“එවිට ඔහු කැබෙල්ල ගෙන එකෙණෙහිම පිටතට ගියේය. රාත්රියද විය.”
ආලෝකය තෝරා ගැනීම – ඒ. ඩබ්ලිව්. ටෝසර්
අපේ මනස සන්සුන්ව තබා ගැනීමට නම්, දෙවියන්වහන්සේව මේ ලෝකයෙන් ඉවත් කර දාන්න උත්සාහ කරන බොහෝ දෙනා වගේ නොවී, අපි උන්වහන්සේව මේ ලෝකය තුළම දකින්න පුරුදු වෙන්න ඕනේ. ඇදහිල්ලෙන් උන්වහන්සේ තමන්ගේ ලෝකය තුළ සිටිනවා වගේම, උන්වහන්සේව අපේ ජීවිත තුළත් සිටින්න ඉඩ දෙමු. දෙවියන්වහන්සේ සිටින බවත්, උන්වහන්සේ ස්වර්ගයෙහි පරමාධිපති බවත් කියන අදහස මනුෂ්‍ය සදාචාරයේ මූලික පදනම තමයි. මනුෂ්‍ය ගරුත්වය පිළිබඳ අපේ දැක්මත් මේකට සම්බන්ධයි. ගරුත්වය කියන්නේ යෝග්‍ය හෝ උචිත වන ගුණාංගයයි. මිනිසෙකුගේ ගරුත්වය රඳා පවතින්නේ දෙවියන්වහන්සේ පිළිබඳ නිවැරදි සහ සෞඛ්‍ය සම්පන්න අවබෝධයක් මතයි. දෙවියන්වහන්සේ නැහැ කියන මතයේ ඉන්න අයට මනුෂ්‍ය ස්වභාවය ගැන නිවැරදි සහ උචිත දැක්මක් තියෙන්නම බැහැ. දෙවියන්වහන්සේගේ එළිදරව්වෙත් ඒක පැහැදිලිව පේනවා. අපි දෙවියන්වහන්සේගෙන් ආව බවත්, ආයෙමත් උන්වහන්සේ වෙතටම යන බවත් පිළිගන්නකම්, මනුෂ්‍ය ස්වභාවය ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙන පිරිමියෙක්වත් ස්ත්‍රියක්වත් කොහේවත් නැහැ.
සිතුවිල්ල
දෙවියන්වහන්සේ මවා ඇති ජීවීන් විදිහට, ඇදහිල්ලෙන් උන්වහන්සේට අපිවම විවෘත කරගන්න තියෙන තීරණය දෙවියන්වහන්සේ අපට දීලා තියෙනවා. එහෙම කරන එකෙන් මනසට, හදවතට, දෛනික ජීවිතයට ආලෝකය අත්වෙනවා. උන්වහන්සේව ඉවත් කරලා, ජනෙල් වහලා දාලා, උන්වහන්සේ නැතිවා වගේ ජීවත් වෙන තේරීමත් තියෙනවා. එහෙම ජීවත් වෙන එක කියන්නේ දැන්වත් සදහටවත් අඳුරේ ඉන්න එක තමයි.
යාච්ඤාව
ස්වාමීනි, මම මාවම ඔබවහන්සේගේ ආලෝකයට විවෘත කරනවා. ගරුත්වය පිළිබඳ මගේ දැක්ම සකස් කරන්න. ඔබවහන්සේගේ ආලෝකය තුළ ජීවත් වෙන්න මට ඕනේ.
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.