“උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: බලව, අපි යෙරුසලමට යමුව, මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණවන්නේය.”
දෙවියන් වහන්සේගේ නිර්භීත මිත්‍රත්වය
අපව විශ්වාස කරන්න දෙවියන්වහන්සේට තියෙන නිර්භීතකම කොච්චරද! ඔබ මෙහෙම හිතනවා ඇති, “දෙවියන්වහන්සේ මාව තෝරාගත්තේ අඥාන විදිහට නේද? මොකද මගේ කිසිම හොඳක් නැහැ, මට කිසිම වටිනාකමක් නැහැ.” ඇත්තටම උන්වහන්සේ ඔබව තෝරාගත්තේ ඒ නිසයි. ඔබ තුළ යම් වටිනාකමක් තියෙනවා කියලා ඔබ හිතන තාක්කල් උන්වහන්සේට ඔබව තෝරාගන්න බැහැ, මොකද එතකොට ඔබ ඉටු කරන්නේ ඔබේම අරමුණු. ඒත් ඔබේම ශක්තියෙන් වැඩක් නැති තැනටම යන්න උන්වහන්සේට ඉඩ දුන්නොත්, උන්වහන්සේට ඔබව තමන් එක්ක “යෙරුසලමට” (ලූක් 18:31) යන්න තෝරාගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ, ඔබත් එක්ක සාකච්ඡා නොකරන උන්වහන්සේගේම අරමුණු ඉෂ්ට වෙන එකයි.
කෙනෙක්ට ස්වභාවික හැකියාවන් තියෙන නිසා එයා හොඳ කිතුනුවෙක් වෙයි කියලා අපි නිතරම හිතනවා. ඒත් මේක අපේ තියෙන දේවල් ගැන නෙමෙයි, අපේ නැතිකම ගැනයි. අපි අරගෙන එන දේ ගැන නෙමෙයි, දෙවියන්වහන්සේ අපේ ඇතුළට දාන දේ ගැනයි. ස්වභාවික ගුණ, චරිත ශක්තිය, දැනුම හෝ අත්දැකීම්—මෙතැනදී ඒ කිසිවක් වැඩක් නැහැ. වටිනා එකම දේ තමයි දෙවියන්වහන්සේගේ බලවත් අරමුණට ඇතුළත් වෙලා උන්වහන්සේගේ මිතුරන් වෙන එක (1 කොරින්ති 1:26-31 බලන්න). දෙවියන්වහන්සේ මිත්‍රකම් පවත්වන්නේ තමන්ගේ අසරණකම දන්න අය එක්කයි. තමන් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවත් කෙනෙක් කියලා හිතන කෙනා ලවා උන්වහන්සේට කිසිම දෙයක් කරගන්න බැහැ. කිතුනුවන් විදිහට අපි මෙතැන ඉන්නේ අපේම අරමුණක් වෙනුවෙන් නෙමෙයි, දෙවියන්වහන්සේගේ අරමුණ වෙනුවෙන්. ඒ දෙකම එකක් නෙමෙයි. දෙවියන්වහන්සේගේ බලවත් අරමුණ මොකක්ද කියලා අපි හරියටම නොදැන හිටියත්, මොන දේ වුණත් අපි උන්වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න ඕනේ. කිසිම දේකට උන්වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවයට හානි කරන්න ඉඩ දෙන්න එපා. හැබැයි මොනවා හරි වෙලා ඒකට හානියක් වුණොත්, ආයෙත් ඒක හරිගස්සගන්න අපි කාලය දාන්න ඕනේ. කිතුනු ජීවිතයේ වැදගත්ම දේ අපි කරන වැඩ නෙමෙයි, අපි පවත්වන ඒ සම්බන්ධතාවය සහ ඒකෙන් හැදෙන බලපෑම සහ ගුණාංගයි. දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේට විතරයි. හැබැයි නිතරම ප්‍රහාර එල්ල වෙන්නේත් ඒ එකම දේට තමයි.
ගීතාවලිය 66-67; රෝම 7
ඔස්වල්ඩ්ගෙන් ලැබෙන ප්‍රඥාව
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගේම අයිතිය කියලා මම අල්ලගෙන ඉන්න දේට කිසිම ඉඩක් දෙන්නේ නැහැ. අපේ ස්වාමීන්වහන්සේගේ ගෝලකම ගැන තියෙන සියලුම ඉගැන්වීම්වල අත්‍යවශ්‍යම දේ තමයි අත්හැරීම. ඒකේ ගණන් හිලව් නැහැ. තමන්ගේ වාසිය ගැන හිතන එකකුත් නැහැ.
ඇත්තටම ගෝලයන් වෙන්න
Join the Community Conversation
Please login to share your thoughts, comments, and replies.