන්න දෙයක් ඉතිරි නොවෙන තෙක්මයි. දෙවියන්වහන්සේට කරන සේවයේදී මනුෂ්‍යයෙකු විනාශයට ගෙන යන කිසිම දේකට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ කිසිම මෘදුකමක් තිබුණේ නැහැ. අපේ ස්වාමීන්වහන්සේ දුන් පිළිතුරු කිසිම හිතුමනාපයකින් හෝ හදිසි අදහසකින් පදනම් වුණේ නැහැ. ඒවා “මනුෂ්‍යයා තුළ තිබුණේ මොනවාද” කියන දැනුම මතයි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබේ මතකයට ඔබව රිදවන ස්වාමීන්වහන්සේගේ වචනයක් ගේනවා නම්, ඔබට ඒකෙන් තේරෙන්න ඕනේ, ඔබේ ඇතුළේ තියෙන යම් දෙයක් උන්වහන්සේ මරණය දක්වාම රිදවන්න ඕනේ කියලා.
ලූක් 9:58. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීම ප්‍රසන්න දෙයක් කියන තර්කය මේ වචනවලින් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. වගේම උන්වහන්සේ මගෙන් ඉල්ලන දැඩි ප්රතික්ෂේපය නිසා, මගේ ජීවිතයේ ඉතිරි වෙන්න පුළුවන් වෙන්නේ මගේ ස්වාමීන්වහන්සේ, මම, සහ අසරණ බලාපොරොත්තුවක හැඟීමක් විතරයි. අනිත් හැමෝම එන්නත් යන්නත් ඉඩ දෙන්න ඕනේ කියලාත්, මම මෙහෙයවෙන්න ඕනේ උන්වහන්සේ සමඟ මට තියෙන සම්බන්ධතාවයෙන් විතරක් කියලාත් උන්වහන්සේ පවසනවා. උන්වහන්සේ කියනවා, “…මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබාගන්න තැනක් නැහැ” කියලා.
ලූක් 9:59. මේ මනුෂ්‍යයාට යේසුස්වහන්සේව කනගාටුවට පත් කරන්න ඕනේ වුණේ නැහැ. තමන්ගේ පියාට ගරු නොකිරීමක් පෙන්නන්නත් ඔහුට ඕනේ වුණේ නැහැ. අපි අපේ ඥාතීන්ට දක්වන පක්ෂපාතීත්වය යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දක්වන පක්ෂපාතීත්වයට ඉස්සරහින් තියලා, උන්වහන්සේව අවසාන තැනට තල්ලු කරනවා. ඔබේ පක්ෂපාතීත්වයන් අතර ගැටුමක් ඇති වුණාම, කොයි තරම් වියදමක් වුණත් හැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරු වෙන්න.
ලූක් 9:61. “ස්වාමීනි, මම ඔබවහන්සේ පස්සේ එන්නම්, හැබැයි…” කියලා කියන කෙනා, යන්න ගොඩක් ලෑස්ති වුණත් කවදාවත් යන්නේ නැති කෙනා. මේ මනුෂ්‍යයාට යන්න ගැන පසුබැසීම් තිබුණා. යේසුස්වහන්සේගේ දැඩි කැඳවීමේදී සමුගැනීම්වලට ඉඩක් නැහැ. අපි නිතරම භාවිත කරන සමුගැනීම් කියන්නේ අපිව කැඳවීමෙන් වෙනතකට හරවන නිසා, ඒවා ක්‍රිස්තියානි දේවල් නෙමෙයි; අන්‍යජාතික දේවල්. දෙවියන්වහන්සේගේ කැඳවීම ඔබට ආවට පස්සේ, යන්න පටන්ගන්න. කවදාවත් නතර වෙන්න එපා.
යෙසායා 3-4; ගලාති 6
ඔස්වල්ඩ්ගෙන් ප්‍රඥාව
ඇදහිල්ල වෙනුවෙන් පෙනී සිටින අය ස්වාමීන්වහන්සේගේ ආලෝකයේ ගමන් කරන්න ඉගෙනගන්න තෙක්ම තිත්තකමට යොමුවෙන්න පුළුවන්. ඔබ ස්වාමීන්වහන්සේගේ ආලෝකයේ ගමන් කරන්න ඉගෙනගත්තාම තිත්තකමත් ආරවුලුත් ඇතිවෙන්න කිසිම ඉඩක් නැහැ.
බයිබලානුකූල මනෝවිද්‍යාව
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.