“අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.”
ඔයාම කරගන්න (2)
දැඩි අධිෂ්ඨානයෙන් අනෙකුත් දේවල් හික්මවා ගන්න. මේක ශුද්ධවන්තකමේ තියෙන දැඩි වෙහෙසකර ස්වභාවයේ තවත් අමාරු පැත්තක්. මේ බයිබල් පදයේ මොෆට් (Moffatt) පරිවර්තනයට අනුව පාවුලු තුමා මෙහෙම කියනවා, “…මම හැම සැලැස්මක්ම සිරකරගෙන ක්‍රිස්තුස්වහන්සේට කීකරු කරවන්න ගන්නවා….” අද කාලයේ සිද්ධ වෙන ගොඩක් කිතුනු සේවාවන් කවදාවත් හික්මවලා නැහැ. ඒවා නිකම්ම හදිසි පෙලඹවීම් නිසා පටන් ගත්ත ඒවා තමයි! අපේ ස්වාමීන්වහන්සේගේ ජීවිතයේ හැම සැලැස්මක්ම උන්වහන්සේගේ පියාණන්වහන්සේගේ කැමැත්තට හික්මවා තිබුණා. පියාණන්වහන්සේගේ කැමැත්තෙන් වෙන්ව උන්වහන්සේගේම කැමැත්තේ පෙලඹවීම් පිටුපස යන්න උන්වහන්සේ තුළ පොඩිවත් නැඹුරුවක් තිබුණේ නැහැ — “පුත්‍රයාණන්ට තමන්ගෙන්ම කිසිවක් කරන්න බැහැ…” (යොහන් 5:19). දැන් ඒක අපි කරන දේත් එක්ක සසඳලා බලන්න — ක්‍රිස්තුස්වහන්සේට කීකරු වෙන්න අපවම සිරකරගෙන හික්මවා ගන්නවා වෙනුවට, අපිට හදිසියේ එන හැම “සිතුවිල්ලක්ම” හරි සැලැස්මක්ම අරගෙන එකපාරටම ක්‍රියාත්මක වෙන්න පනිනවා.
අද කාලේ කිතුනුවන් කරන ප්‍රායෝගික වැඩකටයුතුවලට ඕනෑවට වඩා තැන දෙනවා. ඒ වගේම, “සෑම සිතුවිල්ලක්ම [සහ සැලැස්මක්ම] යටත් කරගන්නා” ශුද්ධවන්තයන්ට විවේචන එනවා. ඔවුන්ට කියනවා, ඔවුන් අධිෂ්ඨානශීලී නැහැ කියලා. දෙවියන්වහන්සේ වෙනුවෙන්වත්, අනිත් අයගේ ආත්මයන් වෙනුවෙන්වත් ඔවුන් තුළ උද්යෝගයක් නැහැ කියලත් දොස් කියනවා. නමුත් සැබෑ අධිෂ්ඨානය සහ උද්යෝගය තියෙන්නේ දෙවියන්වහන්සේට කීකරු වීම තුළයි. ඒක අපේම හික්මවීම නැති මනුෂ්‍ය ස්වභාවයෙන් එන උන්වහන්සේට සේවය කරන්න තියෙන පෙලඹීමෙන් නෙමෙයි. මේක හිතාගන්නත් අමාරුයි, ඒත් ඇත්ත තමයි: ශුද්ධවන්තයන් “හැම සිතුවිල්ලක්ම [සහ සැලැස්මක්ම] යටත් කරගන්නේ” නැතුව, තමන්ගේම මනුෂ්‍ය ස්වභාවයෙන් පෙලඹිලා, දැඩි අධිෂ්ඨානයෙන් යුත් හික්මවීමකින් ආත්මික තත්ත්වයට පත් කරලා නැති වැඩ දෙවියන්වහන්සේ වෙනුවෙන් නිකම්ම කරගෙන යනවා.
අපි නිතරම අමතක කරන එක දෙයක් තියෙනවා. කෙනෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කැපවෙන්නේ ගැළවීම ලබන්න විතරක් නෙමෙයි. දෙවියන්වහන්සේ, ලෝකය, පාපය සහ යක්ෂයා ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට තිබුණ දැක්මටත් අපි කැපවෙන්න, වගකීම දරන්න, වග කියන්න බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ, තමන්ගේ “මනස අලුත් කරගෙන වෙනස් වෙන්න…” (රෝම 12:2) තියෙන වගකීම හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ කියන එකයි.
හිතෝපදේශ 6-7; 2 කොරින්ති 2
ඔස්වල්ඩ්ගෙන් ලැබෙන ප්‍රඥාව
ඇදහිල්ල තමන්ව කොහෙටද අරන් යන්නේ කියලා කවදාවත් දන්නේ නැහැ. ඒත් තමන්ව මඟපෙන්වන තැනැත්තාව එය ආදරෙන් හඳුනනවා, උන්වහන්සේට ප්‍රේම කරනවා. මගේ උපරිමය උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන්, මාර්තු 19, 761 L
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.